• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උදේ පාන්දර නැගිටලා කිරි ඉල්ල බොන දඟේ… හතර වටේ දුව පැනපුවා තාමත් පේනවා වගේ… මොන වරදක් කළ නිසා ද අසරණ දරුවන් මගේ… නොතේරුණද මහත්වරුණි දරු පැටවුන්ගේ අගේ…

February 26, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
උදේ පාන්දර නැගිටලා කිරි ඉල්ල බොන දඟේ… හතර වටේ දුව පැනපුවා තාමත් පේනවා වගේ… මොන වරදක් කළ නිසා ද අසරණ දරුවන් මගේ… නොතේරුණද මහත්වරුණි දරු පැටවුන්ගේ අගේ…
Share on WhatsAppShare on Facebook

කෑගහලා අඬන්න බැරි, ලෝකෙන් උදව් ඉල්ලන්න බැරි, 1990ට කතා කරන්න බැරි, රෝහලක් නැති, සේලයින් දෙන්නේ නැති, මැෂින්වලට සවිකරන්නේ නැති, තමන්ගේ දරුවෝ ආදරෙන් බලාගන්න කොහොම හරි උත්සාහ කරපු ආදරණීය අම්මා කෙනෙක් කිරිබර දරාගන්න බැරුව පාරේ කඳුළු සලනවා ඔබ දැක්කද? ඒ අම්මාගේ දරු දෙන්නව රතු පාට කාර් එකක ආපු නරුමයෙක් හිතක් පපුවක් නැති විදියට යටකරලා පොඩි කරන හැටි ඔබ දැක්කද? ඒ වාහනේ පිටත් වෙලා ගියාට පස්සේ ඒ අම්මා කරකියා ගන්න දෙයක් නැතුව මියගිය තමන්ගෙ පැටවු දෙන්නා දිහා බලාගෙන ඉන්න හැටි ඔබ දැක්කද? තත්පර ගානකට කලින් තමන් වගේ දුවපු, නටපු, ඇඟේ එල්ලිච්ච, කන් පෙති හපපු, ආදරෙන් හිස පිරිමැදපු, ඇඟේ එල්ලි එල්ලි කිරි බීපු පැටව් දෙන්නා හැලහොල්මනක් නැතුව වැටිලා ඉන්න හැටි ඔබ දැක්කද? ඒ දරු පැටවුන්ව හප්පලා පැනලා ගියපු ඒ තිරිසනා ඔබේ තාත්තද? ඔබේ අයියද? ඔබේ මල්ලිද? ඔබේ නෑදෑයෙක්ද? ඔබ දන්න කියන කෙනෙක්ද? ඔබට ඔහු ගැන මොකද හිතෙන්නේ? අධිකරණයේ නීතිය මොනවා කළත් ඔබට තවදුරටත් ඔහුගේ මූණ දිහා බලන්න පුළුවන්ද? ඔහු එක්ක ආදරෙන් කතා කරන්න පුළුවන්ද? ඒ ඔබේ තාත්තා නම් ඒ තාත්තා දරු පැටවු දෙන්නෙක්ට කරපු දේ දැක්කම ඔයාට ඔයාගේ තාත්තා ගැන මොකද හිතෙන්නේ? ඒ ඔයාගේ අයියා නම් ඔයාට ඔයාගෙ අයියා ගැන මොකද හිතෙන්නේ? ඒ ඔබේ පෙම්වතා නම් ඔබට ඔහු ගැන මොකද හිතෙන්නේ? ඔබ කොච්චර අවාසනාවන්තද කියන එක ඔබ තීරණය කරන්න. ඒත් මේ රටේ මිනිස්සු ඒ ප්‍රශ්නෙදී ඒ අහිංසක අම්මා වෙනුවෙන් හිටගන්න හැටි අපි දැක්කා. විශේෂයෙන්ම ‘බව් බව්’ සංවිධානය මේ දරු පැටවු වෙනුවෙන් නීතිය, රැකවරණය ඉල්ලලා මේ වෙනකොටත් හැකි උපරිමයෙන් පියවර ගනිමින් ඉන්නවා. ඒක හරි හොඳ දෙයක්. රටක් විදියට අපට සතුටු වෙන්න පුළුවන් දෙයක්.

