ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස මෙරට ව්‍යාපාරික හා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රබලයකු වන රොහාන් ප්‍රනාන්දු මහතා පත් කර ඇත.
ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකු ද වන රොහාන් ප්‍රනාන්දු මහතා 2008 සහ 2009 වසරවල ජාතික අපනයන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා රුවල් ඔරු සංගමයේ සභාපතිවරයාද වන රොහාන් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ද සාමාජිකයෙකි.
දෙරණ මාධ්‍ය ජාලයේ සහ ‘ට්‍රයඩ්’ දැන්වීම් ආයතනයේ විධායක අධ්‍යක්ෂවරියකද වන වරුණි අමුණුගම මහත්මියගේ සැමියා වන්නේද රොහාන් ප්‍රනාන්දු මහතාය.










