• About us
  • Contact us
Sunday, June 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝකෙම පිළිගත්ත, ආණ්ඩුව බනින, ආර්ථික අනාවැකි හරියටම කියන, FITCH RATING එකේ ලංකාවේ ප්‍රධානියා එළියට එයි… අනාවැකි කියයි…

March 26, 2023
in Exclusive, News
Reading Time: 11 mins read
A A
ලෝකෙම පිළිගත්ත, ආණ්ඩුව බනින, ආර්ථික අනාවැකි හරියටම කියන, FITCH RATING එකේ ලංකාවේ ප්‍රධානියා එළියට එයි… අනාවැකි කියයි…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකේය ආර්ථිකය දරුණු පසුබෑමකට ලක්ව ඇති මෙම කාලපරිච්ඡේදය යනු ජාත්‍යන්තර ප්‍රජාව සේම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කරන ආයතන පෙරටත් වඩා අප රට දෙස ඇස ගසාගෙන සිටින සමයක් ලෙස හඳුන්වා දිය හැකිය. චීනය, ඇමෙරිකාව ඇතුළු ප්‍රබල රටවලින් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති සුවිශාල ණය කන්දරාව ගෙවාගත නොහැකි බව නිල වශයෙන් දැනුම් දීමත් සමග එම ආයතන අනුකම්පා විරහිත ලෙස ශ්‍රී ලංකාව සිය ආර්ථික දර්ශකවලින් පහළටම ඇදදමා ඇත. ඒකපුද්ගල ආදායම, ණය ගෙවීමේ හැකියාව, රුපියලේ ස්ථාවරත්වය යනාදී විවිධ වූ ආර්ථික දර්ශක අතින් අප රට දැන් වැටී සිටින්නේ ලෝකයේ රටවල් අතරින් පහළම ස්ථරයටය. එලෙස ලෝකයේ සෑම රටකම ආර්ථික ස්ථාවරත්වය තීරණය කරන ප්‍රමුඛතම ආයතන කිහිපය අතරින් පෙරමුණේ පසුවන ෆිච් රේටින්ග්ස් ඉන්කෝපරේෂන් (Fitch Ratings Inc.) ආයතනයේ ඉහළ නිලයක් දැරූ ශ්‍රී ලාංකික ආර්ථික විශ්ලේෂකයකු වන රවි අබේසූරිය මහතා, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ මහබැංකු පනතේ ස්වාධීනත්වය පිළිබඳ සුවිශේෂ අනාවරණයක් පසුගිය දිනෙක සිදුකළා. යෝජිත මහබැංකු පනතේ පවතින දුර්වලතාවන්, එම දුර්වලතා නිවැරැදි කළ හැකි ආකාරය ආදී මාතෘකා රැසක් ඔස්සේ ගලා යන අදහස් දැක්වීම ඔහු ඉදිරිපත් කළේ Sri Lanka business tv යූටියුබ් නාලිකාව සමගයි. Senfin Securities Limited හි ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස වර්තමානයේ කටයුතු කරන රවි අබේසූරිය මහතා සමග පැවැත්වූ එම සාකච්ඡාව, Sri Lanka business tv යූටියුබ් නාලිකාවෙන් උපුටාගෙන ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ඉදිරිපත් කරමු.

ශ්‍රී ලංකා මහබැංකුවේ ස්වාධීන්තවය තහවුරු කිරීම පිළිබඳ මේ වන විට වැදගත් කතිකාවක් ඇතිවෙලා තිබෙනවා යෝජිත ශ්‍රී ලංකා මහබැංකු හරහා. මේ පනත තුළ තිබෙන ගැටලු පිළිබඳවයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ කොහොමද මේ සාකච්ඡාවට ප්‍රවේශ වෙන්නේ?