ඒත් රටේ තිරිසන්නු ඉන්නවා කියන එක ගැන අපට දැනෙන්නේ දරුණු කනාගටුවක්. ඇත්තටම මේ වෙලාවේ ශ්‍රී ලංකා පොලිසියත් මේ සිදුවීමේ සී.සී.ටී.වී. දර්ශන හොයමින්, දැඩි සේ වෙහෙසෙන හැටි අපි දැක්කා. ‘සතුන් හා සොබාදහම සඳහා යුක්තිය’ කියන සංවිධානය, ඒ වගේම ‘බව් බව්’ සංවිධානය කියන මේ සංවිධාන දෙකම එකතු වෙලා හැකි උපරිමයෙන් මේ සම්බන්ධව නීතිමය පියවර ගනිමින් ඉන්නවා. මතුරට පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් ඒ වෙනුවෙන් තමන්ට හැකි උපරිමයෙන් පරීක්ෂණ මෙහෙයවනවා. ඒ වගේම මේ සිදුවීම සිදුවෙච්ච ස්ථානයේ නිවෙසක තිබූ සී.සී.ටී.වී. දර්ශන ලෝකෙට දීලා, ඒ නිවෙසේ අයත් මේ ප්‍රශ්නය වෙනුවෙන්, මේ අවනඩුව වෙනුවෙන් තමන්ට හැකි උපරිමයෙන් ඉදිරිපත් වෙමින් ඉන්නවා. සාමාන්‍යයෙන් පාර අයිනේ සී.සී.ටී.වී. කැමරාවක් සවිකරපු ගමන්, ‘අනේ පාරේ අයිනේ තියෙන සී.සී.ටී.වී. කැමරාව නම් වැඩකරන්නේ නෑ’ කියන රටක බලු පැටවු වෙනුවෙන් යුක්තිය ඉල්ලන්න තමන්ගේ සී.සී.ටී.වී. කැමරා පාවිච්චි කරන්න ඉඩ දෙන, ඒවා බලන්න ඉඩ දෙන, ඒ වෙනුවෙන් සටන් කරන මිනිස්සු කොයි තරම් උතුම් ද කියලා අපට හිතෙනවා.

කොහොම නමුත් මේ සිදුවීමෙන් පස්සේ මේ තිරිසනා අත්අඩංගුවට ගැනීම සඳහා අපි රටක් විදියට පියවර ගනිමින් ඉන්නවා. මේ ප්‍රශ්නයේ දෙතුන් පැත්තක් නැති වුණාට මේ අහිංසක බලු පැටවු වීදියේ ඉපදීම, ඔවුන්ට රැකවරණය ලබාගැනීමට නොහැකි වීම කියන මේ ප්‍රශ්නය ඉතා දරුණු ලෙස දැනෙන දෙයක්. කොහොමත් අපි දන්නවා අපේ රටේ ගොඩක් අය මේ වෙනකොට වෙනදාට වඩා වීදියේ ඉන්න සත්තු වෙනුවෙන් හැකි උපරිමයෙන් කටයුතු කරන බව. සාමාන්‍යයෙන් පොදු ස්ථානවල ඉන්න බොහෝ නිලධාරීන් මේ වෙනුවෙන් කැපවෙනවා. උඩුගම්පොල සෙනරත් පරණවිතාන විද්‍යාලයේ ආරක්ෂක නිලධාරියා තමන්ට හැකි උපරිමයෙන් බලු පැටවුන් රැකගනිමින්, ඒ අයට කෑම ලබාදෙමින්, බලු පැටවු හයහත් දෙනෙක් පෝෂණය කරන්න තරම් කාරුණික වෙලා තිබෙනවා. ඒ වගේම ඒ බලු පැටවුන්ගෙන් කිසිම කෙනකුට හානියක් නොවන ආකාරයට ඒ සතුන්ව එන්නත්කරණය කරලා, ඔවුන්ගේ සෞඛ්‍ය ගැන සොයා බලමින්, කුඩා දරුවන්ගෙන් ඈත්කොට තබාගනිමින් ඔහු කටයුතු කරන ආකාරයත් අපි දෑසින්ම දැක්කා.

