• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 77 දෙනෙකුට ජනපති විශිෂ්ට සේවා විභූෂණ සම්මාන දෙයි!

February 2, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 77 දෙනෙකුට ජනපති විශිෂ්ට සේවා විභූෂණ සම්මාන දෙයි!
Share on WhatsAppShare on Facebook

යුද්ධයකදී නැතිවන ජීවිත නැවත ලබාදිය නොහැකි වුවත් ආර්ථික යුද්ධයකදී නැතිවන ආදායම නැවත ලබා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
රටක දේශපාලන හා භෞමික අඛණ්ඩතාව ස්ථාවරව පැවතීම, ආර්ථික යුද්ධය ජය ගැනීමට හොඳම සාධකය බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 77 දෙනෙකුට “විශිෂ්ට සේවා විභූෂණ” සම්මාන ප්‍රදානය වෙනුවෙන් ඊයේ (01) මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති උත්සවය අමතමිනි. 75 වන නිදහස් දින සැමරුමට සමගාමීව මෙම සම්මාන ප්‍රදානය සංවිධානය කර තිබිණි.

විශිෂ්ට සේවා විභූෂණ පදක්කම සුවිශේෂී ප්‍රදානයක් වන අතර එය යුධ හමුදාවේ ලුතිනන් කර්නල් සහ ඊට ඉහළ නිලවල නිලධාරීන් හා නාවික, ගුවන් හමුදාවල ඒ හා සමාන නිල දරන අවම වශයෙන් වසර 25ක අඛණ්ඩ සේවා කාලයක් හා යහපත් සේවා ඉතිහාසයක් හිමි නිලධාරීන් වෙත පමණක් ප්‍රදානය කෙරේ.

2019, 2020, 2021 වර්ෂවලට අදාළව යුධ හමුදා නිලධාරීන් 53 දෙනෙක්, නාවික හමුදා නිලධාරීන් 17 දෙනෙක් හා ගුවන් හමුදා නිලධාරීන් 7 දෙනෙක් වෙනුවෙන් මෙහිදි පදක්කම් ප්‍රදානය සිදු කෙරිණි.

