• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

සමනල් අඩවියේ උණුසුම් රහස්

January 29, 2020
in Holiday
Reading Time: 2 mins read
A A
සමනල් අඩවියේ උණුසුම් රහස්
Share on WhatsAppShare on Facebook

ගෞතම ශ්‍රී පාදස්ථානය පිහිටා ඇති සමනොළ අඩවිය අතීතයේ සිටම විවිධ ජනප්‍රවාද කතා රාශියකටම හිමිකම් කියන ප්‍රදේශයකි. සමනොළ රක්ෂිතය තුළ පිහිටා ඇති විවිධ සුවිශේෂි ස්ථාන හා බැඳුණු ජනප්‍රවාද කතා විවිධාකාරයෙන් අපට අසන්නට ලැබෙයි. ඔබ හැටන් සිට නල්ලතන්නිය මාර්ගයේ ශ්‍රී පාදස්ථානය කරුණා කරන්නේ නම් ඔබට සුවිශේෂී දිය ඇල්ලක දර්ශනයක් දැකගත හැකිවේ. හැටන් නල්ලතන්නිය මාර්ගයේ පහළට කරුණා කරන්නේ නම් මහගිරිඳඹ ආසන්නයේදී මෙය ඔබට ඉදිරියෙන් ඈතින් දර්ශනය වන අතර පහළ කොටසේදී සාම චෛත්‍යයේ සිට ඉහළ කඳුවැටිය දෙස බැලීමේ දී මෙම ඇල්ල දැකගත හැකිවේ.

නමුත් බොහෝ වශයෙන් සිරිපා වාරයේදී මෙය සිඳී ගොස් හෝ ජලය ඉතා අඩු වශයෙන් පවතින අතර සිරිපා අවාරයේ මෙය වැඩි වශයෙන් සක්‍රීය දිය ඇල්ලක් ලෙස පවතී. “යකා ඇඬූ ඇල්ල” නමින් හඳුන්වනු ලබන මෙම දිය ඇල්ල ආශ්‍රිතව ජනප්‍රවාද කතා විවිධ ආකාරයෙන් පවතී. අතීතයේ සමනොළ අඩවිය ආශ්‍රිතව වාසය කරන ලද යක්ෂයෙක් බුදුන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනය පිහිටු වීම සඳහා සමනොළ කන්දට වැඩි අවස්ථාවේ එයට අසතුටට පත්ව හඬා වැටීමෙන් ඔහුගේ දෙනෙතින් රූරා හැලුණ කඳුළුවලින් මෙම දිය ඇල්ල සෑදී පෝෂණය වන්නේ යැයි පබැඳුණ ජන කතාවක් ද පවතී. තවද එම යක්ෂයා සමන් දෙවියන් විසින් එළවා දැමූ බවටත් ජනප්‍රවාද කතාවල සඳහන් වේ.

සිරිපා මළුවේ රත්නපුර මාර්ගය අසලට ගොස් ඈත පෙනෙන සමනොළ අඩවිය දෙස බැලුවොත් සීගිරිය, බතලේගල බඳු ඉහළ චතුරස්‍රයක හැඩයක් ගන්නා කන්දක් දැකගත හැකිවේ. එය කුණුදිය පර්වතය නමින් හඳුන්වයි. සමනොළ රක්ෂිතයේ ඇති කඳුවලින් ජනප්‍රවාද කතා රැසකට මූලික වන කන්දක් ලෙස මේ කුණුදිය පර්වතය හැඳින්විය හැක. උසින් මීටර 2,000කට ආසන්න කුණුදිය පර්වතය හා බැඳුණු ගෙතුණු ජනප්‍රවාද කතා කීපයක්ම ඇත. සමන් දෙවියන් විසින් බුදුරජාණන් වහන්සේට සිරි පතුල පිහිටුවීමට මුලින්ම ආරාධනා කර ඇත්තේ මේ කුණුදිය පර්වතයට බවත් නමුත් ඊට පෙර එහි කුණුවී ලේ ගලන ගැරඬියකුගේ මළකුණක් තිබූ නිසා එය සිරිපතුල පිහිටුවීමට නුසුදුසු ස්ථානයක් බවත් එම නිසා සමනොළ කඳු මුදුන තෝරාගත් බවත් ඒ සමඟ ඇති ප්‍රධාන ජනප්‍රවාදය වේ. තව ජනප්‍රවාද කතාවක සඳහන් වන්නේ සමනොළ අඩවියේ උසම කඳු මුදුන ලෙස කුණුදිය පර්වතය තිබූ බවත් සමන් දෙව් ආරාධනයෙන් බුදුරජාණන් වහන්සේ කුණුදිය පර්වතයේ සිරිපතුල පිහිටුවීමට නියමිතව තිබූ නමුත් බුදුරජාණන් වහන්සේ වැඩීමට පෙර සමන් දෙවියන් කුණුදිය පර්වතය පරීක්ෂා කිරීමේදී ගැරඬි මළකුණක් හමුවූ හෙයින් සමන් දෙවියන් කෝප වී කුණුදිය පර්වතයට පයින් ගැසූ නිසා පසුව සමනොළ කන්දට වඩා එය මිටි වූ බවද ජනප්‍රවාද කතාවල සඳහන් වේ. කෙසේ නමුත් මේ කතා සියල්ල අතීතයේ සිට ජනවහරේ පැවතගෙන එන ජනප්‍රවාද කතා පමණක් බවත් එහි ඇත්ත නැත්ත තීරණය හරියාකාරව තීරණය කිරීමට හෝ මේ කතා පිළිබඳව නිසි නිගමනයකට එළඹීමකට හෝ නොහැකිය.
ශශින් විජේතුංග

SendShareShare
Previous Post

සුනාමියේ කල්‍යාණිට ජාත්‍යන්තර සම්මානයක්

Next Post

දරුවකු පතන හැමට විශේෂයි

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කර ගෙන තිබේ.Sri Lanka Latest News ඒ අනුව ඉන්දියාවේ ඖෂධ පාලක ජෙනරාල් විසින් මෙම...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.