• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

වෝහාරිකය ආවා… ‌කෝ ‌‌මේ ඇලෝසියස්…?

February 1, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
වෝහාරිකය ආවා… ‌කෝ ‌‌මේ ඇලෝසියස්…?
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ විශාලම මූල්‍ය වංචාව එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ පාලන සමයේ (2015 සිට 2016) දක්වා කාලය තුළ සිදුවූ බැඳුම්කර වංචාව බව කියමින් පසුගිය කාලයේ පොහොට්ටුවත්, ජනතා විමුක්ති පෙරමුණත්, මෙරට සියලුම මාධ්‍යයත් මුළු රටම ගිනි තැබුවේය. එකල විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂවලට එක්සත් ජාතික පක්‍ෂයට එරෙහිව කතා කිරීමට වෙනත් මාතෘකාවක් නොවූ තරම්ය. අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ඇමැතිවරුන් කිහිප දෙනකු ඉලක්ක කර ගනිමින් මහබැංකු අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑනා වන පර්පචුවල් ටේ‍රෂරීස් අධිපති අර්ජුන් ඇලෝසියස් යන අය බැංකු බැඳුම්කරවලින් මදි නොකියන්ට ගසා කෑ බවටත් නැඟුණු චෝදනා අතිමහත්ය. පාර්ලිමේන්තුව තුළදී පමණක් නොව පාර්ලිමේන්තුවෙන් පිටතදීත් දිනපතාම පාහේ මාධ්‍ය සාකච්ඡා තබමින් විපක්‍ෂය එදා බැඳුම්කර අල්ලාගෙන රට දෙවනත් කළහ.
ඇත්ත වශයෙන්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ හා එජාපෙ ආණ්ඩුව අතරත් සටන පටන්ගත්තේ මේ බැඳුම්කර මාතෘකාව මුල්කරගෙනය. හිටපු ජනාධිපති මෛත්‍රිපාල ප්‍රසිද්ධියේම රනිල්ටත්, ආණ්ඩුවටත් චෝදනා කිරීමට පටන් ගත්තේ විශාල සොරකමක් මහබැංකුව තුළ සිදුව ඇති බව කියමින්ය. තමන්ට මෙවැනි හොරුන් සමඟ ආණ්ඩු කිරීමට නොහැකි බවද මෛත්‍රිපාල එකල ප්‍රසිද්ධියේම කියා සිටියේය. ඒ අනුව රාජපක්‍ෂ ආණ්ඩුව එළවා දමා බිහි කළ යහපාලන ආණ්ඩුව දෙදරන්න පටන්ගත්තේ මේ බැඳුම්කරයෙන්ය.
ඉදිරිපත් වූ චෝදනා අනුව මෛත්‍රිපාල බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත්කළේය. පාර්ලිමේන්තු කෝප් කමිටුව මඟින් ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය. මේ කොමිෂන් සභාවල දිනපතාම පාහේ සිදුවන විමර්ශනවල ප්‍රකාශයන් උලුප්පා දක්වමින් ඒ දිනවල සියලුම ජනමාධ්‍ය එජාපයට එරෙහිව දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියේය.
මීට අමතරව විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් වූ විගණන වාර්තාව විලක්කුවට දුම්මල ගැසුමක්ම විය. අන්තිමේදී බැඳුම්කර වංචාව ගැන වෝහාරික (Forensic) විගණනයක් පැවැත්විය යුතු බවට මහත් හඬක්ද නැගිණි. අවසානයේදී මහ බැංකුවෙන් ඉන්දියාවේ ‘බී.ඩී.ඕ. ආයතනය නම් වූ ජාත්‍යන්තරය පිළිගත් සමාගමකට එම කාර්යය පැවරීය.
