ඊයේ (20) නුවරඑළිය, නානුඔය – රදැල්ල ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු රිය අනතුරෙන් ළමුන් තිදෙනෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.
ඉන් තවත් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තිබුණි.
බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රිරෝද රථයක ගැටීමෙන් ඊයේ (20) පස්වරුවේ මෙම අනතුර සිදුව තිබුණි.
අනතුරට ලක්ව තිබුණේ අධ්‍යාපන චාරිකාවක් සඳහා ගොස් නුවරඑළිය දෙස සිට හැටන් දෙසට ධාවනය වූ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක් බව පොලීසිය පැවසීය.
අනතුරෙන් පසු බස් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ප්‍රපාතයකට ඇදී ගොස් ඇත.
එහිදී පාසල් සිසුන් 41 දෙනෙකු ඇතුළු 53 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබේ.
පොලිස්මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් නීතිඥ අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ අනතුර සම්බන්ධයෙන් නානුඔය පොලීසිය විමර්ශන සිදුකරන බවය.
අනතුරින් වෑන් රථයේ සිටි 06 දෙනෙකු සහ ත්‍රි රෝද රථයේ රියදුරු මියගොස් තිබේ.
මියගිය පිරිස අතර අවුරුදු 08ක් සහ 12ක් වයසැති ගැහැණු ළමුන් දෙදෙනෙක්, අවුරුදු 13ක පිරිමි දරුවෙකු සිටින බව පොලීසිය සඳහන් කළේය.
අවුරුදු 26 සහ 27 වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ 43 හැවිරිදි කාන්තාවක් ද මියගිය පිරිස අතර වූහ.
ඔවුන් හැටන්, නානුඹය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අනාවරණය වී ඇත.