අපේ රටේ අත්‍යාවශ්‍ය දෙයක් තමයි මහබැංකුවේ ස්වාධීනත්වය. අපි දැක්කා බැඳුම්කර වංචාව ඇතුළු අවුරුදු ගානක් තිස්සේ වෙච්ච සිදුවීම්වලින් මහබැංකුව දේශපාලනීකරණයට ලක්වුණු බව. ඒක හොඳ දෙයක් නෙවෙයි රටකට. මොකද මහබැංකුව තමයි අපේ ජනතාවගේ මුදල් භාරකරු. උදාහරණයක් ලෙස කිව්වොත් අපේ පර්ස් එක. ඒක අපේ ජනතාවට සුබවාදී ලෙස කළමනාකරණය කළ යුතු තැනක්. මොකද මහබැංකුවේ අතිවිශාල භාරදූර කටයුත්තක් කෙරෙනවා අපේ උද්ධමනය පාලනය කිරීම සම්බන්ධයෙන් ඒ වගේම අපේ මුළු මූල්‍ය පද්ධතිය, බැංකු සහ මූල්‍ය ආයතනවල නියාමනය සම්පූර්ණයෙන්ම තියෙන්නේ මහබැංකුවට. සේවක අර්ථසාධක අරමුදල සම්පූර්ණයෙන්ම කළමනාකරණය කරන්නෙත් මහබැංකුව. ඒ වගේ ආයතනයක් දේශපාලනීකරණයට ලක්වුණොත් රටට ඉතා භයානක ප්‍රතිඵල තමයි ඒ හරහා ලැබෙන්නේ. අපි ඒක සැබැවින්ම සිදුවෙන හැටි දැක්කා ලංකාවේ. මොකද ලංකාව සම්පූර්ණයෙන්ම බංකොලොත් වෙලා, අපට ණය ගෙවාගන්න බැරි තත්ත්වයක් ඇතිවුණා. ඒකට සෑහෙන දුරට හේතු වුණේ අපේ මහබැංකුවේ දේශපාලනීකරණය වීම සහ ඒකට දේශපාලන ඇඟිලිගැසීම. අපි මේ මහබැංකුව ස්වාධීන කළ යුතුමයි. ඒකට පනතක් ළඟදීම පාර්ලිමේන්තුවට එනවා. නමුත් ඒ පනතේ අඩුපාඩු තියෙනවා. අන්න ඒ අඩුපාඩු තමයි අපි හදාගන්න ඕනෙ.

මොනවද මේ පනතේ තියෙන අඩුපාඩු විදියට ඔබ දකින්නේ?

මහබැංකුවේ සම්පූර්ණ වගකීම තියෙන්නේ මුදල් මණ්ඩලයට. ඒ මුදල් මණ්ඩලයට සාමාජිකයන් පත්කිරීමේදී මුදල් ඇමැතිතුමා ඇඟිලි ගැසිය යුතු නෑ. ඔතන තමයි ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ. මහබැංකුවේ සභාපති සහ නියෝජ්‍ය සභාපති යන දෙන්නා පත්කිරීම විනිවිද පෙනෙන ලෙස සිදුවිය යුතු දෙයක්. මුදල් ඇමැතිතුමා නෙවෙයි ඒගොල්ලන්ව පත්කළ යුත්තේ.

එතකොට දැන් යෝජනා කරලා තියෙන්නේ කොහොමද ඔවුන්ව පත්කරන්න?

මට තේරෙන විදියට මෙතැන ප්‍රශ්නයක් තියෙනවා. මුදල් ඇමැතිතුමාගේ තීරණ මෙතැනට බලපාන්න ඉඩ තියෙනවා කියලා.

එහෙම වුණාම තියෙන ස්වාධීනත්වයත් නැතිවෙන්න පුළුවන් නේද?

ඔව්. නමුත් මම හිතන්නේ නෑ එහෙම වෙයි කියලා.

පනතේ තියෙන්නේ එහෙමද යෝජනා කරලා?

පනත අනුව යම්කිසි විදියකට මුදල් ඇමැතිතුමාට සෑහෙන දුරකට ඒ පත්වීම්වලට බලයක් තියෙනවා. ඒ බලය ඔහුට තිබිය යුතු නැහැ. ඒ බලය තිබිය යුත්තේ ව්‍යවස්ථාදායක සභාවට.

එතකොට කොහොමද මේ දේශපාලනඥයන් මේකට ඇඟිලි ගැසීම නවත්වන්නේ? මොකක්ද ඒ සඳහා ගෙන ආ යුතු සංශෝධන?

