• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

රොනී සජිත්ගේ කනට කරලා කියපු රහස! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!

March 18, 2023
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
රොනී සජිත්ගේ කනට කරලා කියපු රහස! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!
Share on WhatsAppShare on Facebook

ලංකාවේ විවෘත ආර්ථිකයේ පියා ජේ.ආර්. නම් මව රොනී ඩි මෙල්ය. රොනීට ඒ කාලේ කිව්වේ මල නොතලා රොන් ගන්න රොනී කියාය. එහෙම කිව්වේ රොනී මිනිස්සුන්ට වේදනා නොදෙන විදියට බදු ගහනවා යැයි මතයක් තිබුණු නිසාය. ඒත් එකල ජේ.ආර්.ගේ කැබිනට් මණ්ඩලයේ රොනී එක්ක ඇරගත්ත ඇමැතිවරයෙක් සිටියේය. ඔහු නිකම්ම නිකම් ඇමැතිවරයෙක් නොව, අගමැති රණසිංහ ප්‍රේමදාසය. ප්‍රේමදාස ගෙවල් හදන්න මිනිස්සුන්ට සහන දෙන්න සල්ලි ඉල්ලූ විට රොනීට තිබුණේ වචන දෙකකි. එකක් ‘නෑ’ය. අනෙක ‘බෑ’ය. වරක් ප්‍රේමදාස ගම් උදාවට සල්ලි ඉල්ලා රොනී දෙන්න බෑ කී විට කැබිනට් මණ්ඩලයෙන් යන්න නැගිට්ටේ තම විරෝධය පෙන්වන්න පුටුව මහ හයියෙන් පිටිපස්සට තල්ලු කරලාය. රොනීට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් තමා අසුන්ගෙන සිටි පුටුව පිටුපසට තල්ලුකොට නැගිට යන්න ගිය ප්‍රේමදාස කැබිනට් රැස්වීම් කාමරයේ එළියට යන දොර අමතක විය. ඔහු කැබිනට් රැස්වීමෙන් පිටව යන දොර කියා විවෘත කළේ වැසිකිළි දොරය. රොනී සමග ප්‍රේමදාසගේ ආවේගය ප්‍රේමදාසට එළියට යන දොරත් අමතක කරවන්න සමත් විය.

මේ රොනී සහ ප්‍රේමදාස ගැටුම එකල ‘ඇත්ත’ වැනි විකල්ප පත්තරවල පොල්ගෙඩි අකුරින් පළවිය. රොනී 1988 ජනාධිපතිවරණය ආසන්නයේ මුදල් ඇමැති ධුරයෙන් ඉවත්වී රොනීගේ නොම්මර එකේ හතුරා වූ බණ්ඩාරනායකවරුන්ට එකතු වූයේ ජේ.ආර්. ප්‍රේමදාසව ජනාධිපති අපේක්ෂක කරන්න යන බව ඉවෙන් මෙන් දැනගෙනය. ප්‍රේමදාස ගම් උදාවට ජනතාවට සහන දෙන්න සල්ලි ඉල්ලද්දී තමා නැහැ බැහැ කිව්ව නිසා ප්‍රේමදාස දින්නොත් තමා ඉවර යැයි රොනී බය විය. 1988 ජනාධිපතිවරණයේ ප්‍රේමදාසගේ කැම්පේන් තීම් එක වූයේ විවෘත ආර්ථිකයෙන් සාධාරණයක් ඉටු නොවූ පොඩි මිනිහාට සාධාරණය ඉටු කිරීමය. ඔහු ඒ සඳහා ‘ජනසවිය’ව්‍යාපෘතිය හඳුන්වා දුන්නේය. ප්‍රේමදාසගේ ප්‍රතිවාදී අපේක්ෂිකාව වූ බණ්ඩාරනායක මැතිනියගේ වේදිකාවට නැග්ග රොනී කීවේ ලෝක බැංකුව ප්‍රේමදාසගේ ජනසවියට සල්ලි දෙන්නේ නැහැ කියාය. ප්‍රේමදාස කිව්වේ සල්ලි හොයන ක්‍රමය තමා දන්නවා කියාය. මේ රොනී සහ ප්‍රේමදාස ජනාධිපතිවරණ වේදිකාවේ එකිනෙකාට පහරදුන් හැටිය.

