මාරාන්තික කොරෝනා වයිරසය හේතුකොටගෙන මුද්‍රා තබා වසා දමා ඇති වූහාන් නගරය ආශ්‍රිත ගුවන්තොටුපොළට ශ්‍රී ලන්කන් ගුවන් යානයක් ගොඩබැස්සවීම සදහා චීනයේ බීජිං නුවර පිහිටි ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය චීන රජය වෙත අයදුම් පත්‍රයක් ඉදිරිපත් කර ඇත.
ඒ, දැනට වූහාන් නගරයේ සිරව සිටින ශ්‍රී ලාංකික සිසුන් තිස් දෙදෙනා සහ ඔවුන්ගේ පවුල්වල පිරිස් මුදා ගැනීම අරමුණු කරගෙනය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි තානාපති කාර්යාලය මෙම අයදුම්පත ඉදිරිපත් කර ඇති බව පැවෙසෙන අතර චීන බලධාරීන්ගෙන් අදාළ අවසරය ලැබුණු වහා මෙම සිසුන් දිවයිනට රැගෙන ඒමට සැලසුම් සකස් කර ඇති බව පැවසේ.
මේ වනවිට චීනයේ විවිධ පළාත්වල ශ්‍රී ලාංකික සිසුන් 860කට ආසන්න පිරිසක් අධ්‍යාපනය හදාරමින් සිටින අතර ඒ සියලු දෙනාද අවදානම් තත්ත්වය පහව යනතෙක් ලංකාවට ගෙන්වා ගැනීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවද දැනගන්නට තිබේ.