ඒක සංශෝධනය කරන්න අවශ්‍ය පොඩි වෙනසයි. මම හිතන විදයට දැන් මුදල් මණ්ඩලයට පත්කරන්නේ හත් දෙනෙක් වගේ පිරිසක්. අනිත් අය පිටින් එන ස්වාධීන කට්ටිය. ඒ අය පත්කළ යුත්තේ ව්‍යවස්ථාදායක සභාවෙන්. ඒක තමයි අවශ්‍ය. අනෙක් ස්වාධීන කොමිෂන් සභාවට පත්කරනවා වගේ ව්‍යවස්ථාදායක සභාවෙන් මේ අයගේ නම් යෝජනා කරලා මුදල් ඇමැතිවරයාට පුළුවන් ඔවුන් පත්කිරීම සඳහා අස්සන ගහන්න. හැබැයි මේක දේශාපලනීකරණය වෙන්න බැහැ.

එතකොට මේ යෝජිත පනතෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මහබැංකු මුදල් මණ්ඩලයට ඇතුළත් වෙන්නේ නැද්ද?

මම ඒක හරියටම කියන්න දන්නේ නෑ, මොකක්ද අලුත් ක්‍රමවේදය කියලා. නමුත් ඉස්සර මුදල් අමාත්‍යවරයාගේ ලෙක්ම් හිටියා. ඒකෙ ප්‍රශ්නයක් නෑ. මොකද මෙතැන දෙපැත්තක් තියෙනවා. මහබැංකුව කරන්නේ මූල්‍ය ප්‍රතිපත්ති. මුදල් අමාත්‍යාංශය කරන්නේ ෆිස්කල් ප්‍රතිප්තති. ඒ දෙකේ වෙනසක් තියෙනවා. අයවැයට අදාළ දේවල් සියල්ල කරන්නේ ෆිස්කල් ප්‍රතිපත්ති යටතේ. ඒක ඒගොල්ලන්ගේ වැඩක්. නමුත් මහබැංකුවෙන් කරන්නේ අපේ සම්පූර්ණ ධනය ආරක්ෂා කිරීමක්. ඒක හරිම ස්වාධීන විය යුතුයි. එතකොට ඒකට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ආවා කියලා ප්‍රශ්නයක් නෑ. නමුත් මුදල් මණ්ඩලයේ බහුතරය දේශපාලනයට සම්බන්ධ පිරිසක් වුණොත්, හැම තීරණයම ගන්නේ දේශපාලනික වාසි තකා. අන්න ඒක තමයි භයානකම තත්ත්වය.

යෝජිත පනතේ මහබැංකු අධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙනුත් ගැටලුක් තියෙනවා නේද?

ඔව් ප්‍රශ්නයක් තියෙනවා. ඒක මම හිතන්නේ සදාකාලිකයි.

ඒ කියන්නේ අවශ්‍ය නම් ඔහුට මැරෙනකන්ම වුණත් ඉන්න පුළුවන්?

ඔහුට කටයුතු කිරීමට තියෙන සුදුසුකම් සහ යම් කිසි වයස් සීමාවකට යටත් කළ යුතුයි. හැම ආයතනකම වගේ විශ්‍රාම යන වයස අවුරුදු 65. ඒ වගේ සීමාවක් තියෙන්න ඕනෙ. නමුත් බැංකුවල නම් අධ්‍යක්ෂ මණ්ඩලයට අවුරුදු 9ක සීමාවක්. කිසිම අධ්‍යක්ෂවරයකුට සභාපතිවරයකුට අවුරුදු 9කට වඩා ඉන්න බෑ. ඒ වගේ සීමාවක් තිබුණොත් හොඳයි. මොකද ජීවිත කාලෙම ඉන්න ලැබෙන එක හොඳ දෙයක් නෙවෙයි.

ඊට අමතරව මොනවද මේ පනතේ තිබෙන අඩුපාඩු?

තවත් ඉතා වැදගත් දෙයක් තමයි අපේ ආචාරධර්ම පද්ධතිය. මුදල් මණ්ඩලයේ කටයුතු කරන සෑම සාමාජිකයෙක්ම ඉතා බලසම්පන්න ආචාරධර්ම පද්ධතියකට යටත් වෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ඒක බලාත්මක වෙන්න ඕනෙ. ඒවා ලියලා තිබ්බට විතරක් මදි. මොකද අපි දැක්කා මීට ඉස්සර හිටපු මහබැංකු අධිපතිවරයකු යටතේ බැඳුම්කර වංචාව සිදුවුණා. ඒක වුණේ එයාගේ බෑණාට තොරතුරු ගිය නිසා. ඒ විදියට අභ්‍යන්තර තොරතුරු පිටට යන්න බෑ. එහෙම වුණොත් ඒකෙන් විශාල ලෙස දූෂණයක් වෙන්න පුළුවන්.

