චීනයේ මේ දිනවල පැතිර යන මාරාන්තික කොරෝනා වයිරසය හේතු කොටගෙන සිය රටවැසියන් විසින් සිදුකරන සියලුම විදෙස් සංචාර අත්හිටුවීමට චීන රජය පියවර ගෙන ඇත.
ඒ අනුව කණ්ඩායම් වශයෙන් සිදුකරන විදෙස් සංචාර අත්හිටුවා ඇති චීන රජය, තනි පුද්ගලයන් වශයෙන් සිදුකරන සංචාර සම්බන්ධයෙන් සීමා පැනවීමට කටයුතු කර නැත.
ඒ අනුව දැනටමත් ලංකාවේ සිදුකිරීමට සැලසුම් කර තිබූූ චීන සංචාර විශාල ප්‍රමාණයක් අත්හිටුවීමට පියවර ගෙන ඇති අතර ඒ බව ශ්‍රී ලංකාවේ සංචාරක ආයතන විසින්ද තහවුරු කර තිබේ.
චීන රජය දැනට ගෙන ඇති මෙම තීන්දුව නිසා ඉදිරියේදී මෙරට සංචාරක කර්මාන්තය පසුබෑමකට ලක් විය හැකි බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.
පසුගිය වසරේ චීන සංචාරකයන් 167,863ක් ලංකාවට පැමිණ තිබුණු අතර ලංකාවට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන තෙවන රට වන්නේද චීනයය.










