• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිරේ ඇතුළෙ ඉදන් රන්ජන් කතා කරයි: කියපු කතා ටික ‌මෙන්න

February 1, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
හිරේ ඇතුළෙ ඉදන් රන්ජන් කතා කරයි: කියපු කතා ටික ‌මෙන්න
Share on WhatsAppShare on Facebook

අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන පෙබරවාරි 12 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා පසුගිය 29 වැනිදා නියෝග කළේය. එලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ආ අවස්ථාවේ රාමනායක මහතා මාධ්‍ය ඉදිරියේ ආවේගාත්මක අදහස් කිහිපයක්ද පළ කළේය. දින කිහිපයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියද රාමනායක මහතාගේ ශරීරයේ හෝ හැසිරීමේ කිසිම වෙනස්කමක් දක්නට නොලැබීම විශේෂත්වයක් විය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් ටාටා බස් රථයේ දැල් කම්බි අතරින් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රාමනායක මහතා ප්‍රකාශ කර සිටියේ රජය හොරු ඇල්ලීම පසෙකලා තමාගේ හඬ පට අසමින් සිටින බවය.
මේ අතර එදින අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ රාමනායක මහතා විත්ති කූඩුවේ සිට අදහස් පළ කළ බවද මාධ්‍ය ඔස්සේ පළ විය. තමාට විනිසුරුවරුන් ඇමතුම් ලබා දුන්නා මිස තමා කිසිම දිනෙක විනිසුරුවරුන් වෙත ඇමතුම් ලබා නොදුන් බව රන්ජන් රාමනායක මහතා එහිදී ප්‍රකාශ කළ බව වාර්තා වූ අතර තමාට ඇප ලබා දෙන්නේ නම් නීතිපති දෙපාර්තමේන්තුවට ගොස් නැවතී සිටීමට පවා තමන් සූදානම් බවද ප්‍රකාශ කර ඇත.
මේ සියලු කාරණා ඔස්සේ පෙනී යන්නේ සිරගත කිරීමට පෙර සිටි රන්ජන් තවමත් බිඳකින් හෝ වෙනස් වී නොමැති බවය. ඔහුගේ පෞරුෂය මෙන්ම පෙනුමද ඒ ආකාරයෙන්ම රැක ගැනීමට රන්ජන් තවමත් සමත් වී ඇති බවය. ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් සිර ගත කළ පසු ලෙඩ වන බවට මතයක් රටේ ජනතාව තුළ ගොඩ නැඟී ඇත්තේ මීට බොහෝ කලකට පෙර සිටය. දේශපාලනඥයන් පමණක් නොව ප්‍රධාන පෙළේ තනතුරු හෙබවූ රාජ්‍ය නිලධාරීන් බොහෝ දෙනකුද රක්ෂිත බන්ධනාගාර ගත කළ පසු හදිසියේ ලෙඩ වූ ආකාරය පසුගිය වසර කිහිපය පුරාම දක්නට ලැබුණු සාමාන්‍ය සිදුවීමක් විය. එමෙන්ම ඒ කිසිවකු රක්ෂිත බන්ධනාගාර ගත කළ පසු මෙලෙස රන්ජන් මෙන් නිර්භීතව කතා බහ කළ බවක්ද අපේ මතකයේ නැත. අපේ මතකයට නැඟෙන්නේ මාධ්‍ය ඉදිරියේ මුහුණ හංගා ගත් සහ මාධ්‍ය මඟහරිමින් පලා යෑමට උත්සාහ දරනා මහජන නියෝජිතයන්ය.
බන්ධනාගාරය තුළ රන්ජන් ගත කරන ජීවිතය විමසා බැලීමේදී පැහැදිලිව පෙනී යන්නේ රන්ජන් බන්ධනාගාරය තුළදී කිසිදු සුවිශේෂී වරප්‍රසාදයක් භුක්ති නොවිඳින බවය. එය හොඳින් පෙනී යන එක් අවස්ථාවක් වන්නේ රන්ජන් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන එන අවස්ථාවේදීය. වරප්‍රසාද සහිත පුද්ගලයන් බන්ධනාගාරයෙන් පිටතට ගෙන ඒම සඳහා යොදා ගන්නා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතු ඩුවෙල් ඒ. සී. වෑන් රථය, රන්ජන් රැගෙන ඒම සඳහා කිසිම අවස්ථාවක භාවිත කෙරුණේ නැත. රන්ජන් රාමනායක බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ආ සෑම අවස්ථාවකදීම යොදා ගෙන තිබුණේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතු සාමාන්‍ය සිරකරුවන් ප්‍රවාහනයට යොදා ගන්නා නිල් පැහැති ටාටා බස් රථයන්ය.
