මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු ලබා ගන්නා ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතාගෙන් කරුණු විමසීමට ව්‍යවස්ථාදායක සභාව තීරණය කර ඇත.
ඒ අනුව ලිවේරා මහතා ව්‍යවස්ථාදායක සභාව හමුවට කැදවීමට කතානායක කරු ජයසූරිය මහතා පියවර ගෙන ඇත.
නීතිපතිවරයා ගත් මෙම ක්‍රියාමාර්ගය හේතුකොටගෙන අධිකරණය සහ විනිසුරුවන් සම්බන්ධයෙන් මහජන විශ්වාසය බිද වැටෙනු ඇති බවට ලැබුණු පැමිණීලි මේ සදහා හේතු වී ඇති බව වාර්තා වේ.










