• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආර්ථිකය ගැන රනිල් අද පාර්ලිමේන්තුවේ කිව්වේ බොරු! රනිල්ගේ කතාවට පළමු ප්‍රහාරය පෙරටුගාමීන්ගෙන්! VIDEO

March 7, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
රනිල් නිසා රට සිවිල් යුද්ධයකට ඇදී යාමේ අවදානමක්! විදේශීය මිලිටරි මැදිහත් වීමේ අවදානමක්! තනි මිනිහෙක්ගේ බලකාමයට ලංකාවට මේ තරම් විනාශයක් කරන්න දෙන්න බෑ! කව්ද රනිල් ජනාධිපති කියලා පිළිගන්නේ! පෙරටුගාමී පුබුදු රනිල් ගැන නියම විග්‍රහයක් කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රුපියලේ අගය තරමක් ඉහල යාම පදනම් කරගෙන ආර්ථිකය ස්ථාවර වෙමින් තිබෙන බවටත් රුපියල ශක්තිමත් වෙමින් තිබෙන බවටත් කෙරෙන ඝෝෂාව පදනම් විරහිත සහ වංචනික එකක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

අද පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ වත්මන් ආර්ථික තත්වය පිළිබඳව කළ ප්‍රකාශය විවේචනය කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව පැවසුවේ එදිනම පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවකදීය.

තවදුරටත් ඔහු මෙසේ පැවසීය.