ඔබේ අදහස අනුව මුදල් මණ්ඩලයේ සාමාජිකයෙක් මොන වගේ ආචාරධර්ම ද රකින්න ඕනේ?

උදාහරණයක් මම කියන්නම්. මහබැංකුවේ අධීක්ෂණයට ලක්වෙන කිසිම මූල්‍ය ආයතනයක ඒ කිසිම කෙනකුගේ පවුලේ අය කටයුතු කරන්න බැහැ. මොකද ඒ හරහා ඒගොල්ලන්ට මහබැංකුවේ අභ්‍යන්තර තොරතුරු ලැබෙන්න පුළුවන්. ඒ තොරතුරු ගෙදරදී සාකච්ඡා වුණොත් ඔහුගේ මූල්‍ය ආයතනයට ඒ තොරතුරු යන්න පුළුවන් නේ. ඒ නිසා මහබැංකු මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ පවුල්වල අය වෙනත් මූල්‍ය ආයතනවල කටයුතු කරන්න බැහැ.

ඒක ඉතා සංකීර්ණ දෙයක් නේද? කොහොමද මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ පවුල්වල අය වෙනත් මූල්‍ය ආයතනවල නැහැ කියලා තහවුරු කරගන්නේ?

පැහැදිලිව ඒ කරුණ විස්තර කරලා තියෙනවා Related Parties කියන කරුණ මගින්. විශේෂයෙන්ම අදාළ සාමාජිකයාගේ සහකරු හෝ සහකාරිය, දරුවන්, බෑණා වගේ අය මේ යටතට ගැනෙනවා. අදාළ සාමාජිකයා ප්‍රකාශයක් කරන්න ඕනෙ තනතුරට පත්වෙන්න කලින් මේ මේ අය තමයි මගේ පවුලේ ඉන්නේ. මේ දේවල් තමයි මට තියෙන ආයෝජන. මම සල්ලි දාලා තියෙන්නේ මේ තැන්වල. මගේ පුතාලා දුවලා සහ පවුලේ අය වැඩකරන ආයතන මෙන්න මේවා. මේ විදියට ඒ තොරතුරු ප්‍රකාශ කළ යුතුයි. දැනට බැංකුවක අධ්‍යක්ෂවරයෙක් පත්වෙනවා නම් ඒ තොරතුරු ඔක්කොම දෙනවා. මෙතැනත් ඒක තියෙන්න ඕනෙ. මොකද සාමාන්‍ය බැංකුවකට වඩා ඉතා වැදගත් තැනක් නේ මහබැංකුව කියන්නේ.

ශ්‍රී ලංකාව මේ වගේ තැනක ඉන්න ප්‍රධානම හේතුව තමයි අපේ තියෙන අඩුපාඩු. අපි සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කරනවා නම් සියලු පද්ධතීන් අපි හරි විදියට වෙනස් කරන්න අවශ්‍යයි. සිංගප්පූරුවේ මහබැංකුවක් නැති වුණත් ඒ අය මූල්‍ය ක්ෂේත්‍රය හසුරුවන හැටි අපට ආදර්ශයක්. අපිත් සිංගප්පූරුව වගේ තැනකට එන්න නම් මොන විදියටද කටයුතු කරන්න ඕනෙ?

අපට කිට්ටුම උදාහරණය තමයි සිංගප්පූරුව. ඒ රටේ මුදල් මණ්ඩලය කොච්චර හොඳට මූල්‍ය කළමනාකරණය කරනවද? සිංගප්පූරු ඩොලර් එක කියන්නේ ඉතා ශක්තිමත් මුදල් ඒකකයක්. උච්චාවචනය වෙන එක ඉතා අඩුයි. ඇමෙරිකානු ඩොලර් එක කොච්චර අඩු වැඩි වුණත්, සිංගප්පූරු ඩොලර් එක බොහොම ස්ථාවරයි. ඒකට හේතුව තමයි මුදල් මණ්ඩලයේ හොඳ කළමනාකරණය. සෑම රටකම මහබැංකුව කියන දේ සම්පූර්ණයෙන්ම ස්වාධීනයි. ඒක දේශපාලනීකරණය වුණොත් ඒ රටේ පරිහානිය බොහොම ඉක්මනටම සිදුවෙනවා.

