• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තුර්කියේ භූ කම්පනය ගැන හරියටම අනාවැකි කියූ අපූරු මිනිසා…

February 16, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
තුර්කියේ භූ කම්පනය ගැන හරියටම අනාවැකි කියූ අපූරු මිනිසා…
Share on WhatsAppShare on Facebook

ග්‍රහලෝක ජ්‍යාමිතියෙන් කියූ පුදුමාකාර අනාවැකිය… ඉතා නුදුරු දවසකදී ඉන්දියාවටත් මහා භූමිකම්පාවක්…

මුළුමහත් යුරෝපයේ රටවල් රාශියක් පුරා ඉතා උච්ච අයුරින් ශීත ඍතුව ගෙවෙන සමය ගතවන්නේ මෙම කාලයේදීය. දහවල් කාලයේදී ශීතල යම් අයුරකින් අඩු වුවත්, සවස් යාමය පසුවෙත්ම ශීතල බොහෝ උත්සන්න තත්ත්වයකට පත්වෙයි. එතැනින්ද නොනවතින ශීත පරිසරය රාත්‍රිය වත්ම ඉතා උච්ච තත්ත්වයට පත්වී සෙන්ටිග්‍රේඩ් අංශක 04 තරම් පහත අගයකට පත්වෙයි. හිම වැසි, හිම කුණාටු මෙන්ම අයිස් මිදුණු පරිසරයන්ද බොහෝ ස්ථානවලින් දක්නට හැකිය. මෙවැනි පරිසරයක් තුළ පසුගියදා යුරෝපයේ ප්‍රධානතම රටක් වන තුර්කිය තුළින්ද ශීත ඍතුවේ ලක්ෂණ බෙහෙවින්ම පෙන්වාදී තිබුණේය. එදා දිනය හරියටම 2023 පෙබරවාරි 06 වැනි සඳුදා විය. ඊට පෙර දිනය සති අග ඉරිදා දිනයක් වූ හෙයින් මිනිස්සු බොහෝ සතුටු සාමීචියෙන් සහ විනෝදයෙන් ගතකරමින් සිට නින්දට ගියෝය. රාත්‍රිය අතිශයින්ම සන්සුන් විය. තට්ටු ගොඩනැගිලිවල සිටින බොහෝ නිවැසියන්ගේ නිවෙස්වල ශීතලෙන් වැළකීම සඳහා උණුසුම ඇතිකරවන විවිධ උපකරණ භාවිත කරමින් සිටියේය. එහෙයින් බොහෝ දෙනකු අවට පරිසරය කෙතරම් ශීතල වුවද කෘත්‍රිමව රස්නය සාදාගෙන සිටි හෙයින් හොඳින් නිදි දෙව්දුව වැලඳගෙන සිටියේය. රාත්‍රිය සුන්දරය.

මධ්‍යම රාත්‍රියද ගෙවීගොස් එළිවන්නට තවත් හෝරා කිහිපයක් තිබිණි. එනම් හරියටම වේලාව අලුයම 04ට ආසන්න වී තිබිණි. මිනිසුන් තවමත් සුව නින්දේය. එහෙත් තත්පර කිහිපයක් ගතවන්නට මත්තෙන් කුරිරු යක්ෂයා නොහොත් බියකරු මාරයා තම නිවෙස්වල දොර ජනෙල්වලින් එබිකම් කරන්නට විය. කෙසේ හෝ තවත් තත්පර කිහිපයක්ද ගතවී ගියේය. තමන් නිදා සිටි ඇඳන් යම් අයුරකින් අස්වාභාවික ලෙස සෙලවෙන ආකාරයක් දැනෙන්නට විය. සමහරුන් කලබලයෙන් නැගිට ගත්තේය. එහෙත් තවත් සමහරුන් සුව නින්දේය. කුඩා දරුවන් බොහෝ දෙනකු සිටියේ එවැනි තත්ත්වයකය. තවත් විනාඩි දෙක තුනක් බොහෝ සැණින් ගෙවී ගියේය. මාරයා තමන්ගේ ගොදුරු ඩැහැගන්නට කඩාගෙන පැන්නේය. අදහාගත නොහැකි මහා භූමි කම්පාවකින් දසත වෙළාගත්තේය. බොහෝ මිනිසුන් මතට තමන්ගේ නිවාස, විශාල ගොඩනැගිලි සැණින් කඩාගෙන වැටුණේය. එළියකට හෝ දිවයන්නට මිනිසුන්ට කාලයක් නැති විය. මිනිසුන් දහස් ගණනින් පොළොවටම වැළලෙන්නට විය.

