• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මැතිනිගේ කාලේ සිට සිරිසේනගේ කාලේ දක්වා අධිකරණයට ඇගිලි ගහපු හැටි

January 25, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
මැතිනිගේ කාලේ සිට සිරිසේනගේ කාලේ දක්වා අධිකරණයට ඇගිලි ගහපු හැටි
Share on WhatsAppShare on Facebook

‘උගන්ඩාවේ මස් මරන්නා’ Butcher of Uganda, එහෙමත් නැතිනම් ‘අප්‍රිකාවේ කැලෑ මිනිසා’ (Wildman of Africa), මේ බියකරු නාමයන් දෙක කියූ සැණින් ඔබ එම භයංකාර මිනිසා නොහඳුනනවා ඇත. එහෙත් ‘ඉඩි අමීන්’ යැයි කියූ විටම ඔබ බොහෝ දෙනකු මෙම අපූරු මානවයා හඳුනාගනු ඇතිය. 1971 වසරේ සිට 1979 වසර දක්වා වසර 09ක් පුරා අප්‍රිකාවේ, උගන්ඩා දේශයේ ජනාධිපතිවරයා ලෙස සිටි ඉඩි අමීන් එරට ලේ විලක් කළ අතිශය කුරිරු පාලකයෙකි. දේශපාලන එදිරිවාදීන් මෙන්ම අහිංසක ජනතාවද ලක්‍ෂ 5කට අධික සුවිශාල පිරිසක් ඝාතනය කිරීමට කටයුතු කළ ඔහු හිට්ලර්ගෙන් පසු ලොව බිහිවූ අතිශය දරුණුතම පාලකයා විය. උගන්ඩාවේ ජනාධිපති පුටුවේ වසර 9ක් සිටි මෙම මෘග මිනිසාගේ සම්පූර්ණ නම ඉඩි අමීන් ඩඩා ය. අද ඔබට ලියන්න යන මෙම කතාන්දරයට ඔහු පෙරගමන්කරුවකු කළේ ඇයි? අද අපේ රටේ සතර අත විහිදී තිබෙන රංජන් රාමනායකගේ ‘හඬපඩ නාඩගම’ නොහොත් තැටි නාඩගම’ නිසා රටේ අධිකරණයට සිදුවී ඇති යම් කලදසාවක් ගැන ජනී ජනයා මහත්සේ කතාබස් කරමින් සිටිති. රාජ්‍ය පාලකයන් අධිකරණයට සිදු කරන විවිධ රාජ්‍ය බලපෑම් ගැන මේ කතාබහ පෙළ ගැසෙති. එහිදී ‘ඉඩි අමීන්’ නොහොත් කෙටියෙන් හඳුන්වන ‘ඩඩා’ නමැති ජනාධිපතිවරයාද කිසිසේත්ම අමතක නොකළ හැකි විශ්වනීය චරිතයකි. එනම් ඔහු තරම් අධිකරණයට බලපෑම් සහ නියෝග සිදුකළ පාලකයකු ලොව නැති තරම්ය. මෙහිදී අතිශය බියකරු කතාවක් විශ්ව ඉතිහාසයට එක්ව ඇත. එනම් ඉඩි අමීන් තමන්ගේ රජයේ (රටේ) අගවිනිසුරුවරයා ම්ලේච්ඡ අයුරින් මරා දැමීමේ කතාවයි. මෙහිදී එම වගතුග දීර්ඝ ලෙස ලියන්නට ඉඩකඩක් නැතත්, එක් ඡේදයකින් හෝ ඔබට ලියා තබමි.
ඉඩි අමීන් විසින් 1971 වසරේදී තමන්ගේ රජයේ අගවිනිසුරුවරයා වශයෙන් බෙනෙඩික්ටෝ කිවනුකා නමැති විනිසුරුවරයා පත්කරන ලදී. කලක් තමන්ගේ විධායකය සමඟ හොඳින් කටයුතු කළ කිවනුකා, පසුව ජනාධිපති ඉඩි අමීන් සමඟ අමනාප වන්නට වූයේ ඉඩි අමීන් අධිකරණය වෙත සිදු කරන අසීමිත බලපෑම් හේතුවෙනි. මේ හෙයින් ඔහුට අගවිනිසුරු ධුරයේ කටයුතු කිරීම ඉතාමත් අපහසු විය. ඉඩි අමීන්ගේ බලපෑම් ඉතාමත් අසීමිත වූ අතර, ඒ හෙයින් අගවිනිසුරුවරයා ඔහු හා නිරන්තරයෙන් ගැටිණි. අවසානයේදී ඉඩි අමීන් තීරණයකට පැමිණියේය. දිනක් උදය වරුවේ අගවිනිසුරුවරයා උගන්ඩාවේ අගනුවර වන කම්පාලා නුවර තම කාර්යාලයෙහි සේවයෙහි නිරතව සිටියේය. ගතවූයේ නිමේෂයකි. ආයුධ සන්නද්ධව හමුදා ඇඳුමින් පැමිණි හතර දෙනකු කාර්යාලයට කඩාවැදී, පහර දෙමින් අගවිනිසුරුවරයා එළියට ඇදගෙන යන්නට විය. අධිකරණ සංකීර්ණයේ නඩු සඳහා පැමිණි විශාල පිරිසක් විය. කිවනුකා අගවිනිසුරුවරයාගේ නිල හිස් පැලඳුම මෙන්ම දිගු ලෝගුවද ගැලවී ගියේය. යක්‍ෂාවේශ වූ හමුදා නිලධාරීන් ඔහු ඇදගෙන ගොස් මෝටර් රථයකට පටවා ගෙන සැණෙන් ඉගිළී ගියේය. ඉඩි අමීන්ගේ හැටි දැනගත් ජනතාව අකුරක්වත් කතා කළේ නැත්තේ දැඩි භීතියට පත්වූ හෙයිනි.
හරියටම ගතවූයේ තවත් එක් දිනයක් පමණි. 1972 සැප්තැම්බර් 21 වැනි දිනදී උගන්ඩාවේ අගවිනිසුරුවරයා වෙඩිතබා ඝාතනය කරන ලදී. මෙහිදී අතිශය ඇඟ කිලිපොළවන කතාව වන්නේ ඔහු පැහැර ගැනීමෙන් පසුව ජනාධිපති ඉඩි අමීන් එම රහසිගත ස්ථානයට පැමිණ අගවිනිසුරුවරයා මරා දමා ඇත්තේ තමන්ගේම අතින් තම පිස්තෝලයෙන් වෙඩි තබමිනි. ඒ ඉඩි අමීන්ගේ හැටිය. තමන්ගේ දරුණුම තරහකරුවන් තමන් විසින්ම ඝාතනය කිරීම ඔහුගේ සතුට විය. ඉන්පසුව ආරංචි වූයේ සිතාගත නොහැකි තරමේ ජුගුප්සාජනක සිදුවීමකි. එනම් ඝාතනය කළ අගවිනිසුරුවරයාගේ හදවත සහ තවත් ඉන්ද්‍රීය කිහිපයක් ගලවා යම් ස්ථානයකට රැගෙන යන ලෙසට නියෝග ලැබිණි. පසුව සිරුර ඇසිඞ් බැරලයක දමා දියකර අවශේෂ කොටස් පුච්චා දමා ඇත. අගවිනිසුරුවරයාගේ දේහයෙන් ගලවාගත් ඉන්ද්‍රියයන් කිහිපය ඉඩි අමීන්ගේ නිවෙසේ ශීතකරණයක ඉතාමත් රහසිගතව තබා එහි කොටස් ඔහු විසින් ආහාරයට ගත් බව නිල නොවන වාර්තාවලින් ප්‍රකාශ වී තිබිණි. ඉඩි අමීන් තම අගවිනිසුරුවරයා සමඟ අධික වෛරයකින් සිටි හෙයින් ඔහු තරහ උපරිමයෙන් පිරිමසාගෙන ඇත්තේ සිරුරු කොටස් අනුභව කිරීමෙනි.
කෙසේ හෝ අපගේ උතුම් ශ්‍රී ලංකාවෙන් නම් විධායකය සහ අධිකරණය ගැන කුරිරු, ම්ලේච්ඡ කතා අසන්නට ලැබී නැත. එහෙත් ජුගුප්සාජනක කතාන්දර නම් එමට අසන්නට ලැබී ඇත. මේ වගතුග අද අපේ ඉතිහාසයටද එක්වී ඇත. ඒ කතා තැනින් තැන විසිරී තිබුණේය. ඒ වගතුග එකිනෙක පෙළගස්වා ඔබට ලියා තබන්නට මහත් වෙහෙසක් ගත්තෙමි.
ශ්‍රී ලංකාව ජනාධිපතිවරුන් 7 දෙනකු විසින් පාලනය කරනු ලැබ ඇති අතර, වත්මන් ජනාධිපතිවරයා 8 වැන්නාය. මෙම පිරිස කලින් කලට අධිකරණය සමඟ කටයුතු කළේ කෙසේද? ශ්‍රී ලංකාව 1948 වසරේදී ඉංග්‍රීසින්ගෙන් නිදහස දිනාගත් දින සිට වසර 30ක් පමණ වන තෙක් විධායකය සහ අධිකරණය අතර ගැටුම් හටගත් බවට වාර්තා වී නොමැත. එනම් බොහෝ විට ස්වාධීන, නිදහස් අධිකරණයක් රට තුළ තිබුණේය. එහෙත් රට තුළ විධායක ජනාධිපති ධුරය ආරම්භ කර ගතවූ වසර 42ක කාලයේදී එම තත්ත්වය කණපිට හැරිණි. අධිකරණ පද්ධතියේ අමිහිරි සිදුවීම් රැසක් වාර්තා විය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ධුරය හොබවන ලද්දේ ජේ. ආර්. ජයවර්ධන මහතා විසිනි. ඔහුගේ සමයේදීම අධිකරණය වෙත යම් ප්‍රබල බලපෑම් එල්ල වීම ආරම්භ වුණු බැව් ඉතිහාසය පෙන්වා දෙයි. කාල වකවානු අනුව මෙම වගතුග පෙළගැස්විය හැකිය.

අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ පාලන සමය
විධායක ජනාධිපති ධුරය ස්ථාපිත වීමට ප්‍රථම ලෝකයේ පළමු අගමැතිනිය වශයෙන් පත්වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ පාලන කාලය ගැන විශේෂයෙන් යමක් පැවැසිය යුතුය. සිරිමාවෝ මැතිනිය කිසිදු ආකාරයකින් අධිකරණ කටයුතුවලට බලපෑම් සිදු නොකළ නායිකාවකි. එහෙත් ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලබා ගැනීමෙන් පසුව ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ අධිකරණයට යම් බලපෑමක් ආරම්භ වුනු සමයක් ලෙස මෙය වාර්තාගතවී ඇත. එනම් සිරිමාවෝ අගමැතිනියගේ 70-77 පාලන කාලයේ වසර 3ක් අධිකරණ ඇමැතිවරයාව සිටි ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා තමන්ගේ සිතූමනාපයට අධිකරණයට, විනිසුරුවරුන් පත්කිරීමය. ඒ අනුව ඔහු මහාධිකරණයට දේශපාලනික සබඳතා ඇති විනිසුරුවරුන් කිහිප දෙනකුම පත්කළේය. සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අගමැති ධුරයේ වාර 3ක් කටයුතු කළාය. එනම් 1960-1965, 1970-1977 සහ 1994-2000 එම කාල වකවානුය. ඇය මෙතෙක් ශ්‍රී ලංකාවේ පවත්වා ඇති එකම විශාල ජාත්‍යන්තර නායක සමුළුව වන නොබැඳි ජාතීන්ගේ සමුළුවද ලංකාවේදී පවත්වන ලද අතර, එයට රටවල් 86ක නායකයෝ සහභාගි වූහ.
ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමය
ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලය, අධිකරණයට ‘කණකොකා’ හඬන්නට ගත් මුල්ම සමය ලෙස ඉතිහාසගතවී ඇත. 1977 වසරේදී විධායක ජනාධිපති ධුරයට පත් ඔහු 1989 තෙක් වසර 12ක් පාලන බලයේ සිටියේය. ‘ඇමෙරිකන් ඩිකී’ යැයි අන්වර්ථ නාමයකින්ද හඳුන්වන ජේ. ආර්. ජයවර්ධන මහතා එහෙත් නිරන්තරයෙන්ම පැලඳියේ සිංහල ජාතික ඇඳුමය. ඔහු බලයට පත්වීමෙන් පසුව විවිධ අධිකරණ ක්‍රියාවලියන්ට මෙසේ අත පෙවූයේය.
1978 වසරේදී විශේෂ ජනාධිපති කොමිසම ස්ථාපිත කිරීම, 1978 අංක 07 දරන විමර්ශන නීතිය යටතේ මෙම කොමිසම ආරම්භ කරන ලද අතර, එහි මුඛ්‍ය පරමාර්ථය වූයේ ඉන් පෙර බලයේ සිටි සිරිමාවෝ අගමැතිනියට එරෙහිව නීතිමය ලෙස කටයුතු කිරීමය. බණ්ඩාරනායක මහත්මියගෙන් පළිගැනීම ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ අභිප්‍රාය බැව් එකල සමාජය දැන සිටියේය.
1978 මාර්තු 29 දා ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනකුගෙන් සමන්විත ජනාධිපති කොමිසමක් පත්කර සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ 1970-1977 කාල වකවානුව ගැන පරීක්‍ෂණ ආරම්භ කෙරිණි. අවසානයේදී ප්‍රතිඵලය ලෙස බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය වසර 7කට අහෝසි කරමින් ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද නෙරපන ලදී.
ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ තනි තීරණය මත 1977 වසරේදීම අගවිනිසුරුවරයා ලෙස නෙවිල් සමරකෝන් මහතා පත්කිරීම.
අධිකරණයේ කටයුතු මෙහෙය වීම සඳහා 1978 වසරේදී නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා කටයුතු කළ අතර, එය සම්පාදනය කළේ තනි පුද්ගලයකු විසින්ය. එනම් ජේ. ආර්. ජයවර්ධනගේ බාල සහෝදරයා වූ හෙක්ටර් විල්ප්‍රඞ් ජයවර්ධන නමැති නීතිඥවරයා විසිනි. ජේ. ආර්.ගේ උපදෙස් මත එය සකස් කෙරිණි.
ජේ. ආර්. ජයවර්ධන විසින් පිළියෙල කරගත් නව ව්‍යවස්ථාවට අනුව ඔහු අධිකරණයට ඇඟිලි ගැසීම තවත් පුළුල් කළේය. එනම් ප්‍රධාන විනිසුරුවරුන් පත්කිරීම, ඉවත් කිරීම, උසස් කිරීම, සේවය දීර්ඝ කිරීම ආදී බොහෝ කටයුතු ජනාධිපතිවරයා විසින් සිදුකළේය. එම ව්‍යවස්ථාවට පෙර සිරිමාවෝ අගමැතිනියට එරෙහිව තිබූ නඩුව වෙනුවෙන් ඉදිරිපත්වී තිබුණු ‘රිට්’ අයැදුම්පත අභියාචනාධිකරණයක් විසින් අනුමත කළ විට, ජේ. ආර්. වහා කළේ නව බලතල භාවිත කරමින් පාර්ලිමේන්තුව හරහා එම තීරණය නිෂ්ප්‍රභ කිරීමය.
සිරිමාවෝ අගමැතිනියට දඬුවම් පැමිණවිය යුතු යැයි නිර්දේශ කළ විශේෂ ජනාධිපති කොමිසමේ කටයුතු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනාට සහ අනෙක් පහළ උසාවි විනිසුරුවරයාට විශේෂ උසස්වීම් සහිත තානාන්තර ජේ. ආර්. ජනාධිපතිවරයා විසින් පිරිනැමීය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. ශර්වානන්දන්ට 37 වැනි අගවිනිසුරු ධුරය හිමිවූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වී. වීරරත්නට බස්නාහිර අග්‍රාණ්ඩුකාර ධුරයද හිමි විය. පහළ උසාවි විනිසුරුවරයා, අභියාචනාධිකරණ විනිසුරු තනතුරකට උසස් කරන ලදී. එසේම ප්‍රධාන විනිසුරුවරයාට දේශමාන්‍ය ගරු නම්බු නාමයක්ද පිරිනැමීය. දේශමාන්‍ය එස්. ශර්වානන්ද නමින් එම පදවිය ලැබිණි.
ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමයේදී සිදුවූ තවත් ප්‍රබලතම සිදුවීමක් වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවැන් තිදෙනකුට එරෙහිව දැඩි උද්ඝෝෂණයක් සිදුකිරීමය. එකල ලංකා සමසමාජ පක්‍ෂයේ ලෙස්ලි ගුණවර්ධන සහ විවියන් ගුණවර්ධන විසින් සකස් කළ ‘පැවිදි හඬ’ නම් ලේඛනයකට රජයේ විරෝධය මතුවී පොලිසිය විසින් ඔවුන්ට එරෙහිව කටයුතු කළ අතර, අත්අඩංගුවට ගැනීමක්ද සිදුවිය. මෙහිදී මෙම ක්‍රියාව මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් යැයි ඔවුන් අධිකරණයේ පෙත්සමක් ගොනු කළේය. මෙය සලකා බැලූ අධිකරණය පැමිණිල්ලට පාක්‍ෂිකව තීන්දුව ලබා දුන්නේය. එම තීන්දුව ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනක් වූ අතර, ඔවුන්ට එරෙහිව ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ අනුදැනුම මත උද්ඝෝෂණයක් සිදු කෙරිණි. තීන්දුව ලබාදුන් බී. එස්. සී. රත්වත්තේ, පර්සි කොලීන් තෝම් සහ ජේ. එෆ්. ඒ. සූසා යන විනිසුරුවරුන් තිදෙනාගේම නිවෙස් අසලට විශාල මැර කණ්ඩායම් පැමිණ කෑකෝ ගසමින්, ගල් මුගුරු ප්‍රහාර එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරුණේය. මෙහිදී බිය පත් විනිසුරුවරුන් පොලිසියට දුරකතන ඇමැතුම් ලබා දුන්නද පොලිසිවල දුරකතන විසන්ධි කෙරී තිබිණි. පැය කිහිපයකට පසුව කලහකාරී පිරිස විසිරී ගොස් තිබුණේය.

ප්‍රියන්ත ‌හෙට්ටිගේ -ඉතිරිය ලබන සතියට

SendShareShare
Previous Post

රජවරු දෙවිවරු ඇවිත් ගියපු දෙවනගල

Next Post

ඇතුළෙදි රන්ජන්ගෙ තනියට මැන්ඩෙලා

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

හබරණ, අලුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක තිබෙන බව කියන මැණික් නිධානයක් ගොඩගැනීම සඳහා අනවසරයෙන් කැණීම් කරමින් සිටි හිටපු අමාත්‍ය එම්.කේ.ඩී....

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.