• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොරු හොරු කියලා කෑ ගහන ඔක්කොම හොරු! අපි අලුත්ම ක්‍රමේකට හොරු අල්ලනවා! පොහොට්ටු මහලේකම් සාගරගෙ අලුත්ම එක!

February 22, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
කිසිම බලයක් නැති එජාපයට යන්න අපේ මන්ත්‍රීවරුන්ට ඔළුවේ අමාරුවක් නෑ! පොහොට්ටු මහලේකම් එජාප මහලේකම් කියපු කතාවකට උත්තර බඳී!
Share on WhatsAppShare on Facebook

මේ රටේ නිදහසින් පසු හිටපු සියලු රාජ්‍ය නායකයින්ගේ සියලු දේපොළ පරීක්ෂා කළ හැකි, දේශීය හා විදේශීය කිසියම් දේපොළක් තිබේනම් ඒවා අත්පත් කරගත හැකි ඔවුන්ට දඩුවම් පැමණිය හැකි විශේෂ නීති සම්පාදනය කරන්නයි පොහොට්ටුවේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් පවසනවා. ඒ සඳහා තමන් ජනාධිපතිවරයාට බලකර සිටින බව ඔහු පවසනවා. එවැනි දූෂණ විරෝධී නීති ගෙන ඒම සම්බන්ධයෙන් සම්පූර්ණ මූලිකත්වය ගෙන කටයුතු කරන පක්ෂයක් බවට තම පක්ෂය මෙතැන් සිට කටයුතු කරන බවයි මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පසුගිය දා පැවසුවේ.

“මේ රටේ පැවැති තිස්වසරක යුද්ධය නිමාකර මේ රටට නිදහස උදාකර රට දිනෙන් දින සංවර්ධනය කරපු රාජපක්ෂවරුන්ට විරුද්ධව වෙන කියන්න දෙයක් නොතිබූ නිසා මේ අය රාජපක්ෂවරු පරද්දවන්න 2015 දී ප්‍රධාන සටන්පාඨය ලෙස ගෙනාවේ රාජපක්ෂලා හොරකම් කළා කියන චෝදනාව. රටේ ජනතාවත් යම් ප්‍රමාණයක් මෙය විශ්වාස කරුවා. ඒ නිසා හොරකම් අල්ලන්න 2015 අනෙක් පැත්තට ඡන්දය දුන්නා. රාජපක්ෂවරු පරාජය කළා. ඒ ආපු රජය විවිධ නීතිඥ කණ්ඩායම් පිටරටවල පවා යවමින් ස්කොඩ්ලන්ඩ් යාර්ඩ්, CIA කියන ආයතන දෙකේම සහාය ලබාගත්තා. මේ රටේ පමණක් නොවෙයි ලෝකය පුරා විවිධාකාරයේ සෙවුම් බැලුම් කළා. ලංකාවේ සියලු ගිණුම් පරීක්ෂා කරළ බැලුවා. නමුත් අවසානයේ ඔප්පු වුණේ රාජපක්ෂලා කිසිම හොරකමක් කර නෑ කියන එක. අවසානයේ දී අපේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව නඩු දැම්මා. ඒ දාපු නඩුවල චෝදනා වුණේ පළාත් පාලන ආයතනවලට ගැල්වනයිස් බට දුන්නා, සමෘද්ධි ජනතාවට ලිතක් බෙදුවා, සමෘද්ධිලාභීන්ට ඔවුන්ගේ මුදලින් නිවාසවල තීන්ත ගා ගැනීමට රුපියල් 15,000ක මුදලක් දුන්නා කියලා විතරයි. මේ වගේ සිල්ලර කාරණා කියලයි නඩු දැම්මේ. මේ සියලු නඩු වලින් එතුමා නිදොස් කොට නිදහස් වුණා. මහින්ද රාජපක්ෂ මහතාට චෝදනා පිට චෝදනා එල්ල කළා, හැබැයි චෝදනා ඔප්පු කරන්න තියා චෝදනාවක් ගේන්නවත් බැරිවුණා.

රට සංවර්ධනය කළ, රටට වැඩකළ නායකයින්ට හොරා කියලා ලේබලයක් අලවනවා. මේ ලේබලය ගේන්නේ ඇත්තටම හොරකම් කරපු අය. නැතිනම් මේ රටේ දේපල විනාශ කළ අය. බස් ගිනිතියපු, විදුලි ට්‍රාන්ස්පෝමර් පුපුරවපු අය. නැතිනම් හොරකම් කරපු අය. මේ අයගේ හෙළුව වසා ගැනීමට රට සංවර්ධනය කරපු නායකයින්ට හොරා කියන ලේබලය අලවනවා. ඒක අපේ රටේ අලුත් දෙයක් නොවෙයි. අනගාරික ධර්මපාලතුමාට පවා හොරා කියලා කිව්වා. එතුමා රට හැර ගියා. එතුමා අපවත්වූ පසු ජාතික වීරයෙක් ලෙස සලකනවා. ලෝකයේ නායකයෝ හිඟයි. අපේ පක්ෂයට, අපිට රට පාලනය කළ හැකි නායකයෝ ඉනවා. ඒක අපට ආඩම්බරයක්.

අපේ නායකයින්ට විරුද්ධව කරලියට ගේන හොරු කියන බොරු චෝදනාව නිසා අපි පක්ෂයක් හැටියට තීරණය කළා මේ රටේ නිදහසින් පසු සිටි සියලු රාජ්‍ය නායකයින්ගේ සියලු දේපල පරීක්ෂා කළ හැකි, දේශීය හා විදේශීය කිසියම් දේපලක් තිබේනම් ඒවා අත්පත් කරගත හැකි, ඔවුන්ට දඩුවම් පැමිණවිය හැකි විශේෂ නීති සම්පාදනය කිරීමක් කරන්න. අපි ජනාධිපතිවරයාට බලකර සිටිනවා ඒක කරන්න කියලා. ඒ සඳහා දූෂණ විරෝධී නීති ගෙනඒමට මූලිකත්වය ගෙන කටයුතු කරන පක්ෂයක් හැටියට අපි අද සිට කටයුතු කරනවා” යි සාගර කාරියවසම් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

SendShareShare
Previous Post

ඡන්ද තියෙන දිනේ උසාවි ගිහින් බේරගන්න! උසාවිය මොකක් හරි කියයි! හැබැයි ආර්ථිකය උසාවියෙන් බේරගන්න බෑ! රනිල් ඡන්දයයි-අධිකරණයයි ගැන කතා කරයි! VIDEO

Next Post

ඡන්දෙ 9 වැනිදා තියන්නත් බෑ! ඇප මුදල් දැන්ම දෙන්නත් බෑ!

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන් නමින් දැන්වීම් පළකරමින් මහාපරිමාණයෙන් නීති විරෝධීව මුදල් එකතු කර ඇති සමාගම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති...

Read more
කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.