• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්-බැසිල් හමුවේදී ඇමැතිකම් බෙදාගනී! පොහොට්ටුවේ 7යි ජනාධිපතිගේ 5යි! ජොනීට ‌මහින්දානන්දට රෝහිතට එස්.එම්.ට ඇමැතිකම්! එකපාර දුන්නොත් මිනිස්සු ඇවිස්සෙන නිසා කඩින්කඩ දෙන්න තීන්දුයි!

January 21, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
පොහොට්ටුව නාය යන එක නවත්වගන්න ඕන! රාජපක්ෂවරු ගණන් ගන්නෙ නැති එක නවත්වගන්න ඕන! ඡන්දයක් තියෙන එක නවත්වගන්න ඕන! අලුත් මන්ත්‍රීවරු රනිල් ගාවට යන එක නවත්වගන්න ඕන! ‌බැසිල් පොහොට්ටුව අලියගෙ පස්ස පැත්තෙ ගහන්නෙ ඇයි? අරගලයේ නීතීඥයෝ හේතු කියති! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තුව ඇතුළේ මැතිවරණ පනත හදිසියේ සම්මත කරගැනීමට ආණ්ඩුව සියලු උත්සාහයන් දරන අතරවාරයේ ජනාධිපතිවරයා මෙම පනතට පොහොට්ටුවේ සම්පූර්ණ සහාය ලබාගැනීමටද විශේෂ වැඩපිළිවෙළක් දියත් කොට තිබිණි. ඒ, පොහොට්ටුවේ ප්‍රධානියා වූ බැසිල් රාජපක්ෂ මහතා සමග අතිශය රහසිගත සාකච්ඡා වටයක් පැවැත්වීම හරහාය. මෙම රහස් සාකච්ඡාවට ජනාධිපතිවරයාගේ පාර්ශ්වය නියෝජනය කරමින් සාගල රත්නයක සහ වජිර අබේවර්ධන සහභාගි වී සිටි අතර බැසිල් පිල නියෝජනය කරමින් සාගර කාරියවසම් සාකච්ඡාවට එක්ව සිටියේය. මෙහිදී සාකච්ඡාව ආරම්භයේ සිටම බැසිල් දැඩි ස්ථාවරයක සිටිමින් අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය. ජනාධිපතිවරයා තනතුරට පත්කරගැනීමෙන් පසු ආණ්ඩුව ශක්තිමත් කිරීම සඳහා පොහොට්ටුව පැත්තෙන් ඉදිරිපත් කළ යෝජනා කිසිවක් ක්‍රියාත්මක නොවීමත්, අඩුම තරමේ කැබිනට් අමාත්‍යවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනා හෝ ක්‍රියාත්මක නොවීමත් බැසිල්ගේ දැඩි විවේචනයට හේතුවී තිබිණි. මෙහිදී බැසිල් කෙතරම් තදින් අදහස් දැක්වූවද කියනවා නම් ඒ අවස්ථාවේදී බැසිල්ගේ කටින් මෙවැනි ප්‍රකාශක් පිටවුණු ආකාරයක් දැකගත හැකි විය.

බැසිල්ට ඡන්ද තිබ්බත් එකයි නැතත් එකයි!

‘මට මේ ඡන්ද තිබ්බත් එකයි නැතත් එකයි. ආණ්ඩුව ඒවා දින්නත් එකයි නැතත් එකයි. හැබැයි ආණ්ඩුව ශක්තිමත් කරන්න ඕන නම් අපි ඉදිරිපත් කරලා තියෙන යෝජනා ක්‍රියාත්මක කරන්න. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට කැබිනට් ඇමැතිකම් දෙන්න…’ යනුවෙන් බැසිල් කියද්දී මතුව ඇති තත්ත්වය යටතේ ජනාධිපතිවරයාටද ඊට එකඟ නොවී සිටිය නොහැකි වාතාවරණයකට මුහුණ පා සිටි බවක් දැකගත හැකි විය.

පොහොට්ටුවෙන් 7යි ජනාධිපතිගෙන් 5යි!

ඒ අනුව බැසිල්ගේ යෝජනා ක්‍රියාත්මක කිරීමට එකඟතාව පළකළ ජනාධිපතිවරයා ඉතිරිව ඇති කැබිනට් ඇමැති ධුර 12න් පොහොට්ටුවට හතක් ලබාදීමට එකඟතාව පළ කළේය. ඉතිරි කැබිනට් ධුර 5 සඳහා ආණ්ඩුව අතුළේ සිටින තමන්ට හිතවත් මන්ත්‍රීවරුන් පත්කිරීමට ජනාධිපතිවරයා තීන්දු කොට තිබිණි. ඒ අනුව පොහොට්ටුව පැත්තෙන් මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම්. චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන ඇතුළු හත්දෙනකුටත්, ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් වජිර අබේවර්ධන, දුමින්ද දිසානායක, ජීවන් තොණ්ඩමාන් ඇතුළු පස්දෙනකුටත් කැබිනට් ඇමැති ධුර ලබාදීමට තීන්දු විය. එහිදී ජනතා විරෝධයක් මතුවීම වළක්වනු සඳහා ලබන 20 වැනි දිනට ප්‍රථමයෙන් කඩින් කඩ ඉතිරි කැබිනට් ඇමැතිවරුන් පත්කිරීමටත් මෙහිදී එකඟතාව ඇති විය.

