රක්ෂිත බන්ධනාගාරගතව සිට පාර්ලිමේන්තුවට පැමිණිමන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (21) දින හඩපට සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කළේය.
එහිදී තමන් හා කතා කළ සියලු දෙනාගේම හඩ පට තමන් සතුව පවතින බව කී මන්ත්‍රීවරයා තමන් ඒ සෑම දෙයක්ම කළේ හොරු ඇල්ලීමට බවද සදහන් කළේය.
එමෙන්ම තමා සතුව හිටපු ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, කැබිනට් ඇමැතිවරුන්, ඇමැතිවරුන්ගේ බිරින්දෑවරුන්, පොලිස් නිලධාරීන් සමග කතා කළ හඩපට පවා තිබෙන බවත්, ඒවා මහත් ආන්දෝලනාත්මක ඒවා බවත් අවධාරණය කර සිටියේය.
තමන් එම හඩ පට මුලු රටටම දැනගත හැකි වන පරිදි සභාගත කරන බවද කී මන්ත්‍රීවරයා ඒ හරහා මෙම පුද්ගලයන්ගේ තරම රටටම දැකගත හැකි වනු ඇති බවද කියා සිටියේය.
ඊට අමතරව මේ සම්බන්ධයෙන් සොයා බැලීමට මහින්ද රාජපක්ෂ මහතා කී පරිදිම ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස කී රාමනායක මහතා තමන් ඊට ෆයිල් පිටින් තොරතුරු රැගෙන එන බවද කීය.
එමෙන්ම මෙම හඩපට තමන් මාධ්‍යයට නිකුත් නොකළ බව කී මන්ත්‍රීවරයා පොලිසිය මෙම හඩපට නිකුත් කර ඇති බවත්, එක්තරා මාධ්‍ය ආයතනයක් මේවා ප්‍රචාරය කරමින් සිටින බවත් කියා සිටියේය.
කෙසේවෙතත් දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ රන්ජන් කී පරිදි මෙම සගවා ඇති හඩපට එළියට පැමිණියහොත් එහි අවසානය පිළිබද සිතාගැනීමටවත් නොහැකි වනු ඇතැයි කියාය.