‘මේ රටේ ජනතාවට සහන සලසන්න ගෙනා හැම යෝජනාවටම මැල් මහත්තයා විරුද්ධ වුණා. එයාට අපි කිව්වේ නෝ මනී කියලා. එයා දැන් අපි ළඟ නැහැ. අපට දැන් සැනසීමේ ජනතාවගේ දුක් ගිනි නිවන්න පුළුවන්….’

‘මේ විදියට මිනිස්සු ජීවත් කරවන්න රට හදන්න කැපවෙන ප්‍රේමදාස හොඳද? සල්ලි නැහැ, ලෝක බැංකුව සල්ලි දෙන එකක් නැහැ කියා පසුබසින අය හොඳද…?’ -රණසිංහ ප්‍රේමදාස

ප්‍රේමදාස ජනාධිපතිවරණය දින්නේය. රොනී ප්‍රේමදාසට බයේ විදේශගත විය. ප්‍රේමදාස ජනසවියට කොහොම හරි ලෝක බැංකුවෙන් සල්ලි හොයාගත්තේය. ලෝක බැංකුව සහ මූල්‍ය අරමුදල සාමාන්‍යයෙන් ජනසවිය වැනි ව්‍යාපෘතිවලට ලොව කොහෙත් සල්ලි දෙන්නේ නැත. ඒත් ප්‍රේමදාස කොහොම හරි ජනසවියට ලෝක බැංකුව එකඟ කරගත්තේය.

රොනී යළි යූ.ඇන්.පී.යට ආවේ ප්‍රේමදාස ඝාතනය වූවාට පසුවය. 2021 රොනීට හරියටම වයස අවුරුදු 96 පිරෙන දවසේ ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාස රොනීට සුබ පතන්න ගියේය. ඒ, සජිත් සමගි ජන බලවේගයේ නායකයා වී විපක්ෂ නායක වූවාට පසුවය. එහිදී රොනී සජිත්ට ලංකාවේ ආර්ථිකය ගැන ලොකු විග්‍රහයක් කළේය. පහත දැක්වෙන්නේ එම විග්‍රහයය.

‘ලංකාවේ ආර්ථිකය වැටිලා තියෙන්නේ අමාරුම අඩියකට. අපට තවත් ධනවාදයට වැඳගෙන ඉන්න බැහැ. අපි මේ ආර්ථිකයට බෞද්ධ දර්ශනය ගෙන එන්න ඕනෙ. හැමෝටම සාධාරණයක් ඉටුවෙන ආර්ථික ක්‍රමයක් අපි හඳුන්වා දෙන්න ඕනෙ. ඒක බෞද්ධ ධර්මයේ තියෙනවා. ලංකාවේ පොඩි දුප්පත් මිනිහාගේ පැත්ත ගන්න ඕනෙ. ශ්‍රී ලංකාවට අද හැමෝටම සාධාරණය ඉටුවෙන සංවර්ධනයක් අවශ්‍යයි. 1977 වගේ අද රටට අලුත් ආර්ථික ක්‍රමයක් අවශ්‍යයි. 77 වගේ ආර්ථික ක්‍රමයේ ලොකු වෙනසක් අවශ්‍යයි…’
රොනී ඩි මෙල්
වීඩියෝ
12.04.2021

රොනී ඩි මෙල් මේ කතාව සජිත්ට කියනකොට ලංකාවේ ආර්ථික අර්බුදයක් එන ලකුණක්වත් තිබුණේ නැත. ලංකාව බංකොලොත් වෙයි කියා කවුරුවත් හීනෙන්වත් හිතුවේ නැත. ඒත් රොනී කියන්නේ ලංකාවේ ආර්ථිකය ගොඩගන්න බැරි තැනට වැටිලා කියලාය. ඒ ඔහුගේ ඉවට දැනුණු දේය. ඔහු ඊළඟට සජිත්ගේ කනට කරලා අපූරු කතාවක් කීවේය.

