අපොස උසස් පෙළ විභාගයේ ආරම්භ දිනය වන අද (23) පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් කරන බව විදුලිබල මණ්ඩලය, විදුලිබල අමාතයංශය සහ මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කළේය.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් එම ආයතන තුනම සදඟන් කරයි.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළදී විදුලි කප්පාදු නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළ අතර එම කාලය තුළ විදුලිය නොකපන ලෙස විභාග දෙපාර්තමේන්තුව ද ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
මේ අතර උසස් පෙළ විභාගය ආරම්භ වන හෙට (23) දිනයේ විදුලි කප්පාදු කර දරුවන්ගේ ජීවිත සමඟ සෙල්ලම් නොකරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් විභාගය පැවැත්වෙන කාලයේ විදුලිය කප්පාදු නොකරන ලෙස විදුලිබල මණ්ඩලයට ලිපියක් යොමු කළ බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
දරුවන් සමඟ හෝ ආර්ථික සමඟ සෙල්ලම් කිරීමට මෙය සුදුසු කාලයක් නොවන බව කී රත්නායක මහතා විදුලි ඉල්ලුම අඩුවී තිබෙන බැවින් ජල විදුලිය, ගල්අඟුරු සහ පුනර්ජනනීය යන ක්‍රමවේදවලින් අවශ්‍ය විදුලි ධාරිතාවෙන් සියයට 95 ක් සපයාගත හැකි බව ද සදඟන් කළේය.
විභාගය පැවැත්වෙන කාලයේ විදුලිය සැපයීමට ඉන්ධන මිලදීගැනීම සඳහා රුපියල් කෝටි 500 ක් වැයවන්නේ යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා කරන ප්‍රකාශ සාවද්‍ය බව කී රත්නායක මහතා පැවසුවේ විදුලිබල ක්ෂේත්‍රය පිළිබඳව දැනුම නැති අමාත්‍යවරයා ඉවත් කර දැනුම ඇති අමාත්‍යවරයෙක් පත්කර අදාල ආයතන අතර සාකච්ඡාවක් කර ප්‍රශ්න විසඳාගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත්ය.
උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන පෙබරවාරි මස 17 වැනිදා දක්වා කාලයේදී රටේ සියලුම ජනතාව විදුලි පරිභෝජනය යම්තාක් දුරටත් අඩු කර රජය, විදුලිබල මණ්ඩලය සහ මහා භාණ්ඩාගාර අනිවාර්යෙන්ම සහයෝග දී අනාගත පරම්පරාවට මේ අවස්ථාවේදී සහයෝගය දියයුතු බවත් විභාගය කාලයේදී පස්වරු 3.00 සිට රාත්‍රී 7.00 දක්වා කාලයේදී පමණක් විදුලිය කැපීම මගින් ද විදුලිබල මණ්ඩලයට සහයෝගය දැක්විය හැකි බවත් ඒ මහතා කීය.










