• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව…

February 16, 2023
in Exclusive, Heart
Reading Time: 10 mins read
A A
රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව…
Share on WhatsAppShare on Facebook

සරල කෙල්ලක විදියට ‘කොත්තු මී’ ගැන රසවත් කතා කියපු ‘ටික් ටොක්’ ස්ටයිල් එකේ තරුණ කෙල්ල යොහානි, උතුරු ඉන්දියාවේ සංගීත ලෝලීන්ගේ සිත්සතන් ඔකඳ කරමින් කළ මහා පෙරළිය ගැන කතන්දරය දැන් ටිකක් පරණ නිවුස් එකකි. ඒ පරණ නිවුස් එක අලුත් කරන තාලේ ගැම්මක් සමාජ ජාල වෙබ් අඩවිවලට ආවේ ප්‍රවීණ සංගීතවේදී චිත්‍රාල් සෝමපාලගේ අමුතු පහේ ප්‍රකාශයක් එක්කය.

චිත්‍රාල් සෝමපාල එහෙම ප්‍රකාශයක් කළේ යොහානි වැනි නවක කෙල්ලකගේ ජනප්‍රියත්වය දරාගන්න බැරි තැන යැයි ඇතැමුන් සමාජ ජාල ඔස්සේ තම තමන්ගේ අදහස් බය නැතිවම ප්‍රකාශ කොට තිබිණි. කොහොමත් මුල පටන්ම යොහානි දිලෝකා ද සිල්වාගේ ජනප්‍රියත්වය බොහෝ ජනප්‍රිය පුද්ගලයන්ට දරාගන්න බැරි සෙයියාවක් ඒ දවස්වල දකින්නට තිබිණි. ‘මැණිකේ මගේ හිතේ’ ගීතය සිංහල භාෂාවෙන් අමාරුවෙන් හෝ කියන්නට සුපිරි නළු සල්මන් ඛාන් ඉන්දියාවේදී යොහානි සින්දු කියන ස්ටේජ් එකට නගින්නට තරම් නිහතමානී වුණාට යොහානිගේ දක්ෂකම අගය කළාට ලංකාවේ සමහර ගායක ගායිකාවන්ට ඇයව එතරම් දිරෙව්වේ නැත. ‘මැණිකේ මගේ හිතේ’ ගීතය වාදනය වනවා ඇසෙන විටත් සමහරුන්ට එය අපුලක් විය. ‘කොහෙන් ආපු එකියක්ද බං මේ…?’ කියන පාට් එකට ඔවුහු යොහානිගේ හදිසි ජනප්‍රියත්වය දිහා වපර ඇහෙන් බලන්නට ගත්හ.

ඒ වාගේම ෆේස්බුක් එක මත පළවෙන වැඩකට නැති දේ ගැන පවා පම්පෝරි කමෙන්ට් දාන බුකියේ කෙල්ලන් කොල්ලන්ද යොහානිගේ ජනප්‍රියත්වය පයිසෙකටවත් ගණන් ගත්තේ නැත. කවුරුන් හෝ කෙනකු යොහානි ගැන දමා තිබෙන එකම එක පෝස්ටුවකට හෝ ලයික් එකක් දෙන්නට බුකියේ කට්ටිය තම ඇඟිලි තුඩ තැබුවේ නැත. පදික වේදිකාවක සින්දු කියමින් හිටපු ඉන්දියාවේ රානු මොන්ඩාල් සී.ඩී. තැටියකට සින්දු කියන්න යන ආරංචියට උඩ පැන පැන හාට් සලකුණු දැමූ අපේ බුකියේ පිරිස යොහානිට වාව් එකක් දුන්නේ නැති තරම්ය.
එතැන තිබුණේ කුහකකමද?

උත්තරය හරිම පහසුය. සත්තකින්ම එතැන තිබුණේ කුහකකමය. තමාගේ එකෙක්ට ලැබෙන ජනප්‍රියත්වය දරාගන්නට බැරි කුහකකමය.

කොයි තරම් ප්‍රවීණ වුවද සංගීත ලොව ජයකෙහෙළි නැංවූ ප්‍රවීණ ගායක යුවලකට දාව උපන් පුතකු වුවද චිත්‍රාල් සෝමපාල තුළ තිබුණේ ඒ කුහකකම වෙන්නට ඇතිය. යොහානි කියන්නේ චිත්‍රාල්ගේ ප්‍රවීණත්වය සහ දැනමුතුකම අනුව බලන විට ඔහුගේ දරුවකු වැනි යොවුන් කෙල්ලකි. තමාට කිසිදු අදාළත්වයක් තියෙන සිදුවීමක් හෝ හේතුවක් නැතිව ඔහු යොහානිට එහෙම දෙකේ කොළයට දැම්මේ ඇයි?

ඒ සම්මුඛ සාකච්ඡාව බලා ඉන්න කෙනකුට නැවතිල්ලේ ටිකක් සිතා බැලුවොත් පේන්නේ හිතාමතාම යොහානිට හීනියට මඩක් ගහන්නට චිත්‍රාල් සෝමපාල වැනි ප්‍රවීණයකු යම් ප්ලෑනක් ගසා තිබුණා වාගේය. කෝපි ටිකක් බොන ගමන් කරන කතාව අතර මුදිත, යොහානිව වුවමනාවෙන් එතැනට එක්කාගෙන ආවේය. කියන්නට බලාගෙන උන්න නිවට කතාවකට මඟ පෑදුණේ නිස්කාරණේ ගහන්න බලාගෙන හිටපු හීනි මඩ පාරක් එල්ල කරන්නට අවස්ථාවක් හොය හොයා හිටියා වාගේ චිත්‍රාල් ප්‍රවීණත්වය තුට්ටු දෙකට ඇද දමන කුහකකම ඔහුත් දන්නේම නැතිව එළියට පැන්නේය.

ටිකක් හිතා බලන්න, ඔහු කියපු කතා ටික කොයි තරම් පහත්ද? නින්දිතද?

ඔහු කියන විදියට ඔහුගේ අදහසට අනුව, යොහානි සින්දු කියන්න ගියේ තුට්ටු දෙකේ රටක ගීත ලෝලීන්ටය.

යොහානිට ගීත ගයන්නට ආරාධනා ලැබුණේ සංගීතය ගැන කිසිත් නොදන්නා වැදගැම්මක් නැති රටකටය. යොහානි ගිවිසුම් අස්සන් කළේ අලුක්කාලක වටිනාකමකටය. අඩුම ගානේ යොහානි වෙනුවෙන්ම ඉන්දියාවේ අගනුවර අහස උසට තැනුණු සුපිරි වේදිකා කිහිපය ගැනවත් චිත්‍රාල්ට ඒ මොහොතේ මතකයට නොඑන්නට තරම් ඔහු කුහකත්වය තුළ සිරවී සිටියා වැනිය.

‘ජාත්‍යන්තරය’ යන කීර්තිමත් නාමය ගත් විට ඉන්දියාවත් රටක්දැයි කියන බහුබූත අදහසක් හෝ මේනියාවක් ඔහුගේ මනසෙහි යොහානිට මඩ ගසන වෙලේ තැන්පත්ව තිබුණාට සැක නැත.

එහෙනම් අනේ ඉතින්, සිංහල සිනමාවේ හෙළ නිළි රැජින මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා ජාත්‍යන්තර කීර්තියට පත්වුණේ ඒ රටෙන් පිදුණු සම්මාන නිසාය.

අනෝජා වීරසිංහ රණමයුර සම්මානය ගෙන ජාත්‍යන්තර කීර්තියට පත්වුණේ ඒ රටේය.

ප්‍රවීණ නිළි නීටා ප්‍රනාන්දු වාගේ දමිතා අබේරත්නද ජාත්‍යන්තර කීර්තියට පත්වුණේ චිත්‍රාල් ඉන්දියාවත් රටක්දැයි යන නියායෙන් වහසිබස් දෙඩූ රාජ්‍යයක් පසුබිම් කරගෙනය.

අසල්වැසිකමට අපේ රටට නෑකම් කිව්වාට සිනමා කර්මාන්තය සහ සංගීත කලාව අතින් ඉන්දියාව ඉන්නේ ලංකාවට වඩා කොයි තරම් ඉදිරියෙන්ද? ඔවුන්ගේ සංගීත කලාවේ දිග පළල අපේ සංගීත කලාවේ මිනුම්වලින් මැනිය හැකිද? සංගීතය අතින් ශාස්ත්‍රීය සහ ශාස්ත්‍රීය නොවන පැතිවලින් ඔවුන් ගිහින් තිබෙන දුර කොයි තරම්ද?

‘මැණිකේ මගේ හිතේ’ සින්දුව කියූ සුකුරුත්තං කොත්තු මී කෙල්ලගේ සංගීත රටාව ‘අරේ වාග්’ කියා පිළිගත්තේ ඒ සංගීතකාරයන්ය.

‘කියන්න යොහානි ආයෙත් කියන්න’ කියා ‘මැණිකේ මගේ හිතේ’ සින්දුව ඉල්ලුවේ ඒ සංගිතකාරයන්ගේ මධුර මනෝහර සංගීතයට හුරුව සිටි ඉන්දියානු රසිකයන්ය.

සුපිරි නළු සල්මන් ඛාන්, යොහානි සින්දු කියන ස්ටයිල් එකට සින්දුවක් කියලා බලන්න. එක පද පෙළක් හෝ කියලා බලන්න ඔහුට දොළක් ඉපදුණේය. යොහානි එය උගන්වනකොට සල්මන් හින්දු හුරුවට එය කියන විට ඉන්දියානු සංගීත ලෝලීන් ප්‍රීතියෙන් කෑගහමින් දුන්න චියර් එකම යොහානි වැනි නවක පුංචි එකියකට රටක් වටින්නේය.

චිත්‍රාත් හෑල්ලු කළේ ඒ පුංචි කෙල්ලට ලැබුණු පාරට්ටු පිළිගැනීමය.

චිත්‍රාල්ට කියන්නටම ඕනෑ නම් යොහානි ගැන මොනව හරි,

‘යොහානි හොඳයි ඉන්දියාවේ සංගීත ලෝලීන් අතර හොඳ නමක් තිබ්බා. හැබැයි සංගීත ලෝකේ එයාට යන්න තව ලොකු දුරක් තියෙනවා…’

අන්න ඒ විදියේ බැලන්ස් ලෙවල් එකේ කතාවක් ඔහුට කියන්නට තිබුණේය. හැබැයි ඔහු කීවේ මොනවාද?

‘යොහානි කවුද? යොහානි කියන්නේ යූටියුබ් මාර්කට් එකේ රැල්ලක්….’

‘යොහානි කියාපු ඒ සින්දුව මොක්කද? ඒකේ කිසිම රසවින්දනයක් නැහැ. ඉන්දියාවේ කට්ටිය මොනවට ඒකට ඒ හැටි තැනක් දුන්නද කියන්න මට තේරෙන්නේ නෑ…’

‘ඉන්දියාවේ ගිහින් සින්දු කිව්වාය කියන්නෙ ජාත්‍යන්තරයට ගියා කියන එක නෙවෙයි…’

දරාගන්න බැරි මොකක්දෝ හැඟීමකට යොහානිට එහෙම සමච්චල් කරපු චිත්‍රාල්,

‘අනේ මන්දා…එක අතකට ඒ ළමයා හරි පවු…’ කියලාද කීවේය. කෙනකුට අපි සාමාන්‍යයෙන් ‘පව්’ කියා කියන්නේ යම් අසරණකමකටය. චිත්‍රාල් මෙතැනදී දුටු යොහානිගේ අසරණකම මොකක්ද?

අනෙක් කාරණය යොහානිගේ ජනප්‍රියත්වය ඒ විදියට හෙළාතළා දමා චිත්‍රාල් තමා ගැන ලොකු පම්පෝරියක් ගසා තිබිණි.

‘මම ජර්මනියේදී සිංහලෙන් සින්දු කියන කොට ඒ මිනිස්සු බලන් හිටියේ පුදුම ආසාවකින්. ඒගොල්ලෝ මගේ ළඟට ඇවිදින් මේකද ඔයාලගේ රටේ භාෂාව, ඔයා ඒ බස ගායනා කරන හැටි හරිම ලස්සනයි කියලා මගේ ළඟට ඇවිදින් කිව්වා. අන්න ඒකට තමයි ජාත්‍යන්තරය දිනනවා කියන්නේ. යොහානි කළ දේ එච්චරයි. එතැනින් එහාට එයාට යන්න බැහැ. යොහානි අන්ලිමිටඩ් නැහැ. එයා ලිමිටඩ් වෙලා ඉවරයි.

තමාට වඩා බාල කෙල්ලක තට්ට තනියම ඇවිදින් දිනාගත්ත ඒ කීර්තිය චිත්‍රාල් තුට්ටු දෙකට දමා කතා කළේ තමා පොර යැයි ප්‍රසිද්ධියේ කියාපාමින්ය. ‘යොහානි පව් ඉතින් එක අතකට’ කියා චිත්‍රාල් කිව්වාට ඇත්තටම බලනකොට ‘පව්’ කියා කියන්නට ඕනෑ චිත්‍රාල්ට නෙවෙයිද?

කොහොම වුණත් යොහානිට ඒ දවස්වල බුකියේ කමෙන්ට් හෝ ලයික් වැටුණේ නැතුවට චිත්‍රාල් යොහානි ගැන දුන්න කුහක ප්‍රතිචාරයට නම් බොහෝ දෙනකුට රිදිලා තිබුණේය.

‘යොහානිටවත් යොහානිගේ සින්දුවලටවත් මට ලොකු කැමැත්තක් නැහැ. හැබැයි චිත්‍රාල් සෝමපාල යොහානි ගැන කියපුව මම අනුමත කරන්නේ නැහැ. කොහොමත් චිත්‍රාල් අවුරුදු ගණන් ගිහින් හම්බකරපු සල්ලි යොහානි එක මාසෙන් හම්බකළා. මිනිහට රිදුණේ ඒකයි….’

ඒ, චිත්‍රාල්ගේ කුහක ප්‍රතිචාරය වෙනුවෙන් මුදාහැරුණු එක කමෙන්ටුවකි.

‘ඔව් ඉතින්, චිත්‍රාල් ජාත්‍යන්තරයට ගියේ සුද්දන්ගේ වැසිකිළි හෝදලනේ. යොහානි කොහොමත් ගියේ වෙනම ගමනක්…’

‘ලංකාවේ තමන් ඉන්නවද කියලවත් දන්නේ නැති මහලොකු එකෙක්. ලංකාවට කීර්තියක් අරන් දුන්න පොඩි කෙල්ලෙකුට බණිනවා…’

‘තමන්ගේ එකෙක් දියුණු වෙන, සිංහලයගේ හිත අස්සේ කැකෑරෙන කුහකත්වය චිත්‍රාල් නියමෙට පෙන්නුවා…’

චිත්‍රාල් සෝමපාලට දොස් පවරමින් සමාජ ජාලවල මුදාහැරුණු කමෙන්ට් බොහොමයකින් කිහිපයකි ඒ.

‘ජාත්‍යන්තරයට යනවා කියන්නේ ඉන්දියාවට යන එක නෙවෙයි. අපි ජාත්‍යන්තරයට ගියේ ඔහොම නෙවෙයි. අපි ඒක කළේ හරි තාත්විකව බොහොම හිතලා මතලා…’

චිත්‍රාල් එහෙම කතාවකුත් කියා තිබිණි.

එක අතකට ඔහු හිතන විදියට ඔහුගේ ක්‍රමය හරි වෙන්නට පුළුවන. යොහානි දිලෝකා ද සිල්වාගේ ක්‍රමය චිත්‍රාල් සෝමපාලගේ ක්‍රමයට වඩා වෙනස්ය.

බඩ ටිකක් පේන්න ෂෝට් බ්ලව්ස් එකයි පච්ච ගැහුණු ඩෙනිමයි අඳින යොහානිට ලොකු ලොකු ප්ලෑන් තිබුණේ නැත. ඇය කට්ට කෑවෙ නැත. තමාටමය කියා රසික පිරිසක් වෑයමින් හදාගත්තේ නැත. තාත්විකව යමක් කරලා පෙන්වන්නට අවුරුදු ගණනක් බලා සිටියේ නැත.

නමුත්, යොහානි දිල්ලි නුවර ටවුමේ තමා වැනි පුංචි එකියක වෙනුවෙන් අහස උසට මසුරං ස්ටේජ් දෙකක් තනන්නට තරම් උතුරු ඉන්දියානු සංගීත ලෝලීන්ව උමතු කොට තිබිණි.

ඉන්දියානු රුපියල්වලින් කෝටි ගණනක ලංසුවකට ගිවිසුම් අස්සන් කොට තිබිණි.

චිත්‍රාල් සෝමපාල වැනි ප්‍රවීණයකුට දරාගන්නට බැරි වූයේ ඒ වෙනසද?

ඉහත කමෙන්ටුවක කවුරුන් හෝ කී කතාව බොරු නොවේය.

තමන්ගේ ජාතියේ එකකුට හරියනවාට සිංහලයා කොහොමත් අකැමැතිය. චිත්‍රාල් ඒ කුහකත්වය අපූරුවට පෙන්වූයේය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සජිත් වලපනෙන් හේවාහැටට එයි! සජීවීව මෙතැනින් බලන්න! පාරවල් වැහෙන්නම සෙනග! LIVE VIDEO

Next Post

තුර්කියේ භූ කම්පනය ගැන හරියටම අනාවැකි කියූ අපූරු මිනිසා…

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.