මහ බැංකු සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව වෝහාරික වාර්තාවෙන් හෙළිවු බව එක්සත් ජාතික පක්ෂ මාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පසුගියදා මට්ටක්කුලිය ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වීමෙන් අනතුරුව, මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
එක්සත් ජාතික පක්ෂයට ප්‍රශ්නයක් ඇති කළේ පක්ෂයේම පිරිසක් විසින් බවත්, මේ වන විට එම වැරැද්ද නිවැරදි කළ යුතු බවත් මන්ත්‍රීවරයා පවසයි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,
“වෝහාරික වාර්තාවෙන් දැන් පැහැදිලි නේද අපි නිදොස් කියලා. අපි මොනතරම් ඉවසීමෙන්ද කටයුතු කළේ කියලා. බැංකු සිද්ධිය සම්බන්ධයෙන් කිසිම වරදක් නැතිව මාව සැකකරලා මොනතරම් දෙවල් කලාද. දැන් ඒක පැහැදිළි නේද මම සම්බන්ධයක් නැහැ කියලා. කොපමණ කල් ගියත් සත්‍ය ජයගන්නවා කියන දේ අද පැහැදිළි වුණා. 2002 සිට 2015 දක්වා කාලය තුළ සෑම දෙයක්ම සිදුවුණේ යම් රටාවකට. ඒ කාලය තුළ සියළුම දේ වැරදි නැහැ. වැරදි දේවල් අපි කෝප් කමිටුවට බාරදිය යුතුයි. මෙහි සැබෑ ප්‍රශ්නකරුවන් වන්නේ එක්සත් ජාතික පක්ෂයේම දෙතුන්දෙනෙක්. එවකට සිටි ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක, මලික් සමරවික්‍රම, මංගල සමරවීර,මේ වගේ කට්ටිය එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම්, හර්ෂ සිල්වා, සුජීව සේනසිංහ නිකරුණේ පක්ෂයට ප්‍රශ්නයක් ඇතිකළා. ඒ අය පක්ෂයට ඇති කළ වැරැද්ද අද අපි නිවැරදි කළ යුතුයි. එක්ස්ත ජාතික පක්ෂය නිකරුනේ ප්‍රශ්නවලට පැටලුනා. බැණුම් ඇහුවා. නමුත් අවසානයේ අපි ජය ගත්තා” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සදහන් කර සිටියේය.