කිසියම් වරදකට රක්ෂිත බන්ධනාගාර ගත වූවකු බන්ධනාගාරය තුළ ගත කරන්නේ ඔහු ඊට පෙර ගත කළ ජීවිතයට වඩා මුළුමනින්ම වෙනස් ජීවිතයකි. අධිකරණමය කටයුතු සඳහා මැදිහත් වීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාටද එය එකසේ අදාලය. ඒ අනුව රන්ජන් රාමනායක මහතා මේ දිනවල ගත කරන්නේ වැලිකඩ බන්ධනාගාරයේ ඡ මැදිරියේ සිරකරුවකු ගත කරන ජීවිතයය. ලංකාවේ ජනප්‍රියම නළුවා ලෙස වසර ගණනාවක් සම්මාන දිනාගත් පුද්ගලයකු පමණක් නොව රත්නපුරය සහ ගම්පහ දිස්ත්‍රික්කයන්ගෙන් ලක්ෂ සංඛ්‍යාත මනාප ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයකුද වන රන්ජන් රාමනායක මහතා මේ දිනවල රාත්‍රිය ගත කරන්නේ කිසිදු මෙට්ටයක්, ඇඳ ඇතිරිල්ලක්, කොට්ටයක් හෝ වෙනත් කිසිවක් නොමැති සිමෙන්ති පොළොවේය. එහෙත් ඒ පොළොවේදීත් ඔහුට නින්ද හොඳින් නොයන බවක් නම් පෙනෙන්නට නැත. ඔහුගේ ශරීර සෞඛ්‍යය බිඳකින් හෝ බිඳ වැටී නැත්තේ ඒ නිසාය.
සිර කුටි කිහිපයකින් යුතු මැදිරියේ රන්ජන් සමඟ තවත් සැකකරුවන් තිදෙනකු සිටින නමුත් එකිනෙකා හා කතා බහ කිරීමට හෝ නොහැකි ලෙසින් තනි තනි වශයෙන් ඒ සිරකුටි වෙන් කර ඇත. වැසිකිළි සහ කැසිකිළි පහසුකම් සලසා ඇත්තේද ඒ මැදිරිය තුළමය. උදෑසන 6ට අවදි වෙන රන්ජන් අනෙක් සිරකරුවන් මෙන්ම උදෑසන ආහාරය ලෙස ලබා ගන්නේ බන්ධනාගාරයෙන් ලබා දෙන සාමාන්‍ය ආහාර වේලය. බොහෝ විට එය අඩංගු වන්නේ බත් සමඟ පරිප්පුය. නැති නම් බත් සමඟ කිරි හොදිය. උදෑසන ආහාරය ලබා ගැනීමෙන් අනතුරුව උදෑසන 9ට සෑම සිරකරුවෙකුම ශාරීරික ව්‍යායාම සඳහා පිටත් විය යුතුය. බන්ධනාගාර නිලධාරීන් පවසන ආකාරයට සිරමැදිරිය තුළ ගත කරන ජීවිතයේ ප්‍රීතිමත්ව අවස්ථාව ලෙස රන්ජන් සලකන්නේ එම කාල සීමාවය. රංගන ශිල්පියකු ලෙසින් වසර ගණනාවක් පුරා රැකගෙන ආ ශාරීරික යෝග්‍යතාව ඒ ආකාරයෙන්ම රැක ගැනීම සඳහා රන්ජන් බන්ධනාගාරය තුළදී ගන්නා වෙහෙසද උපරිමය. ශාරීරික ව්‍යායාම සඳහා වෙන් වී ඇති පැයක කාලය පුරා තමන්ට ආවේණික විවිධ ශෛලීන් අනුගමනය කරමින් වෙහෙසෙන නමුත් ඒ අතරතුර අනෙක් සිරකරුවන් සමඟ තම දැනුම බෙදා ගැනීමටද රන්ජන් කිසිවිටෙකත් නොපැකිළෙන්නේය. ශාරීරික ව්‍යායාම පිළිබඳව රන්ජන්ගෙන් ගුරුහරුකම් ලබා ගැනීම සඳහා මේ දින වල සිරකරුවන් අතර පවතින උනන්දුව අධිකය. උදෑසන 10ට ශාරීරික ව්‍යායාම සඳහා ලබා දුන් කාලය අවසන් වීමෙන් පසු නැවතත් තම සිරමැදිරි සඳහා පිටත්ව යන රන්ජන් ඇතුළු සිරකරුවන්ට දිවා ආහාරය ලබා ගත හැක්කේ දහවල් 12ටය. බන්ධනාගාරයෙන් ලැබෙන ආහාර වලට පිටින් රන්ජන් ලබා ගන්නා එකම ආහාර වේල වන්නේද දිවා ආහාරයය. එය සකස් කෙරෙන්නේ රන්ජන්ගේ නිවෙසෙනි. දිවා ආහාරය සකස් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් රන්ජන් කිසිවක් පවසා නැතත් ඔහුගේ ඉල්ලීම වී ඇත්තේ රාත්‍රියටත් අනුභව කළ හැකි නරක් නොවන එක් දෙයක් හෝ එයට ඇතුළත් කරන ලෙසිනි. ඒ එය රාත්‍රී ආහාරය සමඟ භාවිතයට ගැනීම සඳහාය. බොහෝ විට රන්ජන්ගේ දිවා ආහාරය සඳහා බැදපු කුකුල් මස් හෝ බැදපු මාළු වැනි ආහාරයක් ඇතුළත් වන්නේ ඒ ඉල්ලීම නිසා බව බන්ධනාගාරයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