“රුපියලේ අගය ඉහල යන බව මේ අය කියන්නේ ඩොලරයක අගය රුපියල් 360 සීමාවේ සිට පසුගිය සතියේ රුපියල් 340 සීමාවට පැමිණි නිසා. ලංකාව පූර්ණ නාමය විනිමය අනුපාතිකයක් තිබෙන රටක් නෙවෙයි, පාලිත නාමය විනිමය අනුපාතික ක්‍රමයක් තිබෙන රටක්. එවැනි රටක විදේශ විනිමය අනුපාතිකය පිලිබඳ තීරක සාධකය අන්තර් බැංකු විනිමය වෙළඳපල. ඒ කියන්නේ බැංකු අතර ඩොලර් ගනුදෙනු වල ඉල්ලුම සහ සැපයුම. රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වෙන්න නම් එක්කෝ ඩොලර් ලැබීම් වැඩි වෙලා ඩොලර් සඳහා වන ඉල්ලුම පහත වැටෙන්න ඕන. නැතිනම් රුපියල් සඳහා විශාල ඉල්ලුමක් ඇති වෙලා රුපියල් සැපයුම අඩු වෙන්න ඕන. මෙතන රුපියල් අදාළ නෑ. ලෝකයේ කිසිම රටක රුපියල් සඳහා ඉල්ලුමක් නෑ වගේම රුපියල් මුද්‍රණය දිගින් දිගටම කෙරෙන නිසා සැපයුමේ අඩුවක් නෑ. එහෙමනම් රුපියලේ අගය ඉහල ගියේ ඩොලරය නිසා වෙන්න ඕන. ආණ්ඩුව ඩොලර් ඉල්ලුම පහත දැම්මා. එක කළේ ණය ගෙවීම නතර කිරීමෙන් සහ ආනයන සීමා පැනවීමෙන්. ආනයන සීමා පැනවීම නිසා ප්‍රශ්න ගොඩක් ආවා. සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායන් බිඳ වැටීම නිසා අමුද්‍රව්‍ය සහ යන්ත්‍රසූත්‍ර සඳහා වන ආනයන ඉල්ලුම වැටුනා. නිෂ්පාදනය නැවතුනා කියන්නේ ව්‍යාපාර වැටෙනවා, රැකියා අහිමි වෙනවා, දෛනික ආදායම් අඩු වීම නිසා පරිභෝජනය අඩු වෙනවා. ඒක ආර්ථිකයේ ජයග්‍රහණයක් නෙවෙයි. ආහාර -ඖෂධ -ඉන්ධන වගේ දේවල් ගෙන්වීමත් අඩුවුනා. ඖෂධ නැතිව මිනිස්සු මැරෙනවා. නිර්වින්දන ඖෂධ නැති කමෙන් ශල්‍යකර්ම නැවතිලා. සමාජයේ මිලදී ගැනීමේ හැකියාව නැති වෙලා ඉන්ධන පරිභෝජනය අඩු වෙලා. 2021 වසරේ සිට 2022 වසරට එද්දී ඉන්ධන පරිභෝජනය 40%කින් අඩු වෙලා. විදුලි බල ඉල්ලුම ගිය අවුරුද්දේ 10%කින් විතර වැටුනා. මේ අවුරුද්දේ තවත් 5%කින්වත් වැටෙයි. එතකොට පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගල් අඟුරු, දැවී තෙල් ගෙන්වීමේ ප්‍රමාණය අඩු වෙලා ඩොලර් ඉතිරි වෙනවා. එතකොට රුපියල ඉහල යනවා. ඒත් එක හපන්කමක් නෙවෙයි අසමත්කමක්. ආර්ථිකය සම්පූර්ණ බිඳවැටෙමින් පවතින වෙලාවක ඒ බිඳ වැටීම හරහා රුපියල ශක්තිමත් වෙනවා කියද්දී ඒක මොන තර්කයක්ද? අපි අපේ ගෙවල් වල ගෙවල් කුලිය ගෙවන්නෙත් නැතිව, විදුලි බිල ගෙවන්නෙත් නැතුව, ජල බිල ගෙවන්නෙත් නැතුව, දුරකථන බිල ගෙවන්නෙත් නැතුව, ගෙවන්න තියෙන වෙන ලීසිං වාරික ණය වාරික මුකුත් ගෙවන්නෙත් නැතුව, වේල් තුනක් නොකා කෑම වේල් දෙකට බස්සලා ඒ වේලෙත් මාළු කෑල්ල – මස් කෑල්ල – බිත්තරේ පිගානෙන් අයින් කරලා ඊට පස්සේ කිව්වොත් ‘අපි දැන් විශාල ආර්ථික වර්ධනය”ක ඉන්නේ, ආර්ථිකය ගොඩ ගිහින් තියෙන්නේ, මාසේ පඩියෙන් සල්ලි ඉතුරුත් වෙනවා කියලා කිව්වොත් හරිද? මං හිතන්නේ රටේ කිසිම පවුලක කෙනෙක් ඒ වගේ ගොන් කතාවක් කියන්නේ නෑ. හැබැයි මේ ජනාධිපති ලෙස පෙනී සිටින පුද්ගලයා උමතු ලෙස එහෙම කියනවා. වයර් මාරු වෙලාද දන්නේ නෑ. මේ පුද්ගලයාව මනෝ වෛද්‍යවරයෙකුට පෙන්වලා ඔහු උමතුවෙන් නම් පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගේන්න වෙනවා. සාමාන්‍ය සිහි බුද්ධියක් තියෙන කිසිකෙනෙක් නොකියන කතා තමයි චන්ඩියා වගේ පාර්ලිමේන්තු ඇවිල්ල කියන්නේ. ඒකටම හරියන්න ඒකට අප්පුඩි ගහන රාජපක්ෂ කල්ලියේ මෝඩයෝ රැලක් ඉන්නවා. විපක්ෂයේ කොන්ද පණ තියෙන එක මිනිහෙක් නෑ නැගිටලා රනිල්ට කියන්න බොරු කියන්න එපා කියලා.

