• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2017 නඩුව ඇහුවා! පෙරේරා කෙනෙක් වැරැදිකරු වුණා! අපහාසය වෙනුවෙන් ලක්ෂ 20කුත් ගෙව්වා! එහෙම තියෙද්දිත් කරපු අපහාසයට දුලාංජලී අනුරව උසාවි එක්කන් යයි! යවපු ලියුම මෙන්න! EXCLUSIVE

February 25, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
අනුර කුමාර කියන විදිහට සජිත්ගේ නංගි දුලාංජලී හොර සල්ලි අච්චු ගැහුවද? එහෙම නැත්නම් අනුර කුමාර අධිකරණයට අපහාස කළාද? මෙන්න ඇත්ත එළියට එයි! VIDEO
Share on WhatsAppShare on Facebook

තමන් සම්බන්ධයෙන් අසත්‍ය සහ ද්වේශසහගත ප්‍රකාශයක් සිදුකිරීම මුල්කොට ගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නැගණිය වන දුලාංජලී ප්‍රේමදාස මහත්මිය විසින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට තීරණය කොට ඇත.

ඊට අදාළ ලිපිය පසුගිය 22 වැනි දින ජනාධිපති නීතිඥ ෆාමන් ජේ. කාසිම් මහතා විසින් අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකිරීමටද පියවර ගෙන තිබේ.

මෙසේ දුලාංජලී ප්‍රේමදාස මහත්මිය විසින්, අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව නඩු පැවරීමට තීන්දු කොට ඇත්තේ පසුගිය දිනෙක අනුර කුමාර දිසානායක මහතා ප්‍රසිද්ධ වේදිකාවකදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දුලාංජලී ප්‍රේමදාස මහත්මිය වෙත චෝදනා එල්ල කිරීම මුල් කරගෙනය.

මේ සම්බන්ධයෙන් විභාග වූ නඩුවක තීන්දුව 2017 මැයි 22 වැනි දින මහාධිකරණය මගින් ප්‍රකාශයට පත් කළ අතර, එහිදී ව්‍යාජ මුදල් මුද්‍රණය සම්බන්ධයෙන් එච්.එම්.ඒ.කේ.ආර්.එම්. පෙරේරා නමැත්තා වැරැදිකරු කිරීමට අධිකරණය පියවර ගෙන තිබිණි.

එහිදී දුලාංජලී ප්‍රේමදාස මහත්මියට සිදුව තිබූ අපහාසය වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවීමටද නියම කෙරිණි. ඒ, 2017 ජූලි 21 වැනි දිනය. එම නඩුවේ තීන්දුව දෙනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසිනි.

එසේ තිබියදී අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රසිද්ධ වේදිකාවේදී සිය සේවාදායිකාව වන දුලාංජලී ප්‍රේමදාස මහත්මියට අපහාසාත්මක අයුරින් ද්වේශසහගත ප්‍රකාශයක් කිරීම මුල් කොටගෙන අධිකරණය හමුවේ කරුණු දක්වන බව ජනාධිපති නීතිඥ කාසිම් මහතා සිය ලිපිය මගින් අනුර කුමාර දිසානායක මහතා වෙත දැනුම් දී ඇත. ඒ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේය.

අනුර කුමාර වේදිකාවේදී කරපු චෝදනාව!

දුලාංජලී නඩු පවරන බවට යැවූ ලිපිය!

මේ සම්බන්ධයෙන් පසුගිය දිනෙක සමගි ජන බලවේගයේ තරුණ සංවිධානයේ මහලේකම් කනිෂ්ක ලැනරෝල් මහතාද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ මෙවැන්නකි.

‘සජිත් ප්‍රේමදාස මහත්තයගෙ නැගණිය මුදල් අච්චු ගහලා බේරිච්ච හැටි ගැන කතා කරන්නේ නෑ කියනවා. අපි දකිනවා මේ ගැන කියලා සමාජ මාධ්‍යවලින් සජිත් ප්‍රේමදාස මහත්තයට මඩ ගහනවා. 2014 වර්ෂයේ පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි පෙරේරා කියලා ව්‍යාපාරිකයෙක් යම් මුදල් ප්‍රමාණයක් දුලාංජලී ප්‍රේමදාස මහත්මියට ලබාදෙනවා. ඒ මුදල් ඇතුළේ ව්‍යාජ මුදල් නෝට්ටු කිහිපයක් තිබිලා තියෙනවා. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන්නේ සැබෑ මුදල් නෝට්ටු විදියටමයි. අඳුනාගන්න බෑ. පන්දාහේ නෝට්ටු මිටියක් ගත්තොත් ඒකෙ තියෙන ව්‍යාජ මුදල් මොනවද, සැබෑ මුදල් මොනවද කියලා අපට අඳුනාගන්න බෑ. මේ මුදල් ටික එතුමිය බැංකුවෙ තැන්පත් කරන්න යද්දී හෙළිවුණා ඒ අතර ව්‍යාජ මුදල් නෝට්ටු කිහිපයක් තියෙනවා කියලා.
දුලාංජලී ප්‍රේමදාස මහත්මියට වුණු දේ හෙට අපටත් වෙන්න පුළුවන්. මම මේ කියන කාරණය කොළඹ මහාධිකරණයේ විභාග වෙච්ච නඩුවක්. ඒ අනුව පොලිස් කණ්ඩායම් මේ පෙරේරා කියන පුද්ගලයගෙ නිවෙස පරීක්ෂා කරද්දී ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කරපු ප්‍රින්ටර් ඔක්කොම අහුවුණා. මේ සිදුවීම නිසා දුලාංජලී ප්‍රේමදාස මහත්මියට වෙච්ච අපහාස වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවන්න නියෝග කළා. ඒ වගේම රුපියල් ලක්ෂ 05ක දඩයක් ගෙවන්න නියෝග කළා. මේ පෙරේරා කියන පුද්ගලයා මහාධිකරණය හමුවේ පිළිගත්තා තමන් ව්‍යාජ මුදල් මුද්‍රණය කළා කියලා. ඔහුට අත්හිටුවූ සිරදඬුවමක් දීලා තියෙනවා. එතකොට මොකක්ද මේ කියන්නේ දුලාංජලී ප්‍රේමදාස සල්ලි අච්චුගහලා බේරිච්ච එක ගැන කතා කරන්නේ නෑ කියලා. මේ රටේ ගරු අධිකරණය ඉදිරියේ ඔප්පු වෙලා තියෙනවා මේ පෙරේරා කියන පුද්ගලයයි මුදල් අච්චු ගැහුවේ කියලා. දැන් අනුර කුමාර කියනවා දුලාංජලී ප්‍රේමදාස සල්ලි අච්චු ගැහුවා කියලා. අනුර කුමාර දිසානායක කරන්නේ අධිකරණ තීන්දුව විකෘති කිරීමක්. එතකොට මේක අධිකරණයට අපහාස කිරීමක් නෙවෙයිද? ඒ නිසා අපි අනුරට කියනවා අපි කරුණු ගැන, ප්‍රතිපත්ති ගැන කතා කරමු. තුට්ටු දෙකේ දේශපාලන ගේම් ගහන්න එන්න එපා. එහෙම එනවා නම් අපි ළඟත් ඕනෙ තරම් කරුණු තියෙනවා…’

කණිෂ්ක ලැනරෝල් කියපු ඇත්ත!

SendShareShare
Previous Post

චන්දිමට අමෙරිකාව සම්බන්ධ තනතුරක්!

Next Post

මගෙ සුදු බෑණන්ඩිට ඡන්දෙ නැත්නම් අබ සරණයි! මගෙ බුදු මාමණ්ඩියෙ ඡන්දෙ තිබ්බොත් මම ඉවරයි! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.