නියමිත මාසයට අදාළ වන පරිදි ජල බිල්පත් පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.
මාස කිහිපයක බිල්පත් එකවර ජල පාරිභෝගිකයන් වෙත ලබාදීමෙන් ජනතාවට දැරිය නොහැකි ජල ගාස්තුවක් ගෙවීමට සිදුව ඇති බවයි ඔහු කියා සිටියේ.