ඊළඟ ප්‍රශ්නය වන්නේ ඩොලර් ලැබෙන විදිය. හදිසියේ ඩොලර් ලැබුනද? ඩොලර් පිටතට යන එක අඩු වෙන කොට පුංචි ගාණක් ලැබුනත් ඩොලර් මිලියන 400ක් ලැබුණත් ඒකෙනුත් රුපියලේ අගය ශක්තිමත් වීම තාවකාලිකව වෙනවා. ඒක මුළුමනින් විකෘතියක්, රුපියල සැබෑ ලෙස ශක්තිමත් වීමක් නෙවෙයි. ඒක සම්පූර්ණ විකෘතියක්. ලෝක බැංකුවත් එක්ක අනුබද්ධ අයි එෆ් සී හෙවත් ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ස් කෝපරේෂන් එක ලංකාවට අත්යවශ්‍ය ආහාර, ඖෂධ සහ ඉන්ධන ගෙන්වීම සඳහා ස්වැප් ගිවිසුමක් අත්සන් කරනවා වානිජ බැංකු හතරකුත් සම්බන්ධ කරගෙන. තාම එක ඩොලර් එකක් ඇවිල්ල නෑ. නමුත් ඩොලර් මිලියන හාරසීයක ගිවිසුමක් අස්සන් කිරීමත් සමඟ ඒකත් එක්කම ලංකාවේ ඩොලර් සංචිත පිළිබඳ විශ්වාසය ඉහළ යනවා. ඒක විසින් තාවකාලිකව යම් රුපියලේ ශක්තිමත්වීමක් වෙනවා,බලමුකෝ මාසයකින දෙකකින් මොකද වෙලා තියෙන්නේ කියලා. අනිත් එක ණය අරගෙන රුපියල ශක්තිමත් කරන එක මොන මෝඩයෙක්ද කරන්න? දැන් රනිල් කරන්නේ එහෙමයි. පසුගිය සතියේ මහ බැංකුව සාමාන්ය මූල්‍ය වෙළඳපොලෙන් ඩොලර් මිලියන 308ක් මිලට අරන් තිබුනා. ඒක මෑත ඉතිහාසයේ මහ බැංකුව විසින් වැඩිම ඩොලර් ප්‍රමාණයක් මිලට ගත්ත සතියක්. මේ විදිහට ඩොලර් මිලට ගනිද්දී ඩොලර් ප්‍රමාණය වැඩි වී ලැබෙන ප්‍රමාණය වැඩි වන නමුත් ඒවා හැමදාම කරන්න බෑ.ඊළඟ ප්‍රශ්නේ තමයි මේ මහ බැංකුවට හැමදාම දිගටම මේ විදිහට ඩොලර් මිලට ගන්න බෑ. හරි පැහැදිලියි, මේ දේශපාලුවන් කළේ පළාත් පාලන මැතිවරණ පවත්වන්න නියමිතව තිබුණා, ඒක කල් දාද්දී බොරු ආර්ථික වර්ධන කතාවක් ගොතන එක.

