• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටිපති ඔනේෂ්ගේ ඝාතනයේ සියල්ල හෙළිවෙයි! ඉන්දුනීසියා අරන් ගිහින් තියෙන්නේ පාස්පෝට් එක ගන්න ගෑනු ගැටයක් ගහලා! ගේ ඇතුළේ දෙන්නා මරාගන්න හේතුවත් එළියට ඇවිත්!

February 26, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
ඉන්දුනීසියාවේදී මරා දැමුණු කෝටිපති ඔනේෂ්ගේ ඝාතනයේ තොරතුරු හෙළිවෙයි! ඔක්කොම ප්ලෑන් කළේ තුන්වැනි විවාහයේ බිරියයි-මිතුරියයි! මිතුරියට ඩොලර් 3000ක් මාසෙකට ගෙවලා ගෙදර තියාගෙන! පරීක්ෂණවලට CIDයෙන් ටීම් එකක් ඉන්දුනීසියා යවයි!
Share on WhatsAppShare on Facebook

ඉන්දුනීසියාවේ ජාකර්තා හි පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක කාමරයක් තුළදී මරා දැමුණු ඔපෙක්ස් හෝල්ඩිංග්ස් අධිපති කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහගේ ඝාතන අභිරහස දැන් ඇත්තේ ක්‍රමයෙන් විසඳෙමිනි. ඒ අනුව දැන් හොඳටෝම පැහැදිලිවී ඇත්තේ ඔනේෂ්ගේ බ්‍රසීල ජාතික බිරිය සහ ඇගේ බ්‍රසීල ජාතික සහායිකාව එක්ව මෙරටදී කළ සැලසුමකට අනුව ඔහුව ඉන්දුනීසියාවේදී ඝාතනය කර ඇති බවය. 

මේ දේවල් හෙළි වන්නේ දේශීය වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශන ඔස්සේය. ඒ ඔනේෂ්ගේ ඝාතනය සිදු කළ ආකාරය ගැන මෙතෙක් ඉන්දුනීසියාවෙන් නිල තොරතුරක් පවා නොමැති පසුබිමක් හමුවේය. අඩුම තරමින් ඔනේෂ් මරා දමා ඇත්තේ කෙසේ දැයි කියාවත් නිසි තොරතුරක් නිල වශයෙන් මෙරටට ලැබී නැත. ඒ හැම දෙයක්ම ඇත්තේ ජාකර්තා පොලිස් භාරයේය. ඒ දේවල් අපිට ලබාගැනීමට හැකියාව ඇත්තේ දේශීය අධිකරණමය ක්‍රියාමාර්ගයක් ඔස්සේ සහ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධකම් මතය. එසේත් නැතිනම් ජාත්‍යන්තර පොලිසියේ සහය ඇතිවය. මේ හැම දෙයක්ම මේ වන විට සිදුවෙමින් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන දේශීය විමර්ශනය ඔස්සේය.

නිවාඩුවක් ගත කිරීමට යැයි කියා ඉන්දුනීසියාවට උපක්‍රමශීලීව රැගෙන ගිය ඔනේෂ්ව නවාතැන් ගෙන සිටි තට්ටු නිවාස සංකීර්ණයේ කාමරය තුළ මරා දමන බිරියත් ඇගේ සහයිකාවත් සිවු හැවිරිදි දියණියද රැගෙන ඉන්දුනීසියාවෙන් පලා ගියේ යැයි දැන් පැහැදිලිවම හෙළි වී ඇත්තේ දෝහ කටාර් වෙතය. ඒ බව හෙළි කර ගන්නේ ජාකර්තා පොලිසිය විසිනි. එසේ ඉන්දුනීසියාවෙන් දෝහා කටාර් වෙත පැන ගත් ඔවුන් එහි දින දෙකකට වඩා රැඳී සිට නැත. එ තැනින් ඔවුන් පනින්නේ බ්‍රසීලය වෙතය. ඒ අනුව දැන් ඔවුන් රැඳී සිටින්නේ යැයි කියැවෙන්නේ බ්‍රසීලයේය.