‘සජිත් ඔබ තමයි ලංකාවේ එකම බලාපොරොත්තුව. ඔබට විතරයි විවෘත ආර්ථිකය වැටුණු වළෙන් ගොඩ ගන්න පුළුවන්. ඒකට සමාජවාදයේ උදව් ටිකක් වැඩියෙන් ගන්න ඕනෙ…’

මේ රොනී සජිත්ට රහසින් කනට කරලා කියන කතාව වීඩියෝවේ ඇහෙන ආකාරයය.

අයවැය 11ක් ඉදිරිපත් කළ විවෘත ආර්ථිකයේ සහ ධනවාදයේ මව රොනී ඩි මෙල් එහෙම කිව්වේ නිකම්ම නොවේ. ඔහු නොකියා කියන්නේ විවෘත ආර්ථික ක්‍රමය තුළ පොඩි මිනිහා ඔසවන රණසිංහ ප්‍රේමදාසගේ ආර්ථික ක්‍රමය ලංකාව ගොඩගන්න අවශ්‍ය බවය.

ප්‍රේමදාසගේ ආර්ථික ක්‍රමය කිව්වාම හැමෝම කතා කරන්නේ ඇඟලුම් කම්හල් ව්‍යාපෘතියය. ප්‍රේමදාස ඇඟලුම් කම්හල් ව්‍යාපෘතිය දියත් කළේ ලංකාවට ඩොලර් හොයන්න විතරක් නොවේ. ගමට කර්මාන්ත ගෙනගොස් ගම නගරයක් වගේ දියුණු කරන්නටය. ඔහු ඇඟලුම් කර්මාන්ත හදන හැම හන්දියකම ඔරලෝසු කණුවක් ඉදිකළේ ඔරලෝසු කණුව අවට ටවුන් එකක් හදන්නටය. ප්‍රේමදාස ලංකාව දියුණු කරන්න දියත් කළේ ඇඟලුම් කර්මාන්ත ව්‍යාපෘතිය පමණක් නොවේ. අද ලංකාවේ ජනප්‍රියතම හෝටලය වන කණ්ඩලම හෝටලය ප්‍රේමදාස මැදිහත් වූ හෝටල් ව්‍යාපෘතියකි.

කණ්ඩලම හෝටලයට ආ විපක්ෂ විරෝධය හමුවේ හෝටලය හදපු සමාගම අකුළාගෙන යන්න හදද්දී හෝටලය හදන්න පොලිස් හමුදා ආරක්ෂාව දුන්නේ ප්‍රේමදාසය. ඊළඟට ප්‍රේමදාස කල්පනා කළේ දකුණේ තරුණ තරුණියන් ආයුධ අතට ගැනීමට හේතුවත් ‘කොළඹට කිරි ගමට කැකිරි’ යන ජවිපෙ සටන් පාඨයත් ගැනය. ජේ.ආර්. සියලු නිදහස් වෙළෙඳ කලාප හැදුවේ බස්නාහිර පළාතේය. ප්‍රේමදාස දකුණේ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයක් හදන්න තීරණය කළේය. කොග්ගල සිට භාණ්ඩ ප්‍රවාහනය ලෙහෙසි කරන්න දකුණු අධිවේගී මාර්ගය හදන්න තීරණය කළේය.

කවුරුත් දන්නේ නැති කතාව දකුණු අධිවේගී මාර්ගය හදන්න ශක්‍යතා වාර්තාව හදලා ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ජපානයෙන් අඩු පොලියට ණයක් සහ මුදල් ආධාරයක් අනුමත කරවා ගත්තේ ප්‍රේමදාසය. ප්‍රේමදාසට ඕනෑ වුණේ කොග්ගලයි කටුනායකයි අධිවේගයෙන් යාකරන්නටය. ඊළඟට ලංකාවට අයි.ටී. තාක්ෂණය පළමුවෙන් හඳුන්වා දුන්නේත් ප්‍රේමදාසගේ කාලයේය.

සෙල්ටෙල් සෙලියුලර් දුරකතනය, පරිගණකය ලංකාවට ගෙනාවේ ප්‍රේමදාසගේ කාලයේය. සෙලියුලර් දුරකතනය ලංකාවට ආවේ 1989 ජූලි 18ය. ඒ, ලොව 36 වැනි රට ලෙසය. ලංකාව පළමු විiුත් ලිපි නොහොත් ඊ-මේල් භාවිතය පටන්ගත්තේ 1989 අග ප්‍රේමදාසගේ කාලයේය. ලංකාවේ අන්තර්ජාලයේ පියා ලෙස සලකන මහාචාර්ය ඉඳුරුව ලංකාවට අන්තර්ජාලය හිමි වී වසර 20 සමරද්දී මෙසේ කීවේය. ඔහු කීවේ අන්තර්ජාලය පටන්ගත් ආසියාවේ රටවල් කුඩා ප්‍රමාණයක් තුළ ලංකාවද සිටි බවය.

‘1989 දී අපි වාසනාවන්ත වුණා ලංකාවේ පරිගණක පද්ධතිය බිහිකරන්න. ඒ සඳහා ආණ්ඩුවට ජපානයෙන් යෙන් මිලියන 400ක ආධාර ලැබුණා. 1990 අපි ලංකාවට පළමු වරට අන්තර්ජාල පදනම් කරගත් විiුත් ලිපි ක්‍රමයක් හඳුන්වා දුන්නා….’
ඩේලි එෆ්.ටී.
23.06.2015

ඒ කියන්නේ සෙලියුලර් දුරකතන පද්ධතිය, අන්තර්ජාලය පටන්ගත් ලොව බලවත් රටවල් අතරට ප්‍රේමදාස මේ පුංචි ලංකාවද එක්කරවූ බවය.

ප්‍රේමදාස ලංකාවේ ලොකු මිනිහා සහ පොඩි මිනිහා නොහොත් අහසයි පොළොවයි එකට ගැටගැහුවේ එහෙමය. එහෙම ගැටගහන්න හැමෝටම බැරිය. ඒකට නායකයෙක්ට පොඩි මිනිහා ගැන කැක්කුමක් තිබිය යුතුය. රොනී හිතන්න ඇත්තේ ප්‍රේමදාසගේ පුතාට තාත්තාට වගේම ඒ කැක්කුම තියෙනවා කියා විය යුතුය. ඔහු එදා කතා කරද්දී ලංකාව බංකොලොත් වෙන හැටි ලංකාවට දණින් වැටී බඩගාගෙන අයි.එම්.එෆ්. යන්න වෙන හැටි, ලංකාව අයි.එම්.එෆ්. කොන්දේසි ඉහ මුදුණෙන් පිළිගෙන පොඩි මිනිහා කුඩුපට්ටම් කරන්න බදු ගහන හැටි රොනීට චිත්‍රයක් වගේ මැවෙන්න ඇත. ප්‍රේමදාස ලෝක බැංකුවට ජනසවිය වික්කා වගේ පොඩි මිනිහාගේ දුක අයි.එම්.එෆ්. එකට විකුණන්න පුළුවන් නායකයෙක් ලංකාවට අවශ්‍ය යැයි රොනීට හිතෙන්න ඇත.

‘සජිත් ඔබ තමයි ලංකාවේ එකම බලාපොරොත්තුව…’

තමා ඉදිරියේ ඉන්නේ එවැනි නායකයෙක් බව වටහාගෙන රොනී, සජිත්ගේ කනට කරලා ඒ වචන ටික කිව්වේ ඒ නිසා විය යුතුය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

දේශපාලඥයන්ටයි දේශපාලන පක්ෂවලටයි තියෙන ලොකුම අඩුපාඩුව මැතිවරණ කොමිසමෙන් පෙන්වා දෙයි! VIDEO

Next Post

උසස් පෙළ සමත් සිසුන්ගේ උසස් අධ්‍යාපනයට‌ පොලී රහිත ණයක් දෙන ලෙසට සජිත් පාර්ලිමේන්තුවේදී කළ ඉල්ලීම පත්තු වෙයි! මුදල් අමාත්‍යංශය සජිත්ගේ ඉල්ලීම ඉටු කරයි! VIDEO

MORE NEWS

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.