කුමක්ද මේ අතිශය ශෝකීය කතාන්දරය? මෙයට දින කිහිපයකට පෙර තුර්කියේ සිදුවූ මෙම ඛේදජනක සිදුවීම නම් රිච්ටර් මාපකයේ ඒකක 7.8ක බලයක් ඇති මහා භූමිකම්පාවයි. මෙම විනාශය හේතුවෙන් මේ වන විට මිනිසුන් 4,500කට ආසන්න පිරිසක් මියගොස් ඇත. තුර්කිය තුළ සිදුවූ මේ භූ කම්පනය නිසා එම දේශසීමාවේ යාබදව ඇති රටක් වන සිරියාවටද එය තදින්ම බලපානු ලැබීය. එනම් තුර්කියේ ජනතාව 3,000ක් පමණ සහ සිරියාවේ ජනතා 1,500ක් පමණ මියගොස් ඇතැයි වාර්තා පෙන්වා දෙයි. එසේම තවත් 17,000ක පමණ පිරිසක් දරුණු ලෙස තුවාල ලබා ඇති බවද පැවැසෙයි. මෙම දරුණු භූමි කම්පාව තුර්කියේ වසර 100කට පසු ඇතිවූ විශාලතම ස්වභාවික විනාශය ලෙස සැලකෙයි. කෙසේ හෝ අද මේ විනාශය සිදුව හමාරය. එහෙත් මේ සිදුවීම පිටුපස පසුගියදා හෙළිවුණු අනෙක් අපූරු කතාන්දරය කුමක්ද?

එම කතාන්දරය අද ලෝකය කණපිට පෙරළන පුවතක් බවට වාර්තා වී ඇත. එනම් මෙවැනි අති භයානක භූ කම්පනයක් සිදුවන බව එය සිදුවීමට හරියටම දින තුනකට පෙර එක්තරා සුවිශේෂ පුද්ගලයකු ප්‍රකාශ කර තිබීමය. යම් රටක් ආශ්‍රිත සාගරයේ භූ කම්පනයක් සිදුවූ පසු එයින් ඇතිවන උදම් රළ හේතු කරගෙන සුනාමි තත්ත්වයක් රට රටවලට ඇතිවීම ප්‍රකාශ කිරීමට යම් විද්‍යාත්මක ක්‍රමවේදයක් තිබුණද රටවල් තුළදී හදිසියේම භූ කම්පනයක් ඇතිවීම ගැන ප්‍රකාශ කිරීමට යම් නිශ්චිත විද්‍යාත්මක ක්‍රමවේදයක් නොමැත. එහෙත් මෙම සිදුවීමේදී එම සිද්ධාන්තය බිඳදමමින් පුදුමාකාර අනාවැකියක් ප්‍රකාශ කර තිබීම අද මුළු ලොව තුළ කතාබහට ලක්ව ඇත. මෙම වාර්තාගත සිදුවීමේ සුවිශේෂ පුද්ගලයා නම් ෆ්‍රෑන්ක් හුගර්බීට්ස් (Frank Hoogerbeets) නමැති නෙදර්ලන්ත ජාතික විද්‍යා පර්යේෂකයාය. මොහු භූ කම්පනය ඇතිවූ පෙබරවාරි 06 වැනිදා උදෑසනට හරියටම දින තුනකට පෙර, එනම් 2023 පෙබරවාරි 03 වැනිදා උදෑසන තමන්ගේ ට්විටර් ගිණුමේ අපූරු සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ පුදුමය දනවන පුවතකි. එම කෙටි සටහන මෙසේ ගෙනහැර දැක්විය හැකිය.