ඉන්දුනීසියාවේදී සිදු වූ මෙම සැලසුම් සහගත ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශීය වශයෙන් විමර්ශනයක් අරඹමින් ඊට මැදිහත්වීමක් සිදුකරනුයේ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ නියෝගයකට අනුවය. ඒ ඔනේෂ්ගේ සහෝදරයා වන දිනේෂ් සුබසිංහ විසින් කළ ඉල්ලීමක් පදනම් කරගෙනය. එම ඉල්ලීම පැමිණිල්ලක් බවට පරිවර්තනය කර ගනිමින් පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්නේ ඔනේෂ්ගේ ඝාතනය සම්බන්ධයෙන් පෙර සූදානමක් මෙරටදී තිබුණේ දැයි විශේෂ අවධානයක් යොමු කරමින් විමර්ශන අරඹන ලෙසය. ඒ රටින් බැහැර සිදුවූ ඔනේෂ්ගේ ඝාතන විමර්ශනයට දේශීය වශයෙන් මැදිහත් වීමකට ඉඩක් ලැබෙන්නේ ඒ ඔස්සේ වන බැවිනි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර මෙම විමර්ශනය පවරනු ලබන්නේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා යටතේ ඇති විමර්ශන අංශයකටය. දක්ෂ අපරාධ විමර්ශකයන් රැසකගෙන් සමන්විත එම විශේෂ අංශය විසින් ඔනේෂ්ගේ ඝාතනය සම්බන්ධයෙන් වූ දේශීය විමර්ශනයට මුල පුරන්නේ ඔනේෂ් සිය බිරිය හා දියණිය සමඟ පදිංචිව සිටි කොළඹ 07 රොස්මිඩ් පෙදෙසේ පිහිටි සුවිසල් නිවසිනි. ඔනේෂ්ගේ ඝාතනය ඉන්දුනීසියාවේදී සිදු වූවත් එම ඝාතනයේ පූර්ව සැලසුම් සැකසී ඇත්තේ මෙරටදී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැහැදිලිවම පෙනී යන්නේ ද එහිදීය. 

මේ කියන බ්‍රසීල ජාතික බිරිය ඔනේෂ්ගේ තෙවැනි විවාහක බිරියයි. විවාහයන් දෙකක්ම ආසාර්ථක වී සිටි ඔනේෂ්ට රොසැලියා මුණගැසෙන්නේ වසර පහ හයකට පෙර බ්‍රසීලයේ කළ සංචාරයකදීය. ඒ අවන්හලකදීය. පැවසෙන ආකාරයට ඇය එම අවන්හලේ හිමිකාරිනියයි. මුල් හමුවීමෙන් දෙදෙනා අතර හිතවත්කම දලුලා යන්නේ ඔනේෂ් බ්‍රසීලයේ ගත කළ කෙටි කාලය තුළ ඇය සමඟ ඉතාම සමීප වෙමිනි. අලීෂා මෙලොව එළිය දකින්නේ එදා ඔවුන් දෙදෙනා අතර වූ සමීප ඇසුරේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඔනේෂ් සහ රොසැලියා අතර 2018 වසරේදී හෙළ සිරිතට අනුව විවාහය පවා සිදුවන්නේ අලීෂා නිසාය. එදා ගැබිනියක්ව සිටි රොසැලියාව බ්‍රසීලයේ සිට මෙරටට ගෙන්වා ගෙන හැම සැප සම්පතක්ම දෙමින් ඇයව රැකබලා ගන්නට ඔනේෂ් වගබලා ගන්නේ ඇගේ කුස තුළ වැඩෙමින් සිටි අලීෂා වෙනුවෙනි. ඒ ඇය ඔනේෂ්ගේ එකම දරුවා වූ බැවිනි.

