තමන්ගේ පක්ෂය ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානමින් පසුවන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා.
“අපි ඔක්කෝම සූදානම් නේ. අපි මොකටද ඡන්දය කල්දාන්නේ. සමහරු කියනවා ඉතින් අනෙක් අය ශක්තිමත් කියලා. ඒ කියන්නේ සමහරුනේ. රටේ වැඩිදෙනා කියන්නේ අපි ශක්තිමත් කියලා. ඡන්දයක් තියේවී නේ. තිබුණොත් අපි ලෑස්තියි. ඕනෑම මැතිවරණයකට අපි ලෑස්තියි” යනුවෙන් ඔහු පවසනවා.