ත්‍රිවිධ හමුදා නිලධාරීන් 20 දෙනෙකු සඳහා “75 වන නිදහස් සංවත්සර අනුස්මරණ” පදක්කම් පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.
විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ලබා දිය යුතු අයට අපි අද එය ලබා දුන්නා. ඒ වගේම 75 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් මෙම සේවා සම්මාන ලබා දෙනු ලැබුවා. අද එම පදක්කම් ලැබූ සියලු දෙනාට මම සුබපතනවා. ඒ වගේම ඔබ කළ සේවය අපි අගය කරනවා.
මෙම උත්සවය තමයි ශ්‍රී ලංකාව නිදහස ලබා 75 වසරක් සපිරීම වෙනුවෙන් පවත්වනු ලබන පළමු උත්සවය. ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් මේ උත්සවය පැවැත්වීමට හේතුවක් තිබෙනවා.
අපේ රටට නිදහස ලබාදුන්නේ මහාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා ප්‍රමුඛ ඒ ජාතික නායකයන්. අද ඇතැමුන් කියනවා රටට නිකන් නිදහස ලැබුණා කියලා. නිදහස නිකන් ලැබුණේ නැහැ.
දෙවන ලෝක යුද්ධයේදී ආසියාවේ මිත්‍ර රටවලට සහයෝගය ලබා දුන් රටවල් 2ක් තිබුණා. ඉන් එකක් චීනය. අනෙක ශ්‍රී ලංකාව. එයින් සර්ව ජන ඡන්දයෙන් තේරුණු ව්‍යවස්ථාදායක් පැවතියේ ලංකාවට පමණයි.
යුද්ධය ඇති වූ අවස්ථාවේ මන්ත්‍රණ සභාවේ සභානායක ලෙස හිටපු ඩී.බී. ජයතිලික මහතාටත්, ඉන් පසුව මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාටත් දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් ලබාදුන් සහාය අගය කරලා බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් (Winston Churchill) මැතිතුමා පැවසුවා එක කොන්දේසියක් මත යුද්ධයෙන් පසුව ලංකාවට නිදහස ලබා දෙනවා කියලා. ඒ තමයි පළමුව ඉන්දියාවට නිදහස ලබා දීම. ඒඅනුව තමයි අපට මේ නිදහස ලැබුණේ.
දෙවන ලෝක යුද්ධයේ දී මිත්‍ර රටවලට සහාය ලබාදුන් ඒ තීරණය ගත්තේ රාජ්‍ය මන්ත්‍රණ සභාව. ඒ වගේම ශ්‍රී ලංකාවේ නිලධාරීන් ස්වේච්ඡාවෙන් දෙවන ලෝක යුද්ධයට සහයෝගය දැක්වූවා.
අපි නිදහස් ලැබුවයින් පසු ඩී.එස්. සේනානායක මැතිතුමා මෙය අගය කර ඒ සේනාවන්ගෙන් අපේ ත්‍රිවිධ හමුදාව ආරම්භ කළා. අපි දෙවන ලෝක යුද්ධයට සහාය ලබා දී නිදහස ලබාගත්තා නම් එය සමරන අවස්ථාවේ අපේ ත්‍රිවිධ හමුදාවන් කළ සේවයත් අගය කළයුතුයි.
අපගේ ආරක්ෂාක හමුදාව රටේ ආරක්ෂාව සඳහා දිවි හිමියෙන් සටන්කළා. අප හමුදාව ආරම්භ කළේ ලෝක යුද්ධයකින්. එය ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා. දෙවැනි යුද්ධය තිබුණේ මේ රටේ ඒකීයභාවයත් භෞමික අඛණ්ඩතාවයත් ආරක්ෂා කර ගැනීමට. ඒ සඳහා අපේ ත්‍රිවිධ හමුදාව දිවි හිමියෙන් කැප වුණා.
ජනරජයක් ලෙස රටේ නිදහස සමරන අවස්ථාවේ දී අපේ ආරක්ෂක හමුදාව ඉටු කළ මෙම උදාර සේවය සිහිපත් කළ යුතුයි. ඒ නිසා මම තීරණය කළා 75 වන නිදහස් සැමරුමේ පළමු උත්සවය ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් පැවැත්වීමට.
අපගේ ත්‍රිවිධ හමුදාව දැන් ලංකාවේ පමණක් නොවෙයි. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව ලෙසත් කටයුතු කරනවා. මේ සාම සාධක හමුදාවට බඳවා ගන්නා පිරිස අනාගතය දී වැඩි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
අප පනස් වන නිදහස සැමරුවේ රටේ යුද්ධයක් තිබිය දී. දැන් තවත් යුද්ධයක් තියන අවස්ථාවක තමයි අපි 75 වන නිදහස් උත්සවය සමරන්නේ. ඒ අපි තුවක්කු අරගෙන, එකිනෙකා සමග ගැටුම් ඇතිකරගෙන කරන යුද්ධයක් නෙවෙයි. විශාල ආර්ථික යුද්ධයකට අද අපි මුහුණ දී තිබෙනවා.
අද සම්පුර්ණයෙන්ම රටේ ආර්ථිකය කඩා වැටී තිබෙනවා.අප ඒ ආර්ථිකය යළි ගොඩනගන්නේ නැත්නම්, අපි මේ ණය උගුලෙන් නිදහස් වෙන්නේ නැත්නම් අපේ රටේ ආර්ථික නිදහස නැති වෙනවා. රටේ ආර්ථික නිදහස නැති වුණොත් දේශපාලන නිදහසින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. අද ලෝකයේ සිටින ආර්ථික බලවතුන්ට අපට යටත්වෙන්න බැහැ. එසේ නම් අපේ පළමු කටයුත්ත විය යුත්තේ මේ ආර්ථිකය ගොඩනඟා ජනතාව ජීවත් කරවීමයි. ඒ වගේම ඔවුන්ගේ අහිමිවූ ආදායම් මාර්ග නැවත උදා කර දිය යුතුයි.

අද බොහෝ දෙනෙක් දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා. ඒ පිළිබඳ අවබෝධයක් මට තිබෙනවා. ඇතැම් රාජ්‍ය සේවකයන්ට ණයත් ලබාගෙන, බදුත් ගෙවීමට සිදු වීම නිසා ආදායමක් නැති තත්ත්වයකට මුහුණ දී සිටිනවා. අපි සියලුදෙනා මේ පීඩනය දරා ගන්නවා. අපට මේ පීඩනය නැති කරගන්න පුළුවන්.
ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය අද මාව මුණගැසුණා. අපි ගෙන යන මෙම ආර්ථික වැඩපිළිවෙළට ඇමරිකා රජයේ පුර්ණ සහය ලබාදෙන බවට වූ ඇමරිකා ජනාධිපතිවරයාගේ පණිවිඩය එතුමිය මා සමඟ ප්‍රකාශ කළා. මේ විදියට රටවල් ගණනාවක සහාය අපට හිමි වී තිබෙනවා.
මම විශ්වාස කරනවා එළැඹෙන මාස දෙක, තුන තුළ මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම ඉන්දියාව සහ චීනය සමග පැවැත්වෙන සාච්ඡා අවසන් අදියරේ පවතිනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ එකඟත්වය අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබීමත් සමග එය ලෝකය පිළිගන්නවා.
මේ වසර අවසන් වන විට අපට මෙයට වඩා හොඳ ආර්ථික තත්ත්වයක් ලැබෙයි කියා මම විශ්වාස කරනවා. ඒ සමගම රාජ්‍ය සේවකයින් සියලුදෙනාට යම් සහනයක් ලබාදීමට අපිට අවස්ථාව ලැබෙනවා. අපි මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි. එයින් ඉවත්වීමට අපට හැකියාවක් නැහැ. අපි නිවැරදි මාවතක ගමන් කරනවා නම් උපක්‍රමශීලිව කටයුතු කළයුතුයි. ජයග්‍රහණය උදාකරගත හැකිවන්නේ එවිටයි.
ත්‍රස්තවාදී යුද්ධය සහ ආර්ථික යුද්ධය අතර ඇත්තේ එක් වෙනසක් පමණයි. එදා ජීවිත නැති වුණා. අද ආදායම් නැතිවෙලා. ඒ වෙනස පමණයි තිබෙන්නේ. නැති වූ ජීවිත අපට නැවත ගෙන දිය නොහැකියි. නමුත් අඩු වූ අදායම නැවත ලබාගත හැකියි. ආණ්ඩුවක් ලෙස අපි සියුලදෙනා කැප වී සිටින්නේ ඒ වැඩපිළිවෙළ සඳහායි.
අප එදා දිනාගත් දේශපාලන නිදහස සහ එදා ආරක්ෂා කළ භෞමික අඛණ්ඩතාව සමග ආර්ථික නිදහසත් උදා කර ගනිමින් අපට ඉදිරියට යා හැකි බව මම විශ්වාස කරනවා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති වයිස් එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ , නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරු ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

එකපාරක් ගෝඨාට කඩේ ගිහින් රෙද්දත් නැති කරගත්තා! මේ පාර ඡන්දෙට එන කලාකරුවන්ට විවෘත ලිපියක්…!

Next Post

ටැන්සානියාවේ ඉන්නෙ අනුප්‍රාප්තික ජනාධිපතිවරියක්! ලංකාවෙත් එහෙමයි! ටැන්සානියාවත් ආර්ථික අර්බූදයක! ලංකාවත් එහෙමයි! ටැන්සානියාවේ නිදහස් උළෙලේ වියදම කෝටි 17යි! ලංකාවේ කෝටි 36යි! එහේ උත්සව නවත්වලා දරුවන්ගේ අධ්‍යාපනයට ‌සල්ලි යෙදෙව්වා! ලංකාවේ…? ඩලස් අපූරු සන්සන්දනයක! VIDEO

MORE NEWS

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

Load More
රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට පෙර පොරොන්දු වී තිබුණ ද, එම පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම...

Read more
ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.