අලීෂාට දැන් වයස අවුරුදු 04කි. ඇය අධ්‍යාපනය ලැබුවේ බොරැල්ලේ පිහිටි ජාත්‍යන්තර පාසලකිනි. රොස්මිඩ් පෙදෙසේ පදිංචියට ඔනේෂ් එන්නේද අලීෂාට පාසල් යන්නට එන්නට ඇති පහසුව ගැන සිතාය. ඒ අලීෂාට සිය පණටත් වඩා ඔනේෂ් ආදරය කරන්නට වූ බැවිනි. ඇය වෙනුවෙන්ම නිවසේ මෙහෙකාරියන් කිහිප දෙනෙක්ද රඳවා තැබුවේද ඒ නිසාම විය හැකිය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් ඒ හැම සේවිකාවකගෙන්ම පාහේ ප්‍රශ්න කරන්නට අමතක නොකළේය. ඒ ඔනේෂ් සහ රොසැලියා අතර ඒ වන විට පැවති සම්බන්ධය ගැන යම් අවබෝධයක් ලබා ගන්නටය.

“අලීෂා බේබි හම්බවෙන්න ඉන්නකොට, දෙන්න හිටියේ කිරියි පැණියි වගේ. හරිම සතුටින් දෙන්න හිටියා. හැබැයි අලීෂා බේබිව හම්බ වෙලා අවුරුද්දක් විතර යන කොට රෝසා නෝන ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා.“ මේ කතාව කියන්නට ගත්තේ අලීෂාව කුඩා කල සිට බලාකියා ගත් පුෂ්පරාණිය. ඇය මේ පවුලට ඉතා ළෙන්ගතු මෙහෙකාරියක් වූවාය.

“රෝසා නෝනාට කොච්චර සැලකුවත් මදි. එයාට සලකන්නේ නැහැ කියල සර් එක්ක රණ්ඩු වෙනවා”යැයිද ඇය කියන්නට වූවාය.

පුෂ්පරාණි මේ කියන දේ කැටි කරගත් විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට පෙනී ගියේ ඔනේෂ් සහ ඔහුගේ බ්‍රසීල ජාතික බිරිය අතර ඒ වන විට විවාහය දෙදරා යන තරමට මත ගැටුම් පැන නැඟෙමින් තිබී ඇති බවය. මේ හැමදෙයකම ආරම්භය සිදුවන්නේ අලීෂාගේ පළමු උපන්දිනයෙන් පසුවය.

මෙම නිවසේ තවත් මෙ‍ෙහකාරියක් වූ දේවදානි මේකලාගෙන්ද ප්‍රශ්න කිරීමේ හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට පෙනී යන්නට වූයේ ඔනේෂ් සහ රොසැලියා අතර සමාජයට පෙනෙන්නට හොඳ පවුල් ජීවිතයක් තිබුණත් යහපත් පවුල් සම්බන්ධයක් නිවස තුළ නොතිබී ඇති බවය. 

“ලංකාවේ ඉන්න බැහැ, මම මගේ රටට යනවා. කියමින් රෝසා නෝනා සර් එක්ක නිතර රණ්ඩු වෙනවා. නෝනා රණ්ඩු වෙන හැටි දැක්කම එයා සර්ව මරයි කියලත් හිතුණා” අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන් හමුවේ දේවදානි මේකලා කියන්නට වූවාය.

“දවසක් මහත්තයා අපට කතා කරලා කිව්වා, දරුවා අරන් රෝසා නෝනා බ්‍රසීලයට යන්න හදනවා කියලා. මම උඹව කවදාහරි මරනවා කියල රෝසා නෝනා සර්ට තර්ජනය කළා කියලත් කිව්වා.” දේවානි මේකලා මේ දේවල් පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් හමුවේ කියන්නට ගත්තාය.

මේ දේවල් තවත් සේවිකාවක් වූ ප්‍රියංගනී චන්ද්‍රලතා ද තහවුරු කළා පමණක් නොව, අලීෂාව රැගෙන රොසැලියා බ්‍රසීලය බලා හොර රහසේ යන්නට ඉඩ ඇති බැවින් ඒ ගැන අවධානයෙන් සිටින ලෙස ඔනේෂ් පැවසූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන් හමුවේ කියා සිටියාය. මේ දේවල් කියා තිබුණේ නිවසේ සිටි මෙහෙකාරියන් සියලු දෙනාටමය. ඒ නිසා හැම සේවිකාවක්ම මේ හැමදෙයක්ම කියන්නට වූයේ සිය හාම්පුතාගේ මරණය රොසැලියා සැලසුම් සහගතව කළ එකක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට තහවුරුකර ගැනීමට ඕනෑවටත් වඩා තොරතුරු ලබා දෙමිනි.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෙනී යන්නේ රොසැලියා එන්න එන්නම දරුණු වෙමින් ඔනේෂ්ව මරා දමන බව එළිපිටම තර්ජනය කරන තැනට පවා පත්වී සිටි බවය.

“මට මෙහේ ඉන්න බැහැ, මේ කෑම කන්න බැහැ, මට යන්න නොදුන්නොත් මම කවදා හරි උඹව මරනවා ” යැයි රොසැලියා ඔනේෂ්ට කිහිපවිටක්ම තර්ජනය කළ බවට ඇසින් දුටු සහ කනින් ඇසුණු සාක්ෂි ඕනෑවටත් වඩා රොස්මිඩ් පෙදෙස් පිහිටි නිවසේ මෙහෙකාරියන්ගේ කටින් එළියට ආවේය.

ඇය දිගින් දිගටම ඔනේෂ්ගෙන් බල කරමින් ඉල්ලා ඇත්තේ ඇගේ රටට යන්නට අවස්ථාවක් දෙන්නට යැයි කියාය. ඒ ඇගේ විදෙස් ගමන් බලපත්‍ර තිබී ඇත්තේ ඔනේෂ් සතුව වූ බැවිනි. කන්න බොන්න අඳින්න පලඳින්න වගේම සමාජ ශාලාවල කරක් ගසන්නට පවා ඇති තරම් මුදල් ඔනේෂ්ගෙන් ඇයට ලැබුණත් කුමක් හෝ හේතුවක් මත ඇගේ හිත ඒ වන විට තිබී ඇත්තේ බ්‍රසීලයේ බව මේ හැමදෙයක්ම විශ්ලේෂණය කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට පෙනී ගියේය.

රොසැලියාගෙන් එල්ල වන පීඩනය ඒ වන විටත් ඉවසා ගත නොහැකිව සිටි ඔනේෂ් ඇගෙන් නීතියෙන් වෙන් වීමට සැලසුම් කරගෙන සිටියේ යැයි කියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් හමුවේ අනාවරණය කරනුයේ ඔනේෂ්ගේ සහෝදරියගේ සැමියාය. ඔහු ලාල් අරවින්දය. ඒ බව රොසැලියා දැන සිටියේ දැයි පැහැදිලි නැතත් ඇය සිය සහායිකාව මෙරටට ගෙන්වා ගන්නේ ඔය අතරතුරදී බව අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ විමර්ශකයන්ට පෙනී ගියේය. ඇය රොසැලියාගේ සහයිකාව යැයි කීවාට විමර්ශන වලින් පෙනී යන්නේ නම් ඇය රොසැලියාගේ සමීපතම මිතුරියක් බවය. ඇය මෙරටට ආ පසු රොසැලියාගේ හැසිරීම් මුළුමනින්ම වෙනසකට ලක්වන්නේ ඇයගෙන් දික්කසාද වන්නේදැයි ඔනේෂ්ට දෙවරක් සිතන්නට ඉඩක් තබමිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන්ට පෙනී ගොස් ඇත්තේ මේ සියල්ලක්ම සිදුවෙමින් තිබී ඇත්තේ යම් සැලසුමකට අනුව බවය.

ඉන්දුනීසියා ගමනට පවා සංවිධානය වී ඇත්තේ රොසැලියාගේ පෙරැත්ත මතය. රොසැලියාගෙන් තමාට ජීවිත තර්ජනයක් පවා එල්ලවී තිබියදී ඔනේෂ් ඉන්දුනීසියා සංචාරයට ඇතැම් විට එකඟ වන්නට ඇත්තේ ඇගේ ඒ වෙනස්වීම තවදුරටත් නොකැඩුණු පවුල් ජීවිතයක් ගත කිරීමට ආරම්භයක් වනු ඇතැයි සිතාගෙන විය හැකිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට පෙනී ගොස් ඇත්තේ ඇය ඔනේෂ්ව ගැහැනු ගැටයකට හසුකර ගනිමින් ඉන්දුනීසියාවට රැගෙන ගොස් ඇති බවය.

දෙස් විදෙස් වෙළඳපොළ වෙත දියර පොහොර බෙදා හරින ජාත්‍යන්තරය ජයගත් දැවැත්ත සමාගමක හිමිකරුවෙක් මෙන්ම තවත් සමාගම් 32ක ආයෝජකයෙක් වූ ඔනේෂ් ඒ වන විට සිටියේ තවත් ව්‍යාපාර රැසකට සිය අයෝජන අවස්ථා පුළුල් කරමින් ව්‍යාපාරික ලෝකයේ ඉහළට යමිනි. එබැවින් ඔහු ඒ වන විට සිටියේ කාර්ය බහුලත්වයෙනි. ඉන්දුනීසියා සංචාරයක යන්නට තරම් විවේකයක් නොමැති වූවත් ඔහු මේ ගමන යන්නේම සිය බිරියගේ සහ දියණියගේ සතුට වෙනුවෙනි. ඒ අනුව ජනවාරි 19 වෙනිදා සිය බිරියත්, දියණියත් බිරියගේ මිතුරිය වූ සහයිකාවත් සමඟ ඉන්දුනීසියාවට ගිය ද ඔනේෂ් වැඩි කාලයක් කැපකරනු ලැබුවේ ව්‍යාපාරික කටයුතු වෙනුවෙනි. ඒ ඔහු ඉන්දුනීසියාවේ සිටියත් දුරකතනය ඔස්සේ හැමවිටම රැඳී සිටියේ මෙරට පිහිටි කාර්යාලය සමඟිනි. 

රොසැලියා මෙම ඉන්දුනීසියා සංචාරය සැලසුම් කරනුයේ ඔනේෂ් අත ඇති සිය විදෙස් ගමන් බලපත්‍රය සියතට ගැනීමේ කූට සැලසුමක් ඇතිව බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ගේ සැකයට ලක්ව ඇති කරුණකි. සිය විදෙස් ගමන් බලපත්‍රය ඇයට සියතට ගැනීමට ඇති එකම මඟ මෙය බව වටහා ගෙන සිය සහයිකාව ද ගෙන්වා ගෙන ඇය ගැසුවේ ලොකු ගේමක් බව දැන් පැහැදිලිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට පෙනී ගොස් ඇත්තේ සහයිකාව මෙරටට පැමිණ රැඳී සිට මාස හතරක කාලය තුළ ද ඔවුන් මෙරටින් පලා යෑමට හැම උත්සාහයක්ම ගෙන ඇති බවය. ඒ වැඩේ අසාර්ථක වී ඇත්තේ ඔනේෂ් මේ අයගේ විදෙස් ගමන් බලපත්‍ර ඔහු සතුව තබාගෙන සිටි බැවිනි. මෙවන් තත්ත්වයක් මත ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් තමන්ට බ්‍රසීලයට යාමට ඉඩක් නොලැබෙන බව වටහාගත් ඔවුන් ඉන්දුනීසියානු සංචාරය සංවිධානය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට මේ වන විටත් පෙනී ගොස් හමාරය.

ඉන්දුනීසියාවේදී රොසැලිනාට සිය සහයිකාවගේ සහය ඇතිව දියණිය ද රැගෙන ඔනේෂ්ගේ ඇස් වසා බ්‍රසීලයට පැන ගන්නට ඇති තරම් අවස්ථාවක් තිබුණත් ඔනේෂ්ව ඝාතනය කරනු ලැබුවේ ඇයිදැයි මෙතෙක් ඇත්තේ අභිරහසක් ලෙසිනි. ඇතැම් විට ඉන්දුනීසියාවට පසුගිය ජනවාරි 20 වෙනිදා පය තැබූ පසු ඇති වූ සැකයක් මත රොසැලියාගේ විදෙස් ගමන් බලපත්‍රය තිබෙන්නට ඇත්තේ ඔනේෂ් සතුව බවට යම් උපකල්පනය කළ හැකිය. ඔනේෂ්ගේ මරණය සිදුවන්නේ එම විදෙස් ගමන් බලපත්‍රය ගැනීමට යාමේදී ඇතිවුණු යම් සිදුවීමක් හේතුවෙන් බවට සැකයක් මතු කළ හැකිය. ඔනේෂ්ගේ මරණය සම්බන්ධයෙන් වූ මෙම කොටස විසඳිය යුත්තේ ජාකර්තා පොලිසිය විසිනි. ඒ අය තවමත් ඔනේෂ්ගේ ඝාතනය සිදුවූ ආකාරය ගැන පැහැදිලි චිත්‍රයක් ඉදිරිපත් කරන්නේ නැත. ඒ අය කියන්නට දන්නේ ඔනේෂ්ව ඝාතනය කළ ඔහුගේ බිරිය සහ සහයිකාව දියණිය ද කැටුව දෝහා කටාර් බලා එදිනම ඉන්දුනීසියාවෙන් පිටව ගොස් ඇති බව පමණි. දෝහා සිට ඒ අය ඊට දින කිහිපයකට පසු ගොඩ බැස ඇත්තේ බ්‍රසීලයටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් මේ වන විට සිදු කරනු ලබන දේශීය විමර්ශන ඔස්සේ උත්සාහයක නිරත වන්නේ මෙරට දී සිදු කරන මෙම විමර්ශන ඔස්සේ ඔනේෂ්ගේ ඝාතනයට සැකයට ලක්ව සිටින බිරිය සහ අ‍ැගේ සහයිකාවට එරෙහිව ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදනයක් නිකුත් කර ගන්නටය. ඒ ජාත්‍යන්තර පොලිසියේ සහයෙන් ඔවුන්ව කොටුකර ගන්නටය. එ් සඳහා ඉන්දුනීසියාවේ ජාකර්තා පොලිසියේද සහය ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමකට ඉන්දුනීසියාව බලා යාමටද සිදුවනු ඇත. ඒ ඔනේෂ්ගේ ඝාතකයන්ට එරෙහිව ශක්තිමත් සාක්ෂි රැසක් ඇත්තේ ඉන්දුනීසියාවේ වන බැවිනි.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

ජලනි කොළඹ හතේ ඉඩමක් බලෙන් අරන් ‘ජාල් සැලූන්’ එක දාලා? කුලී ගෙවලා නෑ? ඉඩම බලෙන් අල්ලන් ඉන්නවා? ජනාධිපති නීතීඥවරයෙක් එළියට ඇවිත් කතාව කියයි! VIDEO

Next Post

පොලිසියෙන් කූඩු කරලා සිටිද්දීත් කටුනායකින් පැනලා තියෙන්නේ හරක් කටාගේ ළඟම ගෝලයෙක් වන ‘බූරු මූනා’!

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.