‘හෙට අනිද්දාට හෝ ඉක්මනින්ම හෝ තුර්කිය, සිරියාව, ජෝර්දානය සහ ලෙබනනය ආශ්‍රිත කරගත් රිච්ටර් ඒකකය 7.5කට වඩා වැඩි භයානක භූ කම්පනයක් සිදුවනු ඇත. එසේම මෙම භූ කම්පනයට පසුව එයට සම්බන්ධ තවත් පසු ක්‍රියාකාරී භූ කම්පනයන් කිහිපයක්ද සිදුවනු ඇත. මෙයට වසර 115කට පෙර එනම් ශතවර්ෂ 526දී තුර්කියේ සිදුවුණු මහා භූ කම්පනය මෙන් විශාල එකක් මෙවරත් ඇතිවිය හැකිය. මෙම භූ කම්පනයන් සෑම විටම තීරණාත්මක වන්නේ ග්‍රහලෝක ජ්‍යාමිතියට අනුවයි. ඉදිරි කාලයේදී නැගෙනහිර මධ්‍යධරණී කලාපයේ සැලකිය යුතු ප්‍රබල භූ කම්පන කිහිපයක් සිදුවීමට ඉඩ ඇති බව පේනවා. මෙම සොයාගැනීම් සඳහා මම ග්‍රහලෝකවල කාලීන පිහිටීම් නිරීක්ෂණය කරමින් පර්යේෂණ පවත්වනවා. මම මීට පෙර නේපාලයේ සහ ජපානයේ සිදුවුණු විශාලතම භූ කම්පන ගැනත් යම් අනාවකි පළකළා….’

මෙලෙස ෆ්‍රෑන්ක් හුගර්බීට්ස් විසින් දින 03කට පෙර සිදුකළ අනාවැකිය අද මුළු ලෝකයම විස්මිත කරන සහ ආන්දෝලනාත්මක පුවතක් බවට පත්ව ඇත. මෙම සුවිශේෂ නෙදර්ලන්ත ජාතික පර්යේෂකයා දැනට නෙදර්ලන්තයේ පිහිටුවා තිබෙන ‘සෞරග්‍රහ ණ්ඩල ජ්‍යාමිතික සමීක්ෂණයේ’ (Solar System Geometry Survey – SSGEOS) නමැති පර්යේෂණ ආයතනයේ පර්යේෂකයකු ලෙස කටයුතු කරයි. ග්‍රහලෝක ජ්‍යාමිතියට (Solar Geometry) අනුව ඉතා පුළුල් පර්යේෂණ සහ ගවේෂණ සිදුකරන මෙම ආයතනය මගින් ලෝකයේ සිදුවන විවිධ ස්වභාවික විපත් හඳුනාගැනීම සිදුකරයි. ෆ්‍රෑන්ක් හුගර්බීට්ස් ග්‍රහලෝක ජ්‍යාමිතික විද්‍යාවේ සහ භූ විද්‍යාවේද විශේෂඥයකු වෙයි. එනම් ඔහු භූ විද්‍යාඥයකු ලෙසද කටයුතු කරනු ලබයි. එසේම ඔහු ඉහත සංවිධානයේ ප්‍රධානියාද වෙයි. නෙදර්ලන්ත ජාතික පර්යේෂක ෆ්‍රෑන්ක් හුගර්බීට්ස් විසින් සිදුකරන ලද මෙම ආන්දෝලනාත්මක සත්‍ය අනාවැකිය ගැන දැන් ලොව විවිධ පාර්ශ්ව මත පළකරමින් සිටියි. දැනට ලොව තිබෙන ප්‍රධානතම භූවිද්‍යා පර්යේෂණ ආයතනය වශයෙන් සැලකෙන ඇමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය (United States Geological Survey) විසින්ද මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇත. එම සංවිධානයේ භූ කම්පන අනතුරු වැඩසටහනේ ප්‍රධානී සූසන් හොග් නමැති භූවිද්‍යා විශේෂඥවරිය මේ සිදුවීම ගැන මෙසේ ප්‍රකාශ කර ඇත.

‘ලෝකයේ භූකම්පන සිදුවීම් ගැන අනාවැකි කියන්නට පුළුවන් විද්‍යාත්මක තාක්ෂණයක් කොතැනකවත් නැහැ. එසේ එවැන්නක් සොයාගැනීමට හැකි නවීනතම උපකරණ ආදියත් නැහැ. එවැනි වටපිටාවක මෙම නෙදර්ලන්ත පර්යේෂකයා සිදුකර ඇති ප්‍රකාශය ඉතා පුදුමසහගතයි. අප ඔහුගෙන් මේ ගැන විමසා සිටියා. ඒත් ඔහු තවම ඒ පිළිබඳ අපට ප්‍රකාශයක් සිදුකර නැහැ. අප ඔහුගෙන් විමසා සිටියා ඔබ එවැනි අනාවැකි ප්‍රකාශ කළා නම්, 2015 මැයි 28 වැනිදා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ විශාලතම භූ කම්පනය ගැන අනාවැකියක් ප්‍රකාශ කිරීමට නොහැකි වූයේ ඇයිද කියලා. යම් රටක් තුළ භූ කම්පනයක් සිදුවුණාට පසුව එම භූ කම්පනයේ කාලය ආශ්‍රිත කරගෙන නැවත භූ කම්පනයක් සිදුවන කාලය ගැන යම් තොරතුරක් පමණක් කිව හැකියි. එසේ කළ හැක්කේ භූ කම්පනයකදී පොළොව අභ්‍යන්තරයේ ඇති භූ තැටි කිහිපයක ගැටීම් සිදුවනවා. එහිදී නැවත වරක් එම විනාශයක් සිදුවීමට එම ගැටීම සිදුවන කාල නිර්ණය කරගත හැකියි. එහෙත් මේ පර්යේෂකයා පවසා ඇත්තේ ‘ග්‍රහලෝක ජ්‍යාමිතිය’ යන ශාස්ත්‍රයක් අදාළ කරගෙනයි තමන් මෙම අනාවැකිය ප්‍රකාශ කළේ කියා. එවැන්නක් අපට පැහැදිලි නැහැ. කෙසේ හෝ ඔහුගේ අනාවැකිය අද සත්‍යයක් වෙලා තිබෙනවා…’ යැයි ඇය පැවැසුවාය.

මෙම කතාන්දරයේ අනෙක් හැරවුම් ලක්ෂ්‍යය සිදුවන්නේ මෙතැනදීය. එනම් එම විස්මිත අනාවැකිය සත්‍ය අයුරින් ප්‍රකාශ කළ ෆ්‍රෑන්ක් හුගර්බීට්ස් විසින් තුර්කියේ අනාවැකියට පසුව පසුගියදා තවත් තිගැස්සෙන අනාවැකියක් සිදුකර ඇත. එනම් එම ආන්දෝලනාත්මක වගතුග බොහෝ විට ශ්‍රී ලංකාවටද ඉතා අදාළ එකක් විය හැකිය. මෙහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉතා නුදුරු දිනෙකදී ඉන්දියාවට ඉතා විශාල භූ කම්පනයක් සිදුවන බවය. ඔහු එම ත්‍රාසජනක වගතුග මෙසේ කියයි.

‘ඉතා විශාල ආකාරයේ භූ කම්පනයක් ඇෆ්ගනිස්තානය ආශ්‍රිතව නිර්මාණය වන ආකාරයක් පැහැදිලිවම පෙනී යනවා. ඇෆ්ගනිස්තානය තුළ සිදුවන එම භූ කම්පනය පාකිස්තානයටත් ඉන් පසුව ඉන්දියාවටත් බලපානු ලබනවා. ඒත් සමගම එම ප්‍රබල බලපෑම ඉන්දියානු සාගරයටද බලපානු ලබනවා….’ යැයි ඔහු පසුගියදා වීඩියෝ ප්‍රකාශයක් සිදුකරමින් පවසා සිටියේය. මෙවැනි තත්ත්වයක් යටතේ ලෝකයේ රටවල් ගණනාවක මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක්ද උද්ගතව ඇත. ෆ්‍රෑන්ක් හුගර්බීට්ස් විසින් නායකත්වය දරනු ලබන නෙදර්ලන්තයේ සෞරග්‍රහ මණ්ඩල ජ්‍යාමිතික සමීක්ෂණයේ වීඩියෝ ප්‍රකාශයක් මගින් ඔහු මෙම අනාවැකිය හෙළිකරන අයුරු දක්නට හැකිය. මොහුගේ මෙම ට්විටර් පණිවුඩ සහ වීඩියෝ දර්ශනද ලොව ජනතාව මිලියන සිය ගණනක් නරඹා ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත. විශේෂයෙන්ම ට්විටර් වැනි සමාජ මාධ්‍යයක් මගින් යමෙකු ප්‍රකාශයක් සිදුකළ විට එය දින වකවානු සහිතව වාර්තාගත වෙයි. කිසිවකුට හෝ එම ප්‍රකාශ වෙනස් කිරීමට නොහැකිය. එහෙයින් එවැනි ප්‍රකාශයන් සමාජයෙහි පිළිගැනීමකට ලක්වෙයි. තුර්කියේ භූ කම්පනයද හරියටම දින 03කට පෙර ප්‍රකාශ කර තිබීම යනු එවැනි ස්ථිර ප්‍රකාශයකි. ලොව ජනතාව විසින් එවැන්නක් ස්ථිර ලෙස පිළිගන්නේ එහෙයිනි.

ලෝකයේ මෙතෙක් සිටි නම්දැරූ අනාවැකිකරුවන් (නොස්ට්‍රාඩමස් සහ බාබා වන්ගා වැනි) බොහෝ සාර්ථක අනාවැකි සියවස් ගණන්වල සිට දශක ගණන් පුරා ප්‍රකාශ කරනු ලබන්නේ තාරකා ශාස්ත්‍රය, ජ්‍යොතිෂය හෝ වෙනත් යම් මිථ්‍යා ශාස්ත්‍රයන් හරහාය. එහෙත් මෙහිදී මෙම බටහිර අනාවැකිකරුවා එම ප්‍රකාශ සිදුකරන්නේ යම් කිසි විද්‍යාවක් ආශ්‍රිත කරගනිමිනි. එම විද්‍යාවන් නම් මෙහි ඉහත ප්‍රකාශ කළ ‘ග්‍රහලෝක ජ්‍යාමිතිය’ සහ ‘භූ විද්‍යාව’ යන ක්ෂේත්‍රයන් දෙකයි. ජ්‍යාමිතිය යනු අංක ගණිත ශාස්ත්‍රයේ ඇති එක්තරා අධ්‍යයනයකි. මෙයට දින කිහිපයකට පෙරදී මෙසේ ලොව කලඹන මහා අනාවැකිය කියූ ෆ්‍රෑන්ක් හුගර්බීට්ස් පර්යේෂකයාට එරෙහිව සමහර පාර්ශ්ව දෝෂාරෝපණයන් සිදුකර තිබිණි. එනම් ඇතැමුන් ඔහුගේ ට්විටර් ගිණුම මෙන් අසත්‍ය ගිණුම් නිර්මාණය කරගෙන විවිධ මිථ්‍යා ප්‍රචාරයන් සිදුකර තිබිණි. ඔහු ඒ පිළිබඳ තමන්ගේ ගිණුම තුළ අනතුරු හැඟවීම්ද සිදුකර තිබිණි. එහෙයින්ම ඔහු තුර්කියේ භූ කම්පනයෙන් පසුව ප්‍රකාශ කළ ඉන්දියානු භූ කම්පනයේ වගතුග තමන්ගේ පර්යේෂණ ආයතනයේ නිල නාමය යටතේ ඇති වෙබ් අඩවිය හරහා ප්‍රකාශ කළේය. එහිදී ඔහු වීඩියෝ දර්ශනවලට සහභාගි වෙමින් සජීවීව එම ප්‍රකාශ ලබාදුන්නේය. අප මෙම ලිපිය ඔබට ලියා තබන්නේද එම නවතම අනාවැකිය අදාළ වෙබ් අඩවිය හරහා ප්‍රකාශ වන ආකාරය අධ්‍යයනය කිරීමෙන් අනතුරුවය. එහිදී ඔහු පැහැදිලිවම එම ඉන්දියානු සාගර අනතුර ගැන ඉංග්‍රීසි බසින් කරුණු දක්වන ආකාරය දක්නට හැකිය. අප නිරන්තරයෙන්ම ‘මව්රට’ පාඨකයන් වෙනුවෙන් ලිපි ඉදිරිපත් කරනු ලබන්නේ එම අදාළ විෂය පිළිබඳ නිසි අධ්‍යයනයකින් පසුවය.

මේ වන විට ෆ්‍රෑන්ක් හුගර්බීට්ස්ගේ ට්විටර් ගිණුම තුළ නිරන්තරයෙන් පාහේ අනුගාමිකයෝ මිලියනයක් (ලක්ෂ 10ක්) පමණ රැඳී සිටිති. එයට අමතරව එහි ඇති ප්‍රකාශයන් කියවූ පිරිස මිලියන 100ක් පමණ වෙයි. ලෝකයේ සිටින ඇතැම් විද්‍යාඥයන් සහ පර්යේෂකයන් ස්වභාවික අනතුරුවලට අදාළ නිසි පර්යේෂණයන් සිදුනොකර විවිධ අර්ථකථනයන් ඉදිරිපත් කරන බව ෆ්‍රෑන්ක් හුගර්බීට්ස් පවසයි. තමන් නිරන්තරයෙන්ම මෙම ප්‍රකාශ සිදුකරනු ලබන්නේ පර්යේෂණාත්මක අධ්‍යයනයකින් පසුව බව ඔහු දැඩි ලෙස අවධාරණය කරයි. ඔහු තුර්කියේ භූ කම්පනය සත්‍ය ලෙසම ප්‍රකාශ කළ ආකාරය 2023 පෙබරවාරි 02 සහ 03 යන දින තුළදී ඔහුගේ ට්විටර් ගිණුම තුළින් අතිශය පැහැදිලි ලෙස දැකගත හැකිය. එම ප්‍රකාශයන් අදාළ ගිණුම තුළ ඇති ආකාරය සිංහල පරිවර්තනයක් සමග ඡායාරූපමය ආකාරයෙන් මෙම ලිපිය තුළින් ඔබට ඉදිරිපත් කර ඇත. එය හොඳින් අධ්‍යයනය කරන්න. මෙවැනි වටපිටාවක් තිබුණද ඔහුට අනාවැකි ප්‍රකාශ කිරීමට නොහැකි වූ ලෝකයේ සිදුවූ දරුණු ස්වභාවික අනතුරුද බොහෝය. ඒ තත්ත්වය පිළිබඳ ඔහු කරුණු පිළිගන්නා අතර ඔහු ප්‍රකාශ කර සිටින්නේ තමන්ට එම සියලු අනතුරු ගැන වගතුග සොයාගැනීමට නොහැකි අවස්ථාද බොහෝ බවයි.

මෙම වගතුගේදී හෙළිවන අනෙක් අපූරු කරුණක් නම් ෆ්‍රෑන්ක් හුගර්බීට්ස් යනු ඉතා උසස් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා ඇති පුද්ගලයකු ලෙස ප්‍රකාශ නොවීමය. අන්තර්ජාලයේ බොහෝ විස්තරවල ඇත්තේ ඔහු පාසලේ උසස් අධ්‍යාපනය පමණක් හදාරා පසුව මෙවැනි පර්යේෂණ ආයතනවල සේවය කළ අයකු වශයෙන් පමණි. එසේ වුවද අද ඔහු ඉහත පැවසූ නෙදර්ලන්තයේ ‘සෞරග්‍රහ මණ්ඩල ජ්‍යාමිතික සමීක්ෂණ’ (Solar System Geometry Survey) ආයතනයේ ප්‍රධානියාය.



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව…

Next Post

ජේ.ආර්., විජේවීර, 13 සහ දෙබරයට ගල් ගැසීම…

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.