මේ විදියට සත්තු වෙනුවෙන් කැපවෙච්ච ක්‍රිකට් ක්‍රීඩකයෝ නළු නිළියෝ ඉන්නවා. විශේෂයෙන්ම භානුක රාජපක්ෂ කියන ක්‍රිකට් ක්‍රීඩකයා තමන්ට තියෙන ලොකුම හීනය ඉටුකර ගන්නට වෙහෙසෙන බව කියලා තිබුණා. ඔහු කියන්නේ සතුන් වීදියේ ඉපදීම නතර කළ යුතුයි කියලා. උමා අසේනි කියන ප්‍රසිද්ධ නිළිය තමන්ට මොන වැඩ තිබුණත් සතුන් වෙනුවෙන් කැපවෙන, සතුන් වෙනුවෙන් වැඩකරන කෙනෙක්. මේ විදියේ සංවිධාන, මේ විදියේ කණ්ඩායම් විශාල ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා. ඒක ඉතා හොඳ දෙයක්. නමුත් වීදියේ සතුන් ඉපදීම ශ්‍රී ලංකාවේ තවමත් සිදුවෙනවා. ඒ වෙනුවෙන් පියවර ගන්නට ක්‍රමවත් වැඩපිළිවෙළක් දියත් කරනවා නම් ඉතාම හොඳ දෙයක්. අපි දැක්කා විවිධ තැන්වල ගැටුම් ඇතිවෙන ආකාරය. නමුත් ඉස්සර තිබුණු ‘බලු වෑන්’ සංස්කෘතිය වෙනුවට ඉතා ක්‍රමවත් සහ යහපත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා නම් මේ වගේ විපත් ආයෙත් අපට දකින්න නොලැබේවි කියලා අපි විශ්වාස කරනවා.

ඒ අතර අපි තවත් අපූරු දෙයක් දැක්කා. වැස්සෙන් බේරෙන්න දුවගෙන ඇවිල්ලා කෝච්චියට නැගපු සතෙක්ව එළියට ඇදලා දාන්නේ නැතුව, ඒ සතාට හැකි උපරිමයෙන් ආරක්ෂා වෙන්න ඉඩ දීලා බලාගෙන ඉන්න මිනිස්සු ටිකක් ඉන්න කෝච්චි පෙට්ටියක්. මේක ෆේස්බුක් එකේ තමයි වැඩි වශයෙන් සංසරණය වුණේ. මේවා ඉතා හොඳ දේවල්. මිනිස්සුන්ගේ මනුස්සකම රැකෙනවා නම්, ගුණයහපත්කම් රැකෙනවා නම්, මිනිස්සුන්ට මිනිස්සු වගේ ජීවත් වෙන්න පුළුවන් නම් මේක රටක් කියලා කියන්න අපට ආයෙත් පුළුවන්.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රනිල් ඔයා කූඩුවක ඉන්න ගිරවෙක්! එළියෙ ඉන්නේ කන්න නැතිව ව්‍යාඝ්‍රයෝ වගේ කෝපයෙන් ඉන්න ජනතාවක්! වේදනාවෙන් මිරිකෙන මිනිස්සු මේ කූඩුවේ දොර අරිනවා සත්තයි! ඩලස් රනිල්ට කල් තියාම අනතුරු ඇඟවීමක් කරයි! VIDEO

Next Post

කව්රු හරි කියනවා නම් ඡන්දෙ තියන්න සල්ලි නෑ කියලා ඒක බොරුවක්! මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට! එක පුද්ගලයකුට නෙමෙයි! ඡන්දෙ තියන්න පාර්ලිමේන්තුවට පුලුවන්! VIDEO

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News
Uncategorized

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

තවත් ප්‍රබල විමර්ශනයක්ද මේ වනවිට ආණ්ඩුව පැත්තෙන් ආරම්භ වී ඇති බවක් පැවසේ. ඒ, හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු විසින් රට මැද්දේ...

Read more
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.