• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෙංකඩගල පුර දළදා බුදුරැස් විහිදෙන තුරු නෑ වරදින්නේ… ජනරජ පෙරහැර මොකක්ද කියලයි මේ විදියට අපි දැනගන්නේ….

February 26, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
සෙංකඩගල පුර දළදා බුදුරැස් විහිදෙන තුරු නෑ වරදින්නේ… ජනරජ පෙරහැර මොකක්ද කියලයි මේ විදියට අපි දැනගන්නේ….
Share on WhatsAppShare on Facebook

ඓතිහාසික කන්ද උඩරට රාජධානියේ තවත් එක් අසිරිමත් පෙරහැර මංගල්‍යයකින් පසුව මේ ලිපිය ලියන්න අපි තීරණය කලා. සාමාන්‍යයෙන් මහනුවරට පෙරහැර මංගල්‍යය නුහුරු, නුපුරුදු දෙයක් නොවේ. ඒ, කන්ද උඩරට ඓතිහාසික ඇසළ මහා පෙරහැර නිසාවෙනි. ඇසළ පෙරහැර, දළදා පෙරහැර ආදී විවිධ නම්වලින් හඳුන්වනු ලබන මෙම පෙරහැර සාමාන්‍යයෙන් ඇසළ මාසයේදී පැවැත්වෙන අතර, පෙබරවාරියට එවැනි පෙරහැරක් දකින්නට ලැබෙනවා නම් ඒ ඉතාමත් කලාතුරකිනි. වෙසක් මාසයේත් මෙවැනි පෙරහැරක් පැවැත්වෙන නමුත් පෙරහැර දළදා පෙරහැර තරම් උත්කර්ෂවත් වන්නේ නැත. මෙවර පැවැති පෙරහැර නම්කර ඇත්තේ ජනරජ පෙරහැර නමිනි. ජනරජ පෙරහැරට සම්බන්ධ ඉතිහාසයක් තිබේ. මේ ඉතිසායත් වර්තමානයත් අතර සබඳතා තිබේද නැද්ද යන්න තීරණය කිරීම ඔබ සතු වන අතර, අප ඔබට මේ කතන්දරය ලියා තබන්නෙමු.

කන්ද උඩරට පෙරහැර කාලයක් තිස්සේ පැවැත්වෙන නමුත් 1815දී බි්‍රතාන්‍ය කිරීටයට ලංකාව යටත් වීමත් සමග මේ පෙරහැර වසර කිහිපයක් නවතා තැබූ බව ඉතිහාසයේ බොහෝ තැන්වල සඳහන්ව ඇත. නමුත් 1865දී වික්ටෝරියා රැජිනගේ පුත් වේල්සයේ ආදිපාදවරයා ලංකාවට පැමිණීමෙන් එම පෙරහැර යළි ආරම්භ විය. එහිදී එම ආදිපාදවරයා ඓතිහාසික පත්තිරුප්පුවේ සිට එම දළදා පෙරහැර නැරැඹූ බව ඉතිහාසයේ සඳහන්ව තිබේ. රජ පෙරහැර ඉතිහාසය සම්බන්ධයෙන් කතා කරන විට එවැනි රජ පෙරහැරක් පැවැත්වූ වසරක් ලෙස 1954 හඳුන්වා දිය හැකිය. 1954 අප්‍රේල් මාසයේදී ලංකාවට පැමිණි දෙවැනි එලිසබෙත් මහ රැජින වෙනුවෙන් මේ ජනරජ පෙරහැර පවත්වා තිබේ. ඇය, මේ වන විට මද්දුමබණ්ඩාර උයන ලෙස නම්කර ඇති ස්ථානයේ (ඩී.එස්. සේනානායක පිළිරුව පිහිටුවා ඇති ස්ථානය) විශේෂ පීඨිකාවක සිට එම පෙරහැර නැරැඹූ බව ඉතිහාසයේ සඳහන්ව ඇත. එම පීඨිකාවද පත්තිරුප්පුවේ හැඩයට සකස් කර තිබූ බවද දැනගන්නට ලැබේ. ඉන් අනතුරුව 1978 වසරේදී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා වෙනුවෙන් විශේෂයෙන් සකස් කරන ලද පෙරහැරක් මහනුවර වීදි සංචාරය කොට තිබේ. ඔහුද, මහ රැජින පෙරහැර නැරැඹූ ස්ථානයේ සිටම පෙරහැර නැරැඹූ බව පතපොතේ සඳහන්ව තිබේ.