මෙතන වෙන වෙන ගේම් ටිකකුත් තියෙනවා. කලින් වාණිජ බැංකු වලට ලැබෙන අපනයන ආදායම් වලින් 25%ක් මහ බැංකුව හරහා රුපියල් බවට පත් කරන නීතියක් තිබුනා. දැන් ඒක 15%ට අඩු කරලා. එතකොට වෙනදා මහ බැංකුවට යන ඉතිරි 10% වාණිජ බැංකු හරහා වෙළඳපලට යනවා. අලුතින් ඩොලර් ඇවිල්ලා නෑ, ඒත් වෙළඳපලට අලුතින් ඩොලර් ආවා වගේ පේනවා. රටට එන ඩොලර් වැඩි වෙලා නෑ. නමුත් මල්වෙඩි සංදර්ශනයක් පේනවා. ඩොලරයට දැමු විචල්‍ය සීමාවත් වෙනස් කළා. කලින් මහ බැංකුව ප්‍රකාශ කරන රුපියලේ අගයෙන් රුපියල් 2.50ක් අඩු හෝ වැඩි කරන්න පුළුවන්. දැන් මේක රුපියල් 7.50ට වැඩි කරලා. එතකොට ඇතැම් බැංකු සාමාන්‍ය අගයට වඩා රුපියල් 6ක් 7ක් වැඩිපුර ගෙවන නිසා පෞද්ගලිකව තියාගෙන ඉන්න මුදල් එලියට ඇදෙනවා. එතකොට ඩොලර් සැපයුම වැඩි වුනා වගේ පේනවා. ඒත් අලුතින් ඩොලර් නෑ. තියෙන ඒවම එහා මෙහා වෙලා මිරිඟුවක් මැවෙනවා. රුපියලේ අගය වැඩි වෙනවිට, ඩොලරයට අදාළ රුපියල් ගණන් අඩු වෙනකොට තව අඩු වෙයි කියලා හංගගෙන හිටිය ඩොලර් විකුනනවා. මේවායෙන් ඩොලර් සැපයුම වැඩි බව පෙන්වනවා. ඇත්තටම වැඩි වෙලා නෑ. මේක මායාවක්.
පංචතන්ත්‍රයේ කතාවක් තියෙනවා, බඩගින්නේ නරියෙක් ඇවිදගෙන යද්දී අතහැර දැමු බෙරයක් හමුවුනා. නරියා බෙරේට පොඩ්ඩක් අතින් පාරක් ගැහුවට පස්සේ ලොකු සද්දයක් ආවා. නරියා හිතුවා ලොකු සද්දයක් එනවාමේක ඇතුලේ ගොඩක් කන්න දේවල් ඇති කියලා. ඊට පස්සේ බෙරේ හම් කෑල්ල කන්න ගිහිල්ලා, ඒක පුපුරලා මේ නරියා තුවාල වෙලා මැරුණා කියලා තමයි පංච තන්ත්‍රය කියන්නේ. ඒ නිසා ලංකාවේ ආර්ථිකයේ ලොකු සද්දයක් එනවා කියලා රනිල් කිව්වට ඇතුලේ මුකුත් නෑ.ඒ බොල් කම විසින් තමයි සද්දය එන්නේ. මේකට රැවටෙන්න එපා. මේකට රවටුනොත් එහෙම වෙන්නේ අර පංච තන්ත්‍රයේ බඩගිනි නරියා වගේ අපිටත් මේ හම් කෑල්ල උගුරට ගිහිල්ලා තුවාල වෙලා මැරෙන්න. ආර්ථිකය දැනටමත් උපරිම තුවාල වෙලා තියෙන්නේ, රටේ පහළ පන්තියට උපරිම තුවාල වෙලා තියෙන්නේ. ඒ නිසා ජනතාවගෙන් ඉල්ලනවා මේ රනිල් රාජපක්ෂ කල්ලියේ මේ දුෂ්ට රැවටිලි සහගත ක්‍රියා මාර්ගයට එරෙහිව තදින් ඉන්න, පාරට බහින්න, උද්ඝෝෂණ කරන්න, සංවිධානය වෙන්න කියලා. ජනවරමක් නැති ජනතාවගේ අනුමැතියක් නැති මේ පාලක කල්ලිය කනෙන් අල්ලලා එලියට දාන්න. මේ විනාශය නවත්තන්න ජනතාව අරගල කරනවා. ඒ අරගලවලට උද්ඝෝෂණවලට හමුදාවයි පොලිසියයි දාගෙන තුවක්කු කබල් උස්සගෙන නටන්න ආවොත් රනිල්, ඒවාට ඉඩ දෙන්න එපා. රනිල් අද කෑගැහුවනෙ තදින් ඉන්නවා කියලා. අපි ජනතාවගෙන් ඉල්ලනවා ඔය රනිල් වික්‍රමසිංහටයි රාජපක්ෂ ජුන්ටාවටයි එරෙහිව තදින් ඉන්න. පොඩි පොඩි බුරුලක්වත් දෙන්න එපා.රනිල් රසජපක්ෂ කල්ලිය හුරතල් කරන්න එපා. එලවන්න.

සම්පූර්ණ මාධ්‍ය හමුව පහත පළවේ.

SendShareShare
Previous Post

විපක්ෂයම ගිහින් අද මැතිවරණ කොමිසම හමුවී ඡන්දය ගැන කතා කරයි! මද්දුමබණ්ඩාර-ජී.එල්.-හකීම්-විජිත-රාසමාණික්කම්-මුජිබර් එළියට ඇවිත් කියපු දේ! VIDEO

Next Post

අධිකරණ නියෝග-ආරක්ෂක බලඇණි මැද අන්තරේ කොළඹ බලා ගමන් ගනී! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.