උසස් පෙළ සමත් සිසුන්ට උසස් අධ්‍යාපනය ලබා ගැනීම සදහා දුන් ලක්ෂ 8ක පොලී රහිත ණය ක්‍රමය යළි ලබා දෙන ලෙසට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන ඇත.
විපක්ෂනායකවරයා මෙම ඉල්ලීම කළේ ඉකුත් මාර්තු 7 වැනි දිනය.
ඒ අනුව ඊයේ 17 දින මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ එම ණය මුදල ලක්ෂ 11ක් දක්වා ඉහළ නංවා සරසවි වරම් අහිමි වූ සිසුන්ට ලබා දීමට තීරණය කොට ඇති බවකි.