කියපු දින පහුවෙයි! පණිවුඩ දෙපැත්තටම යයි!

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙදී 20 වැනිදා වන විට පූර්ණ කැබිනට් මණ්ඩල දිවුරුම් දීමට නියමිතව තිබුණත් ආණ්ඩුව ඇතුළේ මතුවූ විවිධ අර්බුද හේතුවෙන් එය කල් ඇදෙන ආකාරයෙන් දැකගන්නට ලැබිණි. ඒ අනුව පොහොට්ටුව පැත්තෙන් ඒ පිළිබඳ කළ සිහිකැඳවීම්වලදී ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් දැනුම් දී තිබුණේ මතුව ඇති අර්බුද හේතුවෙන් 20 වැනි දිනට ප්‍රථම එය සිදුකළ නොහැකි බවත්, 25 වැනිදා වන විට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය පත්කරනු ඇති බවත්ය. නමුත් ඉන් අනතුරුව නැවත ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් බැසිල් පිලට ලැබී තිබුණු පණිවුඩයකින් කියවී තිබුණේ 25 වැනි දිනත් කැබිනට් සංශෝධනය සිදුනොවනු ඇති බවත්, තවත් සති කිහිපයක් එය පසුපසට යනු ඇති බවත්ය.

පනත නිසා ඇමැතිකම් දෙන්න වෙයි!

ඒ අනුව නැවත වතාවක් බැසිල්ගේ පාර්ශ්වයෙන් රනිල් පිලට පණිවුඩයක් ලැබිණි. ඒ වන විටත් මැතිවරණය කල් දමා ගැනීම සඳහා ගැසූ සියලු තුරුම්පු ආපසු කැරකී ගොස් ආණ්ඩුවට ඉතිරිව තිබුණේ පාර්ලිමේන්තුවට ගෙන එන මැතිවරණ වියදම් නියාමන පනත හරහා කෙසේ හෝ මැතිවරණය කල් දමාගැනීමට මඟ පාදාගැනීම පමණි. ඒ සඳහා පොහොට්ටුවේ සහාය අත්‍යාවශ්‍යය. පොහොට්ටුවේ සහාය පනත සම්මත කරගැනීමට නම් කෙසේ හෝ පොහොට්ටුවේ ඉල්ලීම් සපුරාලිය යුතු බවද රහසක් නොවේ. ඒ අනුව අවසානයේදී නැවත වතාවක් රනිල්ගේ පාර්ශ්වයෙන් බැසිල් පිලට එවනු ලැබූ පණිවුඩයකින් කියැවුණේ පොහොට්ටුවේ ඉල්ලීම් ඉටුකිරීමට ආණ්ඩුව සූදානම් බවය. මෙම පණිවුඩය පොහොට්ටුවට ලබාදීම සඳහා අගමැතිවරයාද මැදිහත් වී තිබිණ.

එකපාර 10ම දෙන්න බෑ මිනිස්සු කලබල වෙයි! මුලින්ම 2ක් දෙයි!

ඒ අනුව ජනාධිපතිවරයාගේ පැත්තෙන් යෝජනා වී තිබුණේ එකවර පොහොට්ටුවේ මන්ත්‍රීවරු 10 දෙනෙක් කැබිනට් අමාත්‍ය ධුරවල දිවුරුම් දුනහොත් එය රට ඇතුළේ දැඩි විරෝධයක් මතුවීමට තුඩුදිය හැකි කාරණාවක් විය හැකි බැවින් කඩින් කඩ පොහොට්ටු මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් ලබාදීමට සූදානම් යැයි කියාය. ඒ අනුව සංකේතාත්මකව එම වචනය සනාථ කිරීමට පළමු අදියරේදී පොහොට්ටුව පැත්තෙන් පවිත්‍රාටත්, ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ජීවන් තොණ්ඩමාන්ටත් කැබිනට් අමාත්‍ය ධුර ලබාදීමට තීන්දු විය. ඊට පොහොට්ටුවේද අනුමැතිය හිමි විය. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී පෙරවරු 11.30ට පවිත්‍රාත්, ජීවනුත් අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්නේ එම එකඟතාවට අනුවය.

වැඩි විස්තර මෙතනින්!

ඡන්දෙ කල් දාන්න ගහපු අන්තිම කුමන්ත්‍රණයේ සුලමුල එළියට! වැඩේට බැස්සේ ‘එකයි-දෙකයි’? රාජ්‍ය රහස් EXCLUSIVE
SendShareShare
Previous Post

රදැල්ලේ භයානක රිය අනතුරෙන් ළමයි තිදෙනෙක් මියගිහින්!

Next Post

UNP…! U(උන්ගේ) N(නිව්ස්) P(ප්ලාන්ට්) පක්ෂය! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.