ශ්‍රී ලංකාවේ විගණන ක්‍ෂේත්‍රයේ වෝහාරික විගණනයක් කිරීමට තරම් ප්‍රමාණවත් සම්පත් නොවන බවට මතයක් විය. විගණකාධිපති දෙපාර්තමේන්තුව ඒ සඳහා විද්වත් පිරිසක් අත්දැකීම්ලත් නිලධාරීන් පිරිසක් නොවන බවද කියැවිණි.
පිළිගත් ගණකාධිකාරී සහ විගණන මූලධර්ම අනුව අදාළ ආයතනයේ කටයුතු කෙරී ඇත්දැයි යන්න විගණනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම විගණකාධිපතිවරයාගේ රාජකාරියය.
එහෙත් වෝහාරික විගණනයේදී අදාළ පාර්ශ්වයන් කරන දුරකතන සාකච්ඡා පවා විමර්ශනය කළ හැකිය.
අනෙක් අතට විගණකාධිපතිවරයා රාජ්‍ය අංශය සහ අර්ධ රාජ්‍ය ආයතන (සංස්ථා, මණ්ඩල අධිකාරි) වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන විගණන වාර්තා වෙනුවෙන් නිර්දේශ, නිගමන ඉදිරිපත් නොකෙරේ. එහෙත් වෝහාරික විගණන වාර්තාවත් විද්වතුන් ඉදිරිපත් කරන සාක්‍ෂියකට සමානය. එමඟින් ඉදිරිපත් කෙරෙන නිර්දේශ සහ නිගමන මත අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද හැකිය.
විගණකාධිපතිවරයා ස්වාධීනව රාජකාරි කළ යුත්තකු බැවින් වෝහාරික විගණන වාර්තා පාර්ලිමේන්තුවට මිස අධිකරණයට ඉදිරිපත් නොකරයි.
එහිදී මෙම වාර්තාව සකස් කිරීමට ඉන්දීය සමාගමට ගෙවූ බව කියන මහජන මුදල් ප්‍රමාණය රුපියල් මිලියන නවසියයක් හෙවත් රුපියල් කෝටි අනූවකි. (90,00,00,000).
2019 නොවැම්බර් මාසයට පෙරාතුව හෙවත් ජනාධිපතිවරණයට පෙර බැංකු වංචාව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව මහබැංකුවෙන් එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතට පත්විය.
එසේ ජනාධිපතිවරයාට ලැබුණු වාර්තාව මහජනතාවටද, පාර්ලිමේන්තුවටද ඉදිරිපත් නොවිණි.
ඒ අනුව බැඳුම්කරය පිළිබඳව කොපමණ කයිවාරු ගැහුවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එය ප්‍රසිද්ධ නොකර තමන් සන්තකයේ රඳවාගෙන සිටියේය. ඒ ඇයිද යන්න අදටත් විශාල ගැටලුවකි.
එකල මැතිවරණ වේදිකාවේ විපක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂය පට්ට ගැසුවේ බැඳුම්කර වංචාව කරේ තියාගෙනය. මහජනයා අන්දවන්නට ඊට වඩා යමක් නොවිණි. බොහෝ දෙනෙක් එක්සත් ජාතික පක්‍ෂයට පමණක් නොව එක්සත් ජාතික පාක්‍ෂිකයන්ටද ශාප කළේය. වෛර කරන්නට පටන් ගත්තේය.
පසුව ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත්විය. පොහොට්ටුවේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩි මනාප ලක්‍ෂ පහළොවකට (15,00,000) ආසන්න ප්‍රමාණයකින් ජනාධිපති පුටුවේ වාඩි වීමට බැඳුම්කරය මහෝපකාරී විය.
ජනාධිපතිවරණයෙන් බලයට පත්වූ වහාම නව ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත් කාර්ය භාරය වන්නේ බැඳුම්කර හොරුන්ට දඬුවම් ලබා දීම බවද එකල කියැවිණි. මහබැංකු වංචාවට ගෑවුණු සෑම කෙනකුටම එරෙහිව නීතිමය පියවර ගන්නා බවද එකල කියවිණ.