1981 වසරේදී වික්ටෝරියා වේල්ල විවෘත කිරීම සඳහා ලංකාවට පැමිණි දෙවැනි එලිසබෙත් මහ රැජින වෙනුවෙන් මෙවැනිම පෙරහැරක් සංවිධාන කොට තිබේ. ඇයද වර්තමානයේ ඩී.එස්. සේනානායක පිළිරුව ඇති ස්ථානයේම සිට පෙරහැර නරඹා ඇති අතර, ඇය වෙනුවෙන්ද පත්තිරුප්පුවේ හැඩය ගත් විශේෂ පීඨිකාවක් ඉදිකොට තිබිණි. 1987 වසරේදී දළදා සමිඳුන් වෙනුවෙන් ඉදිකොට පූජා කරන ලද රන්සිවි ගෙය විවෘත කිරීම නිමිතිකොට ගෙන ජනරජ පෙරහැරක් පැවැති බව සඳහන්ව තිබේ. එම පෙරහැර නැරැඹීමට පැමිණ සිටි රාජ්‍ය නායකයා වූයේ රණසිංහ ප්‍රේමදාස මහතාය. රණසිංහ ප්‍රේමදාස මහතා රැජින හෝටලයේ පළමු මහලේ සිට මේ පෙරහැර නැරැඹූ බව ඉතිහාසයේ දැක්වේ. ජනරජ පෙරහැරෙහි පෙළගැස්ම සාමාන්‍ය දළදා පෙරහැරේ පෙළගැස්මට සමාන බව දැනගන්නට ලැබේ. දළදා පෙරහැරේ ගමන් කරන සිවුමහා දේවාල පෙරහැරද මේ පෙරහැරේ ගමන් කිරීම සාමාන්‍ය ක්‍රමවේදයක් වන අතර, රන්දෝලි මහ පෙරහැරට සමානවම අලි ඇතුන් ගමන් කිරීමද මෙහිදී දැකගත හැකිය. දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කොට පෙරහැර ගෙවැදීමට කටයුතු කරයි. සුපුරුදු පරිදි සධාතුක කරඬුව වැඩමවීම මෙම පෙරහැරේදී සිදුවන්නේ නැත. ඔබ දුටු ජනරජ ලාංඡනය මෙවර පෙරහැරේ රැගෙන ගියේ එම දළදා පෙරහැරේ දළදා වහන්සේ වැඩමවන ආකාරයටම සමාන ආකාරයකිනි. සුපුරුදු පරිදි දියවඩන නිලමේවරයා පෙරහැරේ ගමන් කරන අතර, සිවුමහා දේවලාවල නිලමේවරුන්ද මෙහිදී ගමන් කරනු ලැබේ. සිවුමහා දේවාලවල දේවාභාරණ වැඩමවීම පමණක් මෙහිදී සිදුවන්නේ නැත. සාමාන්‍ය සියලු පෙරහැර සංස්කෘතිකාංග මෙම පෙරහැරට අඩංගු වන අතර, නිලමේවරුන් 14 දෙනෙක් මීට සහභාගි වන බවද දැනගන්නට ලැබුණේය.

ඒ අතර, දළදා පෙරහැරේ මංගල හස්ති රාජයා පිට වටපුටුව බඳිනු ලබන අතර, ඒ මත සිවුකොන දිස්වන පරිදි රාජ්‍ය ලාංඡන හතරක් ප්‍රදර්ශනයට තබයි. දෑලේ ඇතුන්ද මෙම පෙරහැරට සහභාගි වීම සාමාන්‍ය ආකාරයෙන් දක්නට ලැබුණේය. මෙම පෙරහැරේ විශේෂත්වය වූයේ බෞද්ධ කොඩි වෙනුවට වැඩි වශයෙන් ජාතික කොඩි ප්‍රදර්ශනය කිරීමයි. පැවැති පෙරහැර සම්බන්ධයෙන් සොයා බැලූ විට මංගල හස්ති රාජයා ඇතුළුව හස්ති රාජයන් 57 දෙනකු මීට සහභාගි වූ බව දැනගන්නට ලැබිණි. ඊට අමතරව සාම්ප්‍රදායික හේවිසි ශිල්පීන් 150ක්, ආලෝකකරණය වැනි වෙනත් කටයුතු සඳහා ශීල්පීන් 300ක් ඇතුළුව ශිල්පීන් 1,500ක පමණ පිරිසක් මෙම පෙරහැරට සහභාගි වූ බවද දැනගන්නට තිබේ. පෙරහැර සඳහා විශාලම මුදලක් වියදම් කොට ඇති අතර ඒ ශිල්පීන් සඳහා අලි ඇතුන් සඳහා සතර මහා දේවාල, දළදා මාලිගාව ආදී ස්ථාන සඳහා විදුලි පරිභෝජනය සඳහා පෙරහැරේ යටිතල පහසුකම් සැපයීම සඳහා, ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා, ආහාර සහ වෙනත් දීමනා ඇතුළු සියල්ලම දරන්නට සිදුව තිබිණි. එම මුදල කොපමණදැයි අප දන්නේ නැති අතර, පෙරහැර ආරක්ෂාව සඳහා විශේෂ පොලිස් ඒකක 19ක් යොදවා තිබූ බවද දැනගන්නට තිබේ. ඔවුන් වෙත මෙම තෙදින රාජකාරිය සඳහා රජයෙන් ඉන්ධන ලීටර් 9,200ක් නිකුත් කර ඇති බව අපට දැනගන්නට ලැබිණි. ආසන්න වශයෙන් 2,800ක පොලිස් බළඇණියක් පෙරහැරේ ආරක්ෂාවට යොදවා තිබිණි. හමුදාවේ 1,200ක් සහ නාවික හමුදාවේ 76 දෙනෙක් රාජකාරි සඳහා කැඳවා තිබූ අතර, ජනාධිපති, මැති ඇමැතිවරු, රජයේ වෙනත් නිලධාරීන්, ඔවුන්ගේ ආරක්ෂකයන්, රියැදුරන් ඇතුළු විශාල කණ්ඩායමක් සඳහා හෝටල් සහ නිල නිවාස වෙන්කර තිබූ බවද අපට දැනගන්නට ලැබිණි.