එක වෙලාවක ශ්‍රී ලංකා මහබැංකුව රුපියල අවප්‍රමාණය වීම වළක්වන්න ඩොලර් බිලියන 7ක විතර සංචිත දිගින් දිගටම අන්තර් බැංකු විනිමය වෙළෙඳපොළේ විකුණලා ශුද්ධ විකුණුම්කරුවකු විදියට කටයුතු කරනවා. එහෙම කරන්නේ රුපියල ආරක්ෂා කරගන්න. මහබැංකුවේ ස්වාධීනත්වය ගැන නේ අපි මේ කතා කරන්නේ. ඔබ මූල්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයකු විදියට මේක කොහොමද දකින්නේ?

මහබැංකුවේ වැදගත්ම කාර්යභාරයක් තමයි රුපියලේ අගය ස්ථාවර ලෙස පවත්වාගැනීම. ඒක උච්චාවචනය වෙන්න ඉඩ තියන්නත් ඕනෙ. හැබැයි සීමාවක් ඇතිව. මොකද එක පැත්තකට වැඩිපුර ගියොත් එක කට්ටියකට ඒක දරුණු විදියට බලපානවා. හුඟක් දුරට අවප්‍රමාණය වුණොත් රටේ උද්ධමනය සහ බඩුමිල ඉතා දරුණු ලෙස වැඩිවෙනවා. ඒ වගේම අනිත් පැත්තට ගියොත් අපනයනයට ඒක දරුණුවට බලපානවා. නමුත් අපේ ආර්ථිකය ගොඩනගන්න නම් අපි අපනයනය වැඩිකරන්න ඕනෙ. මේක හුඟක් දරුණු ලෙස එහාට මෙහාට වුණොත් ආර්ථිකය කඩාගෙන වැටෙනවා. ඒක නිසා අපනයනයට වැඩි බරක් දෙන්න ඕනෙ. අපනයනය වැඩිකරන්න ඕනෙ. ඒක කරන්න අපේ මුදලේ අගය පරිපාලනය කිරීම ඉතා වැදගත් කර්තව්‍යයක්. ඒක මහබැංකුවෙන් කෙරෙන්නේ. එතැනදී දේශපාලනය පැත්තෙන් හිතලා නෙවෙයි, රටට හොඳක් වෙන විදියටයි ඒක වෙන්න ඕනේ.

අනෙක් රටවලත් මුදල් ඒකක අවප්‍රමාණය වෙනවා. එහෙම වෙද්දී අපට බෑ අපේ රුපියල අවප්‍රමාණය නොකර ඉන්න. අපිත් පොඩ්ඩ පොඩ්ඩ හරි අවප්‍රමාණය කරන්න ඕනෙ. ඒක තමයි මෙතැන තියෙන ආර්ථික විද්‍යාව. රුපියලේ අගය වෙනස් විය යුතුමයි. විනිමය අනුපාතිකය තියාගන්න ඕනේ දේශාපලනඥයන්ට අවශ්‍ය විදියට නෙවෙයි, ජනතාවට රටට සුබවාදී විදියට.

යම් කිසි විදියකට යෝජිත මහබැංකු පනතින් ඔබලා කියන වෙනස්කම් නොකර, ඒක සම්මත වුණොත් මොකක් කරන්න පුළුවන්?

ඒකේ තියෙන වෙනස්කම් කරන්න බොහෝ දෙනා ඉල්ලීම් කරලා තියෙනවා. මේ පනත අත්‍යාවශ්‍යයි. ඒක අයි.එම්.එෆ්. එකේ කොන්දේසිවලටත් අයිතියි. ඒක කෙරෙනකොට පොඩි පොඩි අඩුපාඩු ටික අපි හදාගන්න ඕනෙ. ඒක කමිටි ස්ටේජ් එකේදී කෙරෙයි කියලා මට විශ්වාසයි.