එහෙත් මේ වන විට පෙනෙන්නට ඇත්තේ එවැනි පියවරක් ගන්නවා තබා බැංකු වංචාව ගැන ඉන්දියානු සමාගම පැවැත්වූ වෝහාරික විගණන වාර්තාව හෝ ඉදිරිපත් කරන්නට ආණ්ඩුව උත්සුක නොවන බවකි. ආණ්ඩුව පමණක් නොව එදා බැඳුම්කරය කරේ තබාගෙන ගිය මාධ්‍ය පවා අද ඒ සම්බන්ධයෙන් දක්වන්නේ පුදුමාකාර නිද්‍රාශීලී ස්වභාවයක් වීම පුදුමසහගතය.
මෙම වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ යුතු බව නීතිපතිවරයා මෙන්ම අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාද ප්‍රකාශ කර තිබීම පවා පුදුමයට කාරණයකි. අවසානයේදී කථානායකවරයා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැවත වතාවක් සිය අභීත බව රටට පෙන්වමිනි. ඊට හේතු මොනවාද යන්න හරිහැටි පැහැදිලි නැතත් එම වෝහාරික විගණනයේ තිබුණු ප්‍රධාන කරුණු සැකෙවින් මෙසේ රටට ඉදිරිපත් කිරීමට අපි කටයුතු කරමු.
එසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු වාර්තාවේ පැහැදිලිවම සඳහන් කෙරී ඇත්තේ දෙදහස් දෙකේ ජනවාරි සිට (2002-01දා සිට දෙදහස් පහළොවේ පෙබරවාරි විසි අට (2015-2) දක්වා කාලය තුළ මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් බැඳුම්කර නිකුතුවෙන් රජයට සිදුවී ඇති පාඩුව රුපියල් බිලියන දහයයි දශම හතරයි හතක් (10.47) හෙවත් රුපියල් කෝටි එක්දහස් හතළිස් හතක් (10,47,00,00,000) බවය.
දෙදහස් පහළොවේ පෙබරවාරි සිට (2015-02-01) දෙදහස් දාසයේ මාර්තු (2016-03-3) දක්වා කාලය තුළ මහබැංකු වාර්තා ඩිජිටල් සාක්‍ෂි සහ පරීක්‍ෂා කළත් එවකට මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් සහ පර්පචුවල් ටේ‍රෂරීස් අධිපති අර්ජුන් ඇලෝසියස් යන දෙදෙනා අතර වංචනික ක්‍රියාවකට තුඩු දෙන රහස් සාකච්ඡාවක් (Collusion) කෙරී ඇති බව සනාථ කිරීමට තිබූ සාක්‍ෂිත් නොවූ බවද වාර්තාවේ දැක්වෙයි.
සිදුවූ බව කියන අක්‍රමිකතාවන් පිළිබඳව පරීක්‍ෂා කිරීම සඳහා පාදක කරගත් හඬපට සියල්ල විශ්ලේෂණය කළද ඒවාද හඬපටයක හෝ අර්ජුන මහෙන්ද්‍රගෙන් හෝ අර්ජුන් ඇලෝසියස්ගෙන් ප්‍රාථමික ගනුදෙනුකරුවන්ගෙන් භාණ්ඩාගාරයේ රාජ්‍ය ණය අංශයේ නිලධාරීන් හෝ සමඟ අක්‍රමිකතාවකට බලපාන කිසිදු කිසිදු සාකච්ඡාවක් කෙරී නැති බව අනාවරණය වී යැයි වෝහාරික විගණන වාර්තාවේ විසිහත් වැනි පිටුවේ 27 දක්වා ඇත.
වෝහාරික විගණන වාර්තාවේ තිස් වැනි (30) පිටුවේ දෙවැනි වගන්තියේ හතර එක ඡේදයේ ‘ඊ’ කාණ්ඩයේ (4.2.1.ඊ) මහබැංකු අධිපති (එවකට) අර්ජුන් මහේන්ද්‍රන් ඔහුගේ බෑණා වූ අර්ජුන් ඇලෝසියස් සමඟ ප්‍රාථමික ගනුදෙනුකරුවන්ගේ කුටියේදී වංචනික සිද්ධියකට තුඩුදෙන කතාබහක් කර නැති බව දක්වා ඇත.
එසේම 30 වැනි පිටුවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය ණය දෙපාර්තමේන්තු කාර්යාලයේදී කෙරුණු සාකච්ඡා හඬපට ගතකර නැති බව වන අතර, ඊ-මේල් පණිවුඩ අනුසාරයෙන් කළ සමීක්‍ෂණයේදීද කිසිදු අක්‍රමික දේකට තුඩුදෙන ස්වභාවයක් අනාවරණය නොවූ බවද පෙන්වා දී ඇත.
වෝහාරික විගණන වාර්තාවේ තිස් වැනි (30) පිටුවේ අර්ජුන් මහේන්ද්‍රන් එවකට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වුවත් පර්පචුවල් ටේ‍රෂරීස් ආයතනයේ අධිපති අර්ජුන් ඇලෝසියස් ප්‍රාථමික ගනුදෙනුකරුවකු වශයෙන් විශාල කාර්ය භාරය ඉටුකළත් (Key Decision Maker) දෙදෙනා ළබැඳියාවන් අතර ගැටුමක් පැවැති බව අනාවරණය වූ බව ද විස්තරකර ඇත.
අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපතිවරයා වශයෙන් සිටි සමයේ 2014 සිට 2015 ජනවාරි 6 වැනි දින දක්වා අර්ජුන් ඇලෝසියස් පර්පචුවෙල් ටේ‍රෂරීස් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ බවත් මහබැංකු අධිපතිවරයා සහ කසුන් පලිසේන යන අයද ඉතා සමීපව කටයුතු කළ බවත් විගණන වාර්තාවේ තිස් වැනි (30) පිටුවේ දැක්වේ.
පෑන් ඒෂියා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රිචි ඩයස් හිටපු සභාපති නිමල් පෙරේරා යන අය පර්පචුවල් ටේ‍රෂරීස් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් සමඟ සමීපව කටයුතු කර ඇතත් කිසියම් අක්‍රමිකතාවට හේතු වන කරුණක් පිළිබඳව ප්‍රාථමික ගනුදෙනුකරුවන්ගේ කුටියේදී (Primary Dealers Room) සාකච්ඡා කර නැති බව පරීක්‍ෂා කළ හඬපටවල නැති බව විගණන වාර්තාවේ සඳහන් කර ඇත.
එහෙත් මේ දෙදෙනා අතර (ළබැඳියාව) කිසියම් ප්‍රමාණයක අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව තිබූ බව පැහැදිලි වූ බව විගණන වාර්තාවේ දැක්වෙයි.
මීට අමතරව 2002 ජනවාරි පළමු වැනිදා සිට 2015 පෙබරවාරි 28 වැනිදා දක්වා (මහා භාණ්ඩාගාරයේ) රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශනීය වෝහාරික විගණන වාර්තාව නමින් ඉදිරිපත් කර ඇති වාර්තාවේ මේ විස්තර දැක්වෙයි.
ඍජු බැඳුම්කර නිකුතුවෙන් Placement එම වාර්තාවේ දැක්වෙන අන්දමට එකී කාලය තුළ සිදුවී ඇති ඉහළම පාඩුව රුපියල් බිලියන 10.47ක් හෙවත් කෝටි එක්දහස් හතළිස්හතකි. (10,470,000,000) නැතහොත් මිලියන 10,470කි.
සමාලෝචනයට භාජනය කළ (විගණන) කාල පරිච්ඡේදය තුළ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් කෙරී ඇති ඍජු බැඳුම්කර (Placement) නිකුතුව හාරදහස් හයසිය හැත්තෑවකි. (4,670). එම ගනුදෙනු (බැඳුම්කර නිකුත් කිරීම්) සංඛ්‍යාවෙන් 2005 ජනවාරි පළමු වැනිදා සිට 2015 පෙබරවාරි 28 වැනිදා දක්වා ඍජුව නිකුත් කෙරී ඇති Direct Placements ප්‍රමාණය හාරදහස් පන්සියහතරකි (4,504).
ඊට අමතරව පවත්නා ද්විතීය වෙළෙඳ ඉපැයීම් අනුපාතයට Secandary Market Yield Rates වඩා බැඳුම්කර නිකුතුව නිසා රුපියල් මිලියන එකසිය පනස්එකක් (151.07) හෙවත් රුපියල් පහළොස්කෝටි දසලක්‍ෂ හැත්තෑදහයක (15,10,70,000) අලාභයක් සිදුවී ඇත.
සමාලෝචිත කාල සීමාවේදී භාණ්ඩාගාර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් වෙන්දේසි Auctions තුන්සිය හයක් (306) පවත්වා භාණ්ඩාගාර සුරැකුම්පත් පන්සිය අසූඑකක් (581) ප්‍රදානය කර ඇත.
විස්තර තොරතුරු නැති නිසා 2002-2004 කාලය වෙන්දේසි කොපමණ සංඛ්‍යාවක් පවත්වා ඇත්දැයි යන්න තීරණය කිරීමට නොහැකි වී ඇත.
2005 ජනවාරි පළමු වැනිදා සිට 2015 පෙබරවාරි දක්වා වෙන්දේසි හාරසිය අනූතුනක් (493) පැවැත්වීමට හැකිව ඇත. එම සංඛ්‍යාවෙන් (493) ප්‍රාථමික ගනුදෙනුකරුවන්ගෙන් (Primery Dealers) ලද ලංසු එකසිය දොළහක් (112) අවලංගු කර ඇති අතර, කිසිදු සංඛ්‍යාවක් Amount පිළිගෙන නැත.
ටෙන්ඩර මණ්ඩලය රුපියල් බිලියන පන්සියපනස් අටයි දශම බින්දුවයි අටක් (558.08) හෙවත් රුපියල් කෝටි පනස්පන්දහස් අටසියයකට (55,800) වටිනාකම් ඇති ඉල්ලුම් (Offers) ලබාගෙන තිබූ අතර, රුපියල් බිලියන 611.50 හෙවත් කෝටි හැටඑක්දහස් එකසියපනස් කෝටියක් (61,15,00,00,00,00) වටිනා ප්‍රදානයක් නිකුත් කර තිබිණි.
පිළිගත් ප්‍රදානයන්ගෙන් තිස්පහක් පවත්නා ද්විතීයක වෙළෙඳපොළ ප්‍රමාණයන්ට වැඩි වටිනාකමකට නිකුත් කිරීම නිසා රුපියල් මිලියන 151.07 හෙවත් රුපියල් පහළොස් කෝටි දසලක්‍ෂ හැත්තෑදහසක් (15,10,70,000) රජයට පාඩුවක් සිදුවී ඇතැයි ඉදිරිපත් කර ඇති වෝහාරික විගණන වාර්තාවේ දැක්වෙයි.
රුපියල් බිලියන දාසයයි දශම හතයි පහක් (16.75) හෙවත් රුපියල් කෝටි එක්දහස්හයසිය හැත්තෑපහක් (16,75,00,00,000) වටිනා ඍජු නිකුත් කිරීම් ෘසරුජඑ ඡක්ජැපැබඑ නවයක් (9) ද්විතීයික වෙළෙඳපොළ ප්‍රමාණයන්ට වඩා ප්‍රදානය කිරීම නිසා රුපියල් මිලියන (18.71) හෙවත් රුපියල් එක්කෝටි අසූලක්‍ෂ හැත්තෑඑක්දහසක (1,80,71,000) පාඩුවක් සිදුවී තිබේ.
2012 ඔක්තෝබර් සිට 2015 පෙබරවාරි දක්වා කාලය තුළ Yield Rate Structure යටතේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් තොරව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් අනුමත කරනු ලැබීමෙන් පසු රුපියල් බිලියන 77.63ක් හෙවත් රුපියල් කෝටි 77,63,00,00,000ක් වටිනා ඍජු බැඳුම්කර 33ක් නිකුත් කොට ඇත. එහිදී සිදුවී ඇති පාඩුව මිලියන අටසියහැත්තෑඑකයි දශම එකයි බින්දුවකි (871.10) හෙවත් රුපියල් අසූහත්කෝටි දශලක්‍ෂ දසදහසකි (87,10,10,000).
රුපියල් බිලියන 43.87ක් හෙවත් රුපියල් කෝටි හාරදහස්තුන්සිය අසූහතක් (43,87,00,000,00) වටිනා ඍජු බැඳුම්කර නිකුත් කිරීම් Direct Placement විසිනවයක් (29) සම්බන්ධයෙන් කිසිදු විස්තර වාර්තාවක් (ක්‍දරරුිචදබාසබටි) නැති බවද විගණන වාර්තාවෙන් පෙන්වා දී ඇත.
එම නිකුත් කිරීම්වලින් ඍජු රුපියල් බිලියන 10.33ක් හෙවත් රුපියල් කෝටි එක්දහස් තිස්තුනක් (10,33,00,00,000) වටිනා ඍජු නිකුත් කිරීම් D.P. වෙනුවෙන් Yield Rates Structures නැත.
ඒ අනුව ඍජු නිකුත් කිරීම් 42ක් යටතේ සිදුවී ඇති පාඩුව (ඛදි) රුපියල් මිලියන අටසිය අසූනවයයි දශම අටයි එකක් (889.81) හෙවත් රුපියල් අසූඅට කෝටි අනූලක්‍ෂ එක්දහසක් (88,90,81,000) බව විගණන වාර්තාවේ සාරාංශයක් වශයෙන් දක්වා ඇත.
ගනුදෙනු බැඳුම්කර නිකුත් කිරීමේදී භාණ්ඩාගාරයේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා පවා කර නැති බවද වාර්තාවේ සඳහන් කර ඇත.
සේවා ක්‍රියාන්විතයන්ගේ අරමුදලට සම්බන්ධ සුරැකුම්පත් පිළිබඳව හැරෙන්නට වෙනත් ප්‍රාථමික ගැනුම්කරුවන් සහ වෙනත් Captive Sources සඳහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී භාණ්ඩාගාරයේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා කර නැති බවද වාර්තාවෙන් පෙනේ.
මහා භාණ්ඩාගාරයෙන් නිකුත් කළත් ඍජු බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් සාරාංශගත වාර්තා මහ බැංකුවේ අධිපතිවරයාට මාසික වරක් ඉදිරිපත් කළ බව මහ බැංකුවේ සේවක කාරකාදීන් විගණනයට කරුණු දැන්වූ බව විගණන වාර්තාවේ සඳහන් කර තිබේ.
එමෙන්ම ඇතැම් ගනුදෙනු සම්බන්ධයෙන් මහබැංකුව හෝ මහාභාණ්ඩාගාරය හෝ ඉලෙක්ට්‍රොනික දත්ත පවත්වාගෙන නැති බවද විගණන වාර්තාවේ සඳහන්කර තිබේ.

හිටපු විගණන නිලධාරී චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

මාරාන්තික කොරෝනා ‌ලෙඩා ඉන්න IDH ‌රෝහලට ‘මව්රට’ ගිය බිහිසුණු ගමන

Next Post

සිසුන් 33ක් වූහාන්වලින් මත්තලට: මත්තලින් දියතලාවට

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.