• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

UNP…! U(උන්ගේ) N(නිව්ස්) P(ප්ලාන්ට්) පක්ෂය! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

January 21, 2023
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
පිටකෝට්ටේ සිරිකොතේ තොවිල් නටන්නේ කව්ද? එළවන්න හදන භූතයා කව්ද? (VIDEO)
Share on WhatsAppShare on Facebook

ප්ලාන්ට් නිවුස් කියලා වචනයක් ගූගල් එකේ ගිහින් හෙව්වත්, යාහූ ගිහින් හෙව්වත් හොයාගන්න නැත. ප්ලාන්ට් නිවුස් කියන්නේ ශ්‍රී ලංකා ස්පෙෂල්ය. ප්ලාන්ට් නිවුස් ශ්‍රී ලංකා ස්පෙෂල් වුණේ රනිල් නිසාය. රනිල් 1993 අගමැති වුණේ මහජන ඡන්දයකින් නොව ජනාධිපති ප්‍රේමදාස ඝාතනය වීම නිසාය. අගමැති වෙලා තිබ්බ පළමු මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු කීවේ තමා මාධ්‍ය පවුලකින් පැවත එන පළමු අගමැති කියාය. රනිල් නොකියා කිව්වේ තමන්ගේ පවුලට මාධ්‍ය කොම්පැනියක් තියෙනවා කියාය. ලංකාවේ මාධ්‍ය කොම්පැනියක් හිමි පවුලකින් එන පළමු අගමැතිත් ජනාධිපතිත් රනිල්ය. මේ නිසාදෝ රනිල් හිතන්නේ දේශපාලනයේ කකුල් කැඩෙනකන් මිනිස්සු පස්සේ දුවනවාට වඩා ගෙදරට හෝ ඔෆිස් එකට වෙලා මාධ්‍යයක නිවුස් එකක් ප්ලාන්ට් කළාම දේශපාලනයේ ගේම් ගහන්න පුළුවන් කියාය.

රනිල් අවුරුදු 30කට ආසන්න කාලයක් යූ.ඇන්.පී. නායකත්වය ආරක්ෂා කරගත්තේත් ඔහුගේ පවුලට අයිති පත්තර කොම්පැනියේ නිවුස් ප්ලාන්ට් කරලාය. ඔහුගේ නායකත්වයට එරෙහිව පක්ෂය ඇතුළේ කැරැල්ලක් එන විට ඔහුගේ මාධ්‍ය ඒකකය කැරැලි ගහන පක්ෂයේ නායකයන්ට එරෙහිව නිවුස් ප්ලාන්ට් කරයි. මේ නිවුස් ප්ලාන්ට් කිරීමෙන් වුණේ රනිල්ගේ නායකත්වය ආරක්ෂා වී පක්ෂය නැත්තටම නැතිවී පක්ෂයේ නායකයන් කලින් කලට පක්ෂය හැරගොස් අන්තිමේදී පක්ෂයම යූ.ඇන්.පී.ය හැරගොස් අලුත් පක්ෂයක් හදාගෙ රනිල්ට කොළඹ මන්ත්‍රීකමත් නැතිවීමය. ඉස්සර යූ.ඇන්.පී.යට කිව්වේ උන්ගේ නෑදෑයන්ගේ පක්ෂය කියාය. දැන් යූ.ඇන්.පී.ය උන්ගේ නිවුස් ප්ලාන්ට් පක්ෂය වී හමාරය.

පක්ෂ නායකයාටත් මන්ත්‍රී ධුරය අහිමි වූ පසු පක්ෂය දේශපාලනයෙන් අතුරුදන් වූ පසු රනිල්ගේ මාධ්‍ය ඒකකය යූ.ඇන්.පී. කියලා පක්ෂයක් තවම තියෙනවා කියලා පෙන්වන්න නිවුස් ප්ලාන්ට් කළේය. ඔහුගේ මාධ්‍ය ඒකකය ප්ලාන්ට් කරපු ලොකුම නිවුස් එක සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් රනිල් සමග එක්වෙන්න යනවා කියාය. ඒ වගේම සමගි ජන බලවේගයට එක්වූ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරු නැවත යූ.ඇන්.පී.යට එන බවත්, යූ.ඇන්.පී.ය සමගි ජන බලවේගයට එක්වූ පළාත් පාලන මන්ත්‍රීවරු නෙරපා අලුත් මන්ත්‍රීවරු පත්කරන බවටත්ය. මේ නිවුස් ප්ලාන්ට් කිරීමෙන් වුණේ යූ.ඇන්.පී.යට බලය හිමි පළාත් පාලන ආයතනවල බලය පොදුජන පෙරමුණ ඩැහැ ගැනීමය.

රනිල් අගමැති වී ජනාධිපති වුණේ මේ නිවුස් ප්ලාන්ට් කිරීම මැදය. ජනාධිපති වූ පසු රනිල්ගේ මාධ්‍ය ඒකකය නිවුස් ප්ලාන්ට් කිරීම ඉන්ටර්නැෂනල් කළේය. ජපානය ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සමුළුවක් කැඳවන්න කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ ජනාධිපති ලේකම් කාර්යාලය උපුටා දක්වමිනි. එහෙත් ජපානය ඒ ප්‍රවෘත්තිය බොරු යැයි නිවේදනයක් නිකුත් කළා පමණක් නොව, ජපාන මුදල් ඇමැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ ප්‍රවෘත්තිය වැරැදි යැයි කීවේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් නිවුස් ප්ලාන්ට් කිරීම අනතුරුදායක යැයි සිතා රනිල්ගේ මාධ්‍ය ඒකකය ඉන් පසු සමගි ජන බලවේගය කඩන්න නිවුස් ප්ලාන්ට් කරන්න පටන්ගත්තේය. සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරු 20ක් එනවා, 15ක් එනවා කියමින් හෙට අනිද්දා ඔවුන්ට ඇමැති ධුර දෙන අමාත්‍යාංශ සංශෝධනයක් කරන බව සඳහන් කරමින් රනිල්ගේ මාධ්‍ය ඒකකය නිවුස් ප්ලාන්ට් කරන්න පටන් ගත්තේය. ඒත් එකදු මන්ත්‍රීවරයෙක්වත් ආණ්ඩුවට එක්වූයේ නැත. ඉන් පසු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු