• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සහෝදරයා නිදහස කන්නද?

February 17, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
සහෝදරයා නිදහස කන්නද?
Share on WhatsAppShare on Facebook

සුද්දා ලංකාව අතහැර ගොස් 75 වසරක් පිරීම නොහොත් 75 වැනි නිදහස් දිනය ගිය සතියේ අපි උත්කර්ෂවත් ආකාරයෙන් සැමරුවෙමු. ඕනෑම රටක් තම රටේ නිදහස් දිනය හැකි උපරිම ආකාරයෙන් සමරන්නේ හේතු කිහිපයක් නිසාය. ඉන් පළමුවැන්න නිදහස වෙනුවෙන් කැපකිරීම් කළ අතීත රට වැසියන් සිහිකරමින් අනාගත පරපුරට ඒ පිළිබඳ හැඟීම ලබාදීමය. අනෙක් කරුණ වනුයේ රටක් ලෙස තමන් ලබා ඇති ප්‍රගතිය ලෝකයට ප්‍රදර්ශනය කිරීමය. එහෙත් ශ්‍රී ලංකාව මෙවර නිදහස් දිනය සැමරුවේ මෙම කරුණුවලට ඉඳුරාම පටහැනි හේතුවක් නිසාය. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වචනයෙන්ම කියන්නේ නම් ‘නිදහස් දිනයවත් සැමරිය නොහැකි ජාතියක් ලෙස ලෝකයා අප දෙස අවඥාවෙන් බැලීම’ වළකාලීම මේ නිදහස් සැමරුමේ අරමුණයි.

ශ්‍රී ලංකාව දිගුකලක් විදෙස් ආධිපත්‍යයනට නතුව පැවැති රටකි. සමීපතම රාජ්‍යය වන ඉන්දියාවේ ආක්‍රමණවලට අමතරව යුරෝපීය ආක්‍රමණ තුනකට නතුවන්නටද ලංකාවට සිදුවිය. ක්‍රි.ව. 1505 පෘතුගීසින්ගෙන් ආරම්භ වූ මෙකී බටහිර යටත්විජිතකරණයේ බලපෑම නිමා වූයේ අදින් 75 වසරකට පෙර 1948 දී බි්‍රතාන්‍යයන් මෙරට ඩොමීනියන් නිදහස ලබාදීමත් සමගය. වසර 433ක් වූ ශ්‍රී ලංකාවේ යටත්විජිත සමයේ දේශීය සම්පත් රැසක් විදේශයන්ට රැගෙන යාම සිදුවිය. ඊට අමතරව බොහෝ නවීන අංගෝපාංග හඳුන්වාදෙමින් ලංකාව ලෝකයට රැගෙන යාමටද බටහිර ජාතීන් ( විශේෂයෙන්ම බි්‍රතාන්‍යයන්) කටයුතු කරන ලදී. අප වසර 133ක බි්‍රතාන්‍ය පාලනයෙන් මිදෙන අවස්ථවේ ශ්‍රී ලංකාව ආර්ථික සහ සමාජයීය අතින් පසුවූ සම්භාවනීය තත්ත්වය ඊට කදිම නිදසුනකි. 1948 ශ්‍රී ලංකාව නිදහස ලබන විට දකුණු ආසියාවේ වැඩිම ඒකපුද්ගල ආදායම ලබූ රට විය. එදා ලංකාවේ තිබුණේ අය වැය අතිරික්තයකි. සාක්ෂරතාව අතින් අපි ජපානයට පමණක් දෙවැනි වූවෙමු. දියුණු ප්‍රජාතන්ත්‍රවාදී අංගයක් වූ සර්වජන ඡන්දය අප 1931 සිට භාවිත කරමින් සිටියෙමු. 1952 බි්‍රතාන්‍යයේ අයවැය හ`ිගය පියවන්නට අරමුදල් සපයන්නට තරම් එදා අපේ රට ශක්තිමත් ආර්ථිකයකින් යුක්ත විය. ගල්ඔය වැනි දැවැන්ත බහුකාර්ය යෝජනා ක්‍රම විදෙස් ණයවලින් තොරව නිම කරගන්නට තරම් එදා ලංකාවට මුදල් තිබුණේය. එහෙත් නිදහස ලබා දශක හතක් ගෙවෙන කල සමස්ත ලෝකයෙන්ම හිඟා කන තත්ත්වයට අප පත්ව සිටින්නෙමු.

තත්ත්වය මෙසේ වුවත් ඒ සියල්ල නොතකා 75 වැනි නිදහස සමරන්නට ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කළේය. ඒ දහසකුත් එකක් විරෝධතා තුට්ටුවකට නොතකා හරිමිනි. නිදහස් උත්සවයට විරුද්ධ වූවෝ සැබැවින්ම එරෙහි වූයේ නිදහසට නොව එය සමරන අවස්ථාවේ රටක් ලෙස අප පත්ව සිටි තත්ත්වය අනුව එවැනි සැමරුමකට යන වියදම හුදු නාස්තියක්ය යන මතයේ සිටය. ජීවිතයේ තීරණාත්මක විභාගයක් වූ උසස් පෙළ ලියනා සිසුනට දින 14ක් අඛණ්ඩව විදුලිය දීමට විදුලි බල මණ්ඩලයට මුදල් නැත. අන්තිම සරල වෛද්‍ය පරීක්ෂණයක් වන දියවැඩියාව සඳහා කරන නිරාහාර රුධිර පරීක්ෂාවට අවශ්‍ය රසායන රජයේ රෝහල්වල නැත. රුධිරය කැටිගැසීම වළකාලන්නට හෘද රෝගීනට ලබාදෙන ඇස්ප්‍රින් පෙත්ත රජයේ රෝහල්වලින් අතුරුදන් වී බොහෝ කල්ය. පිළිකා සහ වකුගඩු ආසාදන සඳහා වන බෙහෙත් පමණක් නොව සිසේරියන් උපතකදී මැහුම් දැමීමට යොදාගන්නා නූල් පවා බොහෝ රෝහල්වල නැත. බිත්තර, මාළු. එළවළු, පලතුරු, සහල් ඇතුළු පරිභෝගික භාණ්ඩවල මිල ඇත්තේ අහසේ නොව අභ්‍යවකශයේය. පෙර පාසල් දරුවකුගේ පොත් ලයිස්තුව, නිල ඇඳුම් සහ සපත්තු සඳහා වන අවම ඇස්තමේන්තුව රුපියල් 18,000කි. උදේට කෑ මිනිසාට ඇත්තේ දහවල් කන්නේ මොනවාද යන්න නොව දහවලට කන්න ලැබේවිද යන ගැටලුවය. ලෝකයට පේන්නට අප 75 වැනි නිදහස සැමරුවේ මෙවන් වටපිටාවක් සහිතව සිටියදීය. මේ වන විට රටේ දරුවන්ගෙන් අවම වශයෙන් 50,000ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවත්, ගැබිනි මවුවරුන් අතර නිරක්තිය සුලබ වීම නිසා ඔවුනට උපදින දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බරපතළ ගැටලු පවතින බවත් වෛද්‍යවරු පෙන්වා දෙති. එවන් රටක මිලියන ගණනක් වැයකර නිදහස් උත්සව පැවත්වීම කෙසේ නම් සාධාරණීකරණය කරන්නේද?

මෙවන් පසුබිමක සිට නිදහස් උත්සවය ආටෝප සහිතව සැමරුවාට ලෝකයේ කිසිම රටක් ලංකාව පිළිබඳ ගෞරවයෙන් සිතන්නේ නැත. ඔවුන් ලංකාව දකින්නේ ලබාගත් ණය නොගෙවා කරහරින වංචනික ජාතියක් ලෙසය. මේ බව හොඳහැටි දැනගන්නට එතරම් අසීරු නැත. ඊට කළ යුත්තේ බංග්ලාදේශ ජාතිකයකුගේ මුහුණු පොතට පිවිස එහි පෝස්ටු නිරීක්ෂණය කිරීම පමණි. ලෝකයටම ණය තබා කෝටි ගණන් වැයකොට මුහුදට වෙඩිතබා අපට ලබාගත හැකි ප්‍රතිලාභය කුමක්දැයි අපට නම් වැටහෙන්නේම නැත.

නිදහස සැමරීමට ඉදිරිපත්වූ මුල්ම ඇස්තමේන්තුව ලොමුදැහැගන්වනසුළුය. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසන පරිදි නිදහස සමරන්නට සෑදූ මුල්ම ඇස්තමේන්තුව රුපියල් මිලියන 575කි. එහෙත් දීර්ඝ සාකච්ඡාවකින් පසු එය රුපියල් මිලියන 200ක් දක්වා අඩු කරගෙන තිබේ. ඇස්තමේන්තුවකින් මිලියන 375 කපාදැමීම වූ කලී වෙනමම කතා කළයුතු නිමිත්තකි. මෙම මිලියන 200 සපයා ගැනීමට රජයට නිසි සැලසුමක් නොතිබුණු අතර රාජ්‍ය අමාත්‍යවරයා පැවසූවේ අමාත්‍යාංශ කිහිපයකට වෙන් කළ අයවැයෙන් රුපියල් මිලියන 200ක් ලබාගන්නා බවය. අමාත්‍යාංශවල වියදම කපන්නට සතිපතා චක්‍රලේඛ නිකුත්කරන රටක නිදහස් උත්සවය වෙනුවෙන් වෙන් කරන්නට තරම් වැය ශීර්ෂවල මුදල් තිබේද යන්න ගැටලුසහගතය. ඒ කිසිත් නොතකා ආණ්ඩුව නිදහස සමරන්නට තීරණය කරද්දී තවත් පාර්ශ්ව ගනණාවකින් ඊට විරෝධය පළවන්නට විය. මුලින්ම ආණ්ඩුවට විරෝධතාවක් එල්ල වූයේ කාදිනල් හිමි ප්‍රමුඛ කතෝලික සභාවෙනි. රට මෙතරම් දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පාමින් සිටියදී ඒ බව නොතකා පවත්වන නිදහස් උත්සවය වර්ජනය කරන බව ඔවුහු කල් තබා පැවැසුවෝය. ඊළඟට ඊට එරෙහි වූයේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයයි. මෙතරම් දරුණු අර්බුදයකට රට මුහුණදෙමින් සිටින අවස්ථාවක පවත්වන නිදහස් උත්සවය විපක්ෂයක් ලෙස වර්ජනය කරනට සජබ තීරණය කළේය. ඒ තීරණයට එකඟ වෙමින් විපක්ෂයේ පක්ෂ බහුතරයක් නිදහස් උළෙල වර්ජනය කරන්නට විය.

නිදහස් දිනය සම්බන්ධව ප්‍රකශයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසනුයේ මෙවර පැවැත්වූ 75 වැනි ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය සඳහා රජය වැයකළ මුළු මුදල රුපියල් 11,130,011 ශත 29ක් පමණක් බවත්, එය පෙර වසරවලට සාපේක්ෂව අඩු මුදලක් බවත්ය. එමෙන්ම මීට දෙසතියකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිදහස් උළෙල පිළිබඳ නිලධාරීන් හා පැවැත්වූ සාකච්ඡාවකදී හෙළිවූ කරුණු පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවකදී කරුණු දක්වන ලදී. එම කරුණු දැක්වීමට අනුව උත්සවයේ ජාතික ගීය ගැයීමට පමණක් ලක්ෂ 18ක් වෙන්කර ඇති බවත්, ඩී.එස්. සේනානායක පිළිරුවට මල් මාලාවක් දැමීමට රුපියල් 97,000ක් වෙන්කර ඇති බවත් පැවැසීය. එපමණක්ද නොව මෙම මිල ගණන්වලින් තමාද පුදුමයට පත්වූ බව ජනාධිපතිවරයා පැවැසීය. සැබැවින්ම ලංකාවේ ආණ්ඩුවේ වියදම් පියවෙන්නේ මේ ආකාරයෙන් නම් පොළොවෙ හැම වැලි ඇටයක්ම මැණික් බවට පත්වුවත් ලංකාවට ගොඩ ඒමක් නැත. එහෙයින් මේ ඇස්තමේන්තු සැකසූවන්ගෙන් ඊට අදාළ මිල ගණන් කැඳවීම පිළිබඳ වහා ප්‍රශ්න කළ යුතුය.

අසීරු අවස්ථාවක ආණ්ඩුව කරන අනවශ්‍ය වියදමක් ලෙස සලකා බොහෝ දෙනෙක් නිදහස් සැමරුමට විරුද්ධ විය. පෙබරවාරි හතර වැනිදා කළු කොඩි දමන්නැයි ජාතික නිදහස් පෙරමුණ ලංකාවාසීන්ගෙන් ඉල්ලා සිටියේය. අනතර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා රැලියක් පවත්වා 75 වැනි නිදහස් සැමරුමට විරෝධතාවය පළකර සිටියේය. ඊට භික්ෂු බලමණ්ඩලයද එක්ව සිටියහ. දියත උයන ප්‍රදේශයේද නිහඬ විරෝධතා පැවැත්විණි. රට දේශපාලන, සමාජයීය සහ ආර්ථික අර්බුදවලට මුහුණදී සිටින අතරවාරයේ නිදහස් සැමරුම සම්බන්ධයෙන් එහිදී අරගලයේ ක්‍රියාකාරීහු සිය අප්‍රසාදය පළ කළහ.

මේ අතර කන්‍යා සොහොයුරියන් පිරිසක් ද කොළඹ 10 ෆාතිමා දේවස්ථානයේ නිහඬ විරෝධතාවක නිරත වූ අතර, ‘ඔවුන් සියල්ල සොරකම් කර, කොල්ලකෑම්, විනාශ කර නැතිකළ පසු දැන් ඉතිරි වන්නේ නිදහස පමණයි’ යනුවෙන් බැනර් එල්ලා ගෙන සිටියහ. ‘නිදහස අයිති පුරවැසියන්ට මිස පාලකයන්ට නොවේ’ යනුවෙන් සඳහන් පුවරුද එහි ප්‍රදර්ශනය විය. නිදහසට එරෙහි ජනතා විරෝධය මැඬලන්නට පොලිසිය අධිකරණයෙන් නියෝගයක් ඉල්ලා සිටියේය. ඒ අනුව 75 වැනි නිදහස් දිනයදා ගාලුමුවදොර දෙසට ඇතුළුවීම පුද්ගලයන් 27 දෙනකුට තහනම් කරමින් සිකුරාදා කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝගයක් නිකුත් කළේය. මෙම පුද්ගලයන් අතර ලංකා ගුරු සංගමයේ (CTU) ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙ.ස.ප.) ක්‍රියාකාරිකයකු වන දුමින්ද නවගමුව ද ඇතුළත් විය. එහෙත් එම නියෝග නොතකා සිකුරාදා සවස කොළඹ 10 එල්ෆින්ස්ටන් රඟහලේදී සාමකාමී ‘සත්‍යග්‍රහ’ විරෝධතාවක් පැවැත්විණි. ආණ්ඩුව අධ්‍යාපනයට වෙන්කර ඇති මුදල් නිදහස සැමරීමට යොදාගෙන ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් එහිදී චෝදනා නැගීය. කෙසේ වෙතත් එම විරෝධතාවය මැඬපැවත්වීමට පොලිසිය රැස්ව සිටි පිරිස විසුරුවා හැරීමේදී ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් පමණක් නොව අමානුෂික පහරදීම්ද සිදුවෙනු දැකගත හැකි විය. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ලහිරු වීරසේකර පැවැසුවේ පොලිසිය බලා සිටියදී සංවිධනාත්මකව එම ස්ථානයට පැමිණි මැර පිරිස් තමන්ට පහර දුන් බවයි. මෙලෙස පහරදුන් මැරයන් අතර කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකුද සිටින බවත් ඔහුගේ පියා මරදානේ ජීවත්වූ නම්දැරූ චණ්ඩියෙක් බවත් පහරකෑවෝ පවසති. එමතුදු නොව මෙම මන්ත්‍රීවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙක් බවත්, ඔහු සමග තවත් මැරයන් කිහිප දෙනෙක් පැමිණ තමන්ට පහර දුන් බවත් ඔවුහු පවසති.

මෙරට වෘත්තීයවේදී සංවිධාන රැසක් නිදහස් සැමරුමට විරෝධය පළකර සිටි අතර ඒ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද විය. දිවයිනේ සියලු විශ්වවිද්‍යාල පාහේ මෙම විරෝධතාවට එක්ව සිටි අතර වඩාත් සංවිධානාත්මක විරෝධතාවයන් උතුරු නැගෙනහිර දෙපළාතේ දැකගත හැකි විය. ජාතික නිදහස් දිනය වර්ජනය කරමින් පෙබරවාරි 04 දින කළු දිනයක් සේ සලකා උතුරේ විරෝධතා දියත් විය. එම විරෝධතා සංවිධානයේදී යාපනය විශ්වවිද්‍යාලයීය සිසුන් සහ උතුරේ ක්‍රියාත්මක වෙළෙඳ සංගම් විශේෂ දායකත්වයක් දක්වන ලදී. යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය සහ නැගෙනහිර විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය ඒකාබද්ධව දැවැන්ත පාගමනක් සංවිධාන කර තිබිණි. නිදහස්දා යාපනය විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ වුණු එම විරෝධතා පාගමන 07 වැනිදා මඩකළපුවෙන් අවසන් කිරීමට නියමිතව තිබිණි.

එම විරෝධතාවට සහාය දක්වමින් යාපනයේ සියලු වෙළෙඳසල් වසා යාපනයේ හර්තාලයක්ද ක්‍රියාත්මක කිරීමට යාපනය වෙළෙඳ සංගම් පියවර ගෙන තිබිණි. එම හර්තාලය මුළුමනින්ම සාර්ථක වූ අතර උතුරේ ජනයා සමස්තයක් ලෙස කළු කොඩි රැගෙන වීදි බැස සිය විරෝධය පළකරනු දැකගත හැකි විය. උතුරු නැගෙනහිර ආරක්ෂක අංශ අත්පත් කරගෙන සිටින දෙමළ ජනතාවගේ ඉඩම් වහාම නිදහස් කිරීම, යුද හමුදා කඳවුරු ඉවත් කිරීම, යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් ගැටලු, දේශපාලන සිරකරුවන් නිදහස් නොවීම, අතුරුදන් වූවන්ගේ නොවිසුඳුණු ගැටලු, දේශපාලනික ගැටලු ආදී ගැටලු රැසක් පැවැතියද කිසිදු රජයක් මෙම ගැටලු වෙනුවෙන් මෙතෙක් විසඳුමක් ලබා නොදීම හේතුවෙන් උතුරු නැගෙනහිර ජනතාවට පිළිගත හැකි විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා නිදහස් දින ආරම්භ කරනා ලද අරගලය ඉදිරියටත් අඛණ්ඩ කරන බව ඔවුහු පවසති. සමස්තයක් ලෙස උතුරු නැගෙනහිර ජාතික කොඩිය එසවිය යුතු බොහෝ තැන්වල කළු කොඩි ඔසවා තිබෙනු දැකගත හැකි විය. උතුර පමණක් නොව සීතල කඳුකරයද නිදහස් උළෙලට එරෙහිව පැවැති විරෝධතාවන්ගෙන් ගිනියම් වෙමින් තිබිණි.

ගෙවීගිය පෙබරවාරි හතරවැනිදා මුළු කොළඹම දිස්වූයේ දැවැන්ත වැටලීමකට කොටුවූ නගරයක ස්වභාවයෙනි. දහස් සංඛ්‍යාත පොලිස් සහ හමුදා නිලධාරීන් ප්‍රමාණයක් අගනුවරට කැඳවා තිබුණු අතර එම නිසාම බොහෝ ගාම්බද පළාත්වල පොලිස් රාජකාරි බිඳවැටෙමින් පවැතිණි. කැරලි මර්දන නිලධරීන් පවා සේවයට කැඳවා තිබුණු අතර සමස්තයක් ලෙස එදින කොළඹට පැමිණි බහුතරයකට කිසිම නිදහසක් දැනුණේ නැති බව අවසන් වශයෙන් පැවැසිය හැකිය.



අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

හපුහින්න බිත්තියට හේත්තු කළේ කව්ද? ගංගානි කල්පනී බිත්තියට හේත්තු කළේ කව්ද? මහින්ද සිරිවර්ධන බිත්තියට හේත්තු කළේ කව්ද? කවුරුත් නොකියන කතාව ඩිලාන් එළියට දමයි! VIDEO

Next Post

මම ඉන්න කොට විදුලි බිල වැඩි කළාද…? කළාද…? ඔබතුමන්ලා දන්නවා! ඒ නිසා තමයි අපි IMF ගියේ නැත්තේ! VIDEO

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.