පෙරහැර සාමාන්‍ය ආකාරයට පැවැති අතර, පෙරහැර අවසානයේ පැවැත්වෙන දේව සංහිඳ හෝ පුදපූජා කිසිවක් පැවැත්වෙන්නේ නැත. එසේම දළදා හේවිසි පද මාරුකිරීමද සිදුවන්නේ නැත. පෙරහැර අතරතුර සිදුවන බුදුගුණ ගැයීම්, දේවාශීර්වාද තේවාවන් වැනි කිසිවක් මෙම පෙරහැරට අදාළ නැති නමුත් පෙරහැරේ උත්කර්ෂය සාමාන්‍ය පෙරහැරකට සමාන ආකාරයෙන් පැවැතුණේය. පෙරහැර මේ වන විට මාලිගාවට ගෙවැදී අවසන්ය. රටට කුමක් වූවාදැයි අප දන්නේ නැත. සෙතක් වූවා නම් හොඳය. නොවූවා නම් හොඳ නැත. ඒ, රට අපේ නිසාය. අපි රටේ නිසාය. රට ගැන කැක්කුමක්, රට ගැන ආදරයක් තිබෙන අය දළදා පෙරහැර හෝ වෙනත් පෙරහැරක් හෝ මහනුවර පෙරහැර හෝ වෙනත් තැනක පෙරහැරවල් පැවැත්වූවාට ප්‍රශ්නයක් නැත. නමුත් ප්‍රශ්නය වී ඇත්තේ පෙරහැර බලන්නට යන්නට තබා බස් ගාස්තුව හොයාගන්නට බැරි මිනිස්සුන්ට මේ වෙලාවේ පෙරහැරක් අවශ්‍යද යන්නය.

විවිධ පෙරහැර අස්සේ දැන් පෙළහර පාන්නේ රජයේ මැති ඇමැතිවරුන්ය. බඩු මිල ඉහට උඩින් ගිය මේ මනෝරම්‍ය සමයෙහි අපේ රටේ මිනිසුන්ට පෙරහැරක් රස විඳින්නට තරම් මානසික නිදහසක් තිබේදැයි ඔබ සිතිය යුතුය. අප සිතිය යුතුය. ඉතින් එහෙම නම් අවසාන වශයෙන් ඔබට දළදා සමිඳු පිහිටයි…!

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සජබෙට පොලිසියෙන් ගහද්දී මාලිමාව නිහඬව සිටියාට මාලිමාවට පොලිසියෙන් ගහද්දී සජිත් නිහඬව නොසිටී! ආණ්ඩුවට විරෝධය පළ කරමින් පණිවුඩයක් තියයි! VIDEO

Next Post

එදා ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බා! බස් ගිනි තිබ්බා! ඉස්කෝල ගිනි තිබ්බා! අපේ උගන්ඩාවෙ සල්ලි ගැන කතා කරන්න ඉස්සෙල්ලා ඒ ගිනි තියපු ඒවයේ වන්දි ගෙවලා ඉන්න! නාමලුත් ජවිපෙට ඉතිහාසය මතක් කරලා දෙයි! VIDEO

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.