• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාභය බඩගින්නේම සිංගප්පූරු ගිහින්: ගුවන් යානයේදී අපූරු වැඩක් ‌වෙලා (රාජ්‍ය රහස්)

February 1, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
ගෝඨාභය බඩගින්නේම සිංගප්පූරු ගිහින්: ගුවන් යානයේදී අපූරු වැඩක් ‌වෙලා (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා වශයෙන් කටයුතු කළ තරන්ජින් සිං සන්දු මහතා සිය නිල කාලය නිමා කර ඉන්දියාව බලා පිටත්ව යෑමට කටයුතු කළේ පසුගිය සතියේය. ඒ වෙනුවෙන් කොළඹ පිහිටි ‘ඉන්දියා හවුස්’හිදී මෙරට දේශපාලනඥයන් හා ප්‍රභූ පුද්ගලයන් වෙනුවෙන් රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්වීමට හිටපු මහකොමසාරිස්වරයා කටයුතු කර තිබිණි. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ පක්‍ෂ – විපක්‍ෂ භේදයකින් තොරව දේශපාලන ක්‍ෂේත්‍රයේ විශාල පිරිසක් ඊට සහභාගි වී සිටීමය. ඒ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, අගමැති මහින්ද රාජපක්‍ෂ, හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, ශිරන්ති රාජපක්‍ෂ මහත්මියද සිටියහ. මේ සියලු දෙනා අතර කුමන දේශපාලන මතිමතාන්තර තිබුණද මෙම රාත්‍රි භෝජන සංග්‍රහයේදී ඒ සියලු දෙනාම සිනාසෙමින්, එකිනෙකා සමඟ ඉතාම සුහදශීලී ආකාරයට කතාබස් කරමින් සිටිනු දැකගත හැකි විය.
කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ පැමිණ සිටි සියලු දෙනාම සකස් කර තිබූ ආහාරපානාදිය භුක්ති විඳිද්දී ගෝඨාභය පමණක් වතුර වීදුරුවක් හෝ නොබී සිටීමය. ගෝඨාභය නිර්මාංශ අයකු වීම නිසා නිර්මාංශ ආහාර රැසක්ම භෝජන සංග්‍රහයට ගෙනැවිත් තිබුණද ගෝඨාභය ඒ පැත්තටවත් නොපැමිණීම කාටත් විශාල ප්‍රශ්නයක් විය. ඒ අනුව කිහිප දෙනකුම ගෝඨාභයට කෑමට ආරාධනා කළ විට ඒ ආරාධනාව කාරුණිකව ප්‍රතික්‍ෂේප කළ ගෝඨාභය ඊට හේතුව පිරිසට පැහැදිලි කිරීමටද කටයුතු කළේය. එහිදී ගෝඨාභය කියා සිටියේ තමන් අද රාත්‍රියේම වෛද්‍ය පරීක්‍ෂණ කිහිපයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යන බවත්, එහිදී සිදුකරන පරීක්ෂණවලට සහාය දැක්වීම සඳහා මෙහි සිටම නිරාහාරව යන බවත්ය. එවිට සිංගප්පූරුවට ගිය සැණින්ම තමන්ට ‌වෛද්‍ය පරීක්‍ෂණවලට පෙනී සිට අනෙක් පැත්තට නැවැත ලංකාවට පැමිණිය හැකි බවද ගෝඨා මෙහිදී පිරිසට පැහැදිලි කර සිටියේය.
ඒ අනුව ‘ඉන්දියා හවුස්’හි සිට කෙළින්ම ගෝඨාභය ගියේ කටුනායක ගුවන් තොටුපොළටය. වෙනදා සිටි ජනාධිපතිවරුන් නම් පෞද්ගලික සංචාරයක් සඳහා විදෙස්ගත වීමේදී රොත්ත, බුරුත්ත පිටින් ආණ්ඩුවේ මුදලින් ගියද ගෝඨාභය ඊට හාත්පසින්ම වෙනස්ව කටයුතු කරනු මෙහිදී දැකගත හැකි විය. ඒ අනුව ගෝඨාභය සමඟ සිංගප්පූරු ගමනට එක්ව සිටියේ තව දෙදෙනකු පමණි. ඒ, ජනපති බිරිය වූ අනෝමා රාජපක්‍ෂත්, තවත් එක් ආරක්‍ෂක නිලධාරියකුත් පමණක්ය. අනෙක් අතට මෙම ගමනට යන සම්පූර්ණ වියදම ගෝඨාභය සිය පෞද්ගලික මුදලින්ම පියවනු ලැබිණි.
ඒ අනුව කටුනායකට ගිය ගෝඨාභය ගොඩ වූයේ සිංගප්පූරුව බලා යන එම රටට අයත් ගුවන් යානයකටය. එහිදී මේ තිදෙනාටම වෙන් කරගෙන තිබුණේ සාමාන්‍ය පන්තියේ ප්‍රවේශපත්‍රය. නැතහොත් ‘ඉකොනොමි ක්ලාස්’ ප්‍රවේශ පත්‍රය. කෙසේ වෙතත් සිංගප්පූරු ගුවන් සේවයේ නිලධාරීන් මෙහිදී ඊට එකඟතාව පළ නොකිරීම විශේෂ සිදුවීමක් විය. ඔවුන් ගෝඨාභයට පෙන්වා දුන්නේ තම ගුවන් සේවයට අයත් යානාවක රටක ජනාධිපතිවරයකු ගමන් කරනවා නම් ඔහුට හෝ ඇයට ව්‍යාපාරික පන්තියේ ආසන ලබා දියයුතු බවට නීතියක් තම ගුවන් සේවය තුළ පවතිනවා යැයි කියාය. ඒ වන විටත් යානයේ ව්‍යාපාරික පන්තියේ ආසන කිහිපයක්ම හිස්ව තිබූ බැවින් ගුවන් සේවා බලධාරීන් කළේ වහාම ජනාධිපතිවරයාවත්, බිරියවත් ව්‍යාපාරික පන්තිය වෙත රැගෙන යෑමට කටයුතු කිරීමය.
කෙසේ වෙතත් සිංගප්පූරුවට ගොඩබට වහා ජනාධිපතිවරයාව පිළිගැනීමට පැමිණ තිබුණේ ජනාධිපතිවරයාගේ එක් සහෝදරියකගේ දරුවන් දෙදෙනාය. ඒ අනුව ජනාධිපතිවරයා සිය වෛද්‍ය පරීක්‍ෂණ සඳහා රෝහල බලා පිටත්ව ගියේත් සිය සහෝදරියන්ගේ දරුවන් දෙදෙනා සමඟය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

මහින්ද්‍රා සහ අයිඩියල් මෝටර්ස් KUV100 NXT මෝටර් රථය හඳුන්වාදෙයි

Next Post

ක්‍රිස්බ්‍රෝ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබයි

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

හබරණ, අලුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක තිබෙන බව කියන මැණික් නිධානයක් ගොඩගැනීම සඳහා අනවසරයෙන් කැණීම් කරමින් සිටි හිටපු අමාත්‍ය එම්.කේ.ඩී....

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.