දිවා ආහාරය ගැනීමෙන් පසු සවස් කාලය ගෙවා දැමීම සඳහා රන්ජන් බොහෝ දුරට සිදු කරන්නේ පොත් කියැවීමය. මේ දිනවල ඔහුගේ දෑතේ රැඳී ඇත්තේ රන්ජන් ප්‍රනාන්දු මහතා විසින් කාලෝ ෆොන්සේකා මහතා පිළිබඳව රචනා කළ පොත් කිහිපයකි. අනතුරුව සවස 5ට සියලුම සිරකරුවන් සඳහා බන්ධනාගාරය වෙතින් ලබා දෙන ආහාර වේල ලබා ගන්නා රන්ජන් එයට අඩුවැඩිය පිරිමසා ගන්නේ දිවා ආහාරයෙන් ඉතිරි කර ගත් නරක් නොවන කොටසෙනි. අනතුරුව අනෙක් සිර මැදිරි මෙන්ම රන්ජන් සිටින සිර මැදිරියද බන්ධනාගාර නිලධාරීන් විසින් අගුළුලන්නේ සවස 6ටය.
රක්ෂිත බන්ධනාගාරය තුළ රන්ජන්ගේ දෛනික දින චර්යාව වෙනස් වන්නේ ඔහු පාර්ලිමේන්තුවට හෝ අධිකරණයට ගෙන යන අවස්ථාවන්හිදී පමණි. පාර්ලිමේන්තුවට සහභාගි වන දිනවලදී බන්ධනාගාර නිලධාරීන් සමඟ සුපුරුදු ටාටා බස්රථයේ නැඟී පාර්ලිමේන්තු පිවිසුම අසලට ගමන් කරන රන්ජන් එතැන් පටන් පාර්ලිමේන්තුව තෙක් ගමන් කරන්නේ පාර්ලිමේන්තු ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේය. නැවතත් පාර්ලිමේන්තු ආරක්ෂාව යටතේ පිවිසුම වෙත ගමන් කිරීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් භාරයට පත් වන රන්ජන් එතැන් පටන් තම සිරමැදිරිය වෙත ගමන් කරන්නේ ටාටා බස් රථයේය.
සාමාන්‍ය සැකකරුවකු මෙන් බන්ධනාගාරය තුළ සියලු කටයුතු සිදු කළද අනෙක් සැකකරුවන්ට වඩා වැඩි ආරක්ෂාවක් රන්ජන් වෙත ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. එහෙත් කිසිදු සිරකරුවකුගෙන් රන්ජන් රාමනායකට කිසිම ආකාරයක තර්ජනයක් වාර්තා වී නොමැති අතර ඔවුන් සියලු දෙනා තුළම රන්ජන් සම්බන්ධව දැඩි ගෞරවයක් ඇති වී තිබෙන අයුරුද දක්නට ඇත. එමෙන්ම ඒ බොහෝ දෙනකු රන්ජන් සම්බන්ධයෙන් කනගාටු වන ආකාරයද පෙනෙන්නට ඇත.
බන්ධනාගාරය තුළ රන්ජන්ගේ ජීවිතය ඒ ආකාරයෙන් ගෙවී යද්දී බන්ධනාගාරයෙන් පිටත රන්ජන්ගේ හඬ පට සම්බන්ධයෙන් තිබූ උනන්දුව අඩුවෙමින් යන ආකාරයක්ද දක්නට ඇත. මේ අතර තමන් සතුව බොහෝ දෙනකුගේ හඬ පට ඇති බවත්, ඒවා පාර්ලිමේන්තුවේ සභාගත කරන බවත් රන්ජන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමෙන් පසු මෙතෙක් ඔහුගේ කිසිම හඬ පටයක් සමාජ මාධ්‍යයන්ට නිකුත් නොවීමද විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැක. එතෙක් දිනකට එකක් බැගින් නිකුත් වූ හඬපටවලට සිදුවූයේ කුමක්දැයි කිසිවකු දන්නේද නැත. එම හඬ පට සමාජ මාධ්‍යයට නිකුත් කළ පුද්ගලයන් රන්ජන්ගේ ප්‍රකාශයෙන් බියට පත් වුණා දැයි රටේ ජනතාව ප්‍රශ්න කරන්නේ ඒ නිසාය.

චන්දන ‌පොන්නම්පෙරුම, චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

සිසුන් 33ක් වූහාන්වලින් මත්තලට: මත්තලින් දියතලාවට

Next Post

මහින්ද්‍රා සහ අයිඩියල් මෝටර්ස් KUV100 NXT මෝටර් රථය හඳුන්වාදෙයි

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.