• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට ගරු කරනු! ස්වාධීනත්වය ආරක්ෂා කරනු! අනුචිත මැදිහත්වීම් නොකරනු! විනිසුරුවරුන් ගැන විමර්ශනයට දුන් අනුමැතිය ඉල්ලා අස්කරගනු! මේක භයානක පූර්වාදර්ශයක්! අධිකරණයේ අධිකාරී බලය ගැන විමර්ශනය කරන්න දේශපාලඥයන්ට බෑ! ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසමෙන් ආණ්ඩුවට බරපතළ දැනුම්දීමක්!

March 18, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට ගරු කරනු! ස්වාධීනත්වය ආරක්ෂා කරනු! අනුචිත මැදිහත්වීම් නොකරනු! විනිසුරුවරුන් ගැන විමර්ශනයට දුන් අනුමැතිය ඉල්ලා අස්කරගනු! මේක භයානක පූර්වාදර්ශයක්! අධිකරණයේ අධිකාරී බලය ගැන විමර්ශනය කරන්න දේශපාලඥයන්ට බෑ! ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසමෙන් ආණ්ඩුවට බරපතළ දැනුම්දීමක්!
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා වෙන් කළ මුදල් නිදහස් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගයකට ගරු කරන ලෙසත්, පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමේ තත්ත්වයක් පිළිබඳ විමර්ශනය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් යොමු කිරීමට පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් දුන් අනුමැතිය ඉල්ලා අස්කර ගන්නා ලෙසත් ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම ICJ රජයෙන් ඉල්ලා සිටියේය.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව දැනුම් දී තිබේ.

එම කොමිසම පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ මෙම ක්‍රියාවන් අධිකරණයේ සහ අධිකරණ ක්‍රියාකාරිත්වයේ ස්වාධීනත්වයට බරපතළ සහ අනවශ්‍ය අතපෙවීමක් බවයි.

එහි නීති සහ ප්‍රතිපත්ති අධ්‍යක්ෂ, ඉයන් සීඩර්මන් Ian Seiderman පැවසුවේ, “තමන්ගේම අධිකරණ බලය සහ නිපුණතාවය පිළිබඳ ප්‍රශ්න ඇතුළුව, යුක්ති සහගත ස්වභාවයේ සියලු කාරණා සම්බන්ධයෙන් අධිකරණයට අධිකරණ බලය ඇති බව නීතියේ මූලික රීතියයි”. “ශ්‍රේෂ්ඨාධිකරණය එහි අධිකාරිය තුළ ක්‍රියා කර තිබේද යන්න තීරණය කිරීම කිසිදු දේශපාලන නියෝජිතයකුට නොහැක.”යනුවෙනි.

මාර්තු 10 වන දින මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ “ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් වරප්‍රසාද ප්‍රශ්නය ඇසීමට පෙර අතුරු නියෝගය ක්‍රියාත්මක කිරීම බරපතල වරදක්” බවයි. එම පාර්ලිමේන්තු කාරක සභාව එම කරුණ පිළිබඳ විමර්ශනය අවසන් කරන තුරු ඡන්ද විමසීමට අදාළ කරුණු සම්බන්ධයෙන් කටයුතු නොකරන ලෙස අදාළ සියලු බලධාරීන්ට උපදෙස් දෙන ලෙස අමාත්‍යවරයා නියෝජ්‍ය කථානායකවරයාගෙන් කළ ඉල්ලීම පිළිබදවද නීතිවේදීන්ගේ කොමිසම අවධානය යොමු කොට ඇත.

“ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද අතුරු නියෝගයකට ගරු කිරීම ප්‍රතික්ෂේප කිරීම සහ එය පාර්ලිමේන්තුවේ පරීක්ෂණයකට යොමු කිරීම බලතල බෙදීම කඩ කිරීමක් වන අතර අධිකරණයේ ස්වාධීනත්වය දැනටමත් බිඳෙනසුලු රටක භයානක පූර්වාදර්ශයක් සපයයි” යනුවෙන් ඉයන් සීඩර්මන් පැවසීය.

අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මූලික මූලධර්ම “අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කිරීම සහ නිරීක්ෂණය කිරීම සියලුම රාජ්‍ය සහ අනෙකුත් ආයතනවල යුතුකම” සහ “අනුචිත හෝ අනවශ්‍ය මැදිහත්වීමක් සිදු නොකළ යුතු බව” ICJ සිහිපත් කළේය.

පළාත් පාලන මැතිවරණයට අදාළව අතුරු නියෝගය ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීමක් ලෙස සලකා බලන ලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත මහතා පසුගිය මාර්තු 7 වැනිදා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. කථානායකවරයා එම ඉල්ලීම පිළිගෙන ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කළේය.

SendShareShare
Previous Post

දැනටමත් එක්කෙනෙක් මැරුණු මොකද්ද මේ ලිස්ටීරියාව! හැදෙන්නෙ ‌කොහොමද? රෝග ලක්ෂණ මොනවද? ජීවිතේ බේරගන්නේ කොහොමද? VIDEO

Next Post

එකක් ඉවර වෙනකොට තව එකක්! ක්‍රිකට් නිලවරණයේදී ඇමැති බලතල මත නාමයෝජනා අහෝසි කිරීමේ අලුත් සැලැස්මක්! දැනටමත් පරීක්ෂණ අරඹලා! පාපන්දුවට වෙච්ච දේම ක්‍රිකට්වලටත් වෙයිද?

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

රඟපානවා නම් මෙන්න රඟපෑම්… කාලෙකට පස්සේ ලංකාවේ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයෝ එක හුස්මට බලන, සුපිරිම රංගනයක් පුංචි තිරයෙන් දැකගන්න ලැබෙනවා. ඒ වෙන...

Read more
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.