අපි දකිනවා ආවෘත්ත ආර්ථික ක්‍රම පිළිබඳ විශ්වාස කරන බංකොලොත් දේශපාලනඥයෝ කියලා තිබුණා ශ්‍රී ලංකා මහබැංකුව, අයි.එම්.එෆ්. එකේ ග්‍රහණයට හසුවෙන්නයි යන්නේ කියලා. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

හොඳ ප්‍රශ්නයක්. අපි තේරුම් ගන්න ඕනෙ අපි තමයි යන්නේ අයි.එම්.එෆ්. එකට. අයි.එම්.එෆ්. එක එන්නේ නෑ අපිව හොයාගෙන. අපි අයි.එම්.එෆ්. එකට යන්නේ අපේ මුදල් කළමනාකරණය කරගන්න බැරි තැනකට අපේ රට පත්වුණු නිසා. අපට දරන්න පුළුවන් ප්‍රමාණයට වඩා ණය අරගෙන තමයි අපි රට ගෙනිච්චේ. අපේ රාජ්‍ය ආයතනවල තියෙන පාඩු, අපේ මුදල් කළමනාකරණයේ තියෙන අඩුපාඩු නිසා සහ වංචා – දූෂණ නිසා වියදම වැඩියි, අපේ ආදායමට වඩා. ඒ තත්ත්වයෙන් ගොඩ එන්න තමයි අපි අයි.එම්.එෆ්. එකට ගියේ. අයි.එම්.එෆ්. කියන්නේ අපේ සල්ලි අවශ්‍ය නම් මෙන්න මේ කොන්දේසි ඉටුකරන්න කියලා. යම් කෙනෙක් තම ව්‍යාපාරයට ණයක් අරගෙන, ඒ මුදල් නාස්ති කරලා, ඒ ණය ගෙවාගන්න බැරි වෙනවා නම් බැංකුවෙන් ඔහුට කියනවා මේ විදියට මුදල් නාස්ති කරන්න එපා කියලා. මේ විදියට මුදල් කළමනාකරණය කරගන්න කියලා විවිධ කොන්දේසි දානවා බැංකුවෙන්. ඒ කොන්දේසි දාන්නෙත් ඒ පුද්ගලයාගෙම සුබසිද්ධිය සඳහා. එහෙම නැත්නම් ඒ මනුස්සයා තවත් මුදල් නාස්ති කරලා ව්‍යාපාරයම විනාශ කරගන්නවා.

අයි.එම්.එෆ්. එකේ කොන්දේසි කියපු ගමන් අපේ රටේ අය බයවෙනවා නේද?

ඔව්, කොන්දේසි දානවා. අපිනේ අයි.එම්.එෆ්. එකට ගියේ. ඒ කොන්දේසිවලට අපි එකඟ නැත්නම් වෙන මාර්ගයකින් අපි මුදල් හොයාගන්න ඕනෙ. අපි අයි.එම්.එෆ්. ගියේ 17 වැනි වතාවටනේ. මීට පස්සෙවත් අයි.එම්.එෆ්. නොයා ඉන්න නම් රටේ ආර්ථික ප්‍රතිපත්ති ටික හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ.



සැකසුම-චානක ලියනගේ

SendShareShare
Previous Post

රනිල් හාවඩ් විශ්වවිද්‍යාලයත් එක්ක සූම් සාකච්ඡාවකට එක්වෙයි! AUKUS ගිවිසුම-QUAD රටවල් සහ චීනය අතර ගැටුම්-කලාපයේ අර්බුද ගැන කතා කරයි!

Next Post

IMF කොන්දේසි ඉටුකිරීමට බාධාවක් ඇවිත්! විගණකාධිපතිත් අවුලක! VIDEO

MORE NEWS

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

වෙස් වළාගෙන යායුතු ගමනක්……..! Sri Lanka Latest News

කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News
Exclusive

කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News

ඡන්දයෙන් බලය ගත් ආණ්ඩුව අද ඡන්ද හකුලලා! පළාත් සභා තියන්න! සජබයේ දිනුම නියතයි! ඡන්දය ගන්න විපක්ෂනායක සජිත් දෙකොන් සටනක් පටන් ගනී! මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවී ආශිර්වාද ලබා ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඡන්දයෙන් බලය ගත් ආණ්ඩුව අද ඡන්ද හකුලලා! පළාත් සභා තියන්න! සජබයේ දිනුම නියතයි! ඡන්දය ගන්න විපක්ෂනායක සජිත් දෙකොන් සටනක් පටන් ගනී! මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවී ආශිර්වාද ලබා ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බස් දෙන්න ආපු අය පන්නපු – ස්මාට් බෝඩ් දීපු අය එලවපු – අලුත් දේශපාලන වසන්තයේ මල් පිපෙන හැටි බලන්න එන්න! Sri Lanka Latest News
Exclusive

බස් දෙන්න ආපු අය පන්නපු – ස්මාට් බෝඩ් දීපු අය එලවපු – අලුත් දේශපාලන වසන්තයේ මල් පිපෙන හැටි බලන්න එන්න! Sri Lanka Latest News

Exclusive

කබීර්ලා රනිල් එක්ක මුලින්ම සාකච්ඡා කළ හැටි! වෙලාව යොදාගත් හැටි! සජිත් දවස වෙනස් කළ හැටි! ගිනි තියපු පුස්තකාලය රනිල් සජිත්ට පෙන්නපු හැටි! කිසිම මාධ්‍යක ගියේ නෑ! සජිත් රනිල් පැය එකහමාරක හමුවේ සම්පූර්ණ කතාව මෙන්න! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

හරිනිට දැන් වැඩ වැඩියිලු! වෘත්තීය සමිති එක්ක කතාකරන්නවත් වෙලාවක් නැතිලු! අඟහරුවාදා ලොකු දෙයක් වෙන්න යනවලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේවා මාසයකට දෙකකට කලින් ගත්ත තෙල්! මේ වෙලාවේ තෙල් මිල අඩු කරන්න බෑ.. -අගමැති! මේ ලංකාවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

වෙස් වළාගෙන යායුතු ගමනක්……..! Sri Lanka Latest News

රජ කාලේ රජවරුන්ට රටේ තත්ත්වය, රට වැසියන් කියන්නේ මොනවාද කියලා දැනගන්න පුරෝහිතයන්ද කේවට්ටයන්ද අන්දරේලාද ඕනේ තරම් හිටියේය. ඒ හැබැයි දුරකතන,...

Read more
ඉරාජ් හින්දා හිට් වුණු ක්ලියෝ පැට්‍රා අයියා…! ජොබ් එක ටෙලිකොම් වුණාට ඉන්නේ ආට් එක ඇතුළේ…! ඉරාජ් අයියා තමයි මගේ ටර්නින් පොයින්ට් එක…! මගේ ස්ටයිල් එකට කෙනෙක් තාම ලැබුණේ නැහැ…! නන්දික සමරසිංහ I Sri Lanka Latest News

ඉරාජ් හින්දා හිට් වුණු ක්ලියෝ පැට්‍රා අයියා…! ජොබ් එක ටෙලිකොම් වුණාට ඉන්නේ ආට් එක ඇතුළේ…! ඉරාජ් අයියා තමයි මගේ ටර්නින් පොයින්ට් එක…! මගේ ස්ටයිල් එකට කෙනෙක් තාම ලැබුණේ නැහැ…! නන්දික සමරසිංහ I Sri Lanka Latest News

කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News

කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News

ඡන්දයෙන් බලය ගත් ආණ්ඩුව අද ඡන්ද හකුලලා! පළාත් සභා තියන්න! සජබයේ දිනුම නියතයි! ඡන්දය ගන්න විපක්ෂනායක සජිත් දෙකොන් සටනක් පටන් ගනී! මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවී ආශිර්වාද ලබා ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඡන්දයෙන් බලය ගත් ආණ්ඩුව අද ඡන්ද හකුලලා! පළාත් සභා තියන්න! සජබයේ දිනුම නියතයි! ඡන්දය ගන්න විපක්ෂනායක සජිත් දෙකොන් සටනක් පටන් ගනී! මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවී ආශිර්වාද ලබා ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දැහැනට සමවදින රජ දහන එයි…! Sri Lanka Latest News

දැහැනට සමවදින රජ දහන එයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.