තමන් මූල්‍ය අරමුදලේ ගිවිසුමේ පිටු 251ම කියවූ බවත්, එහි අඩංගු කොන්දේසි ඉටු කිරීම ඉතා අසීරු බවත් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙම ගිවිසුම හරහා රට පාලනය වන්නේ මෙරටින් නොව වොෂින්ටනයෙන් බවයි.
නමුත් කෙතරම් අසීරු වුවද මෙම කොන්දේසි දැන් වෙනස් කළ නොහැකි බවද ඒ මහතා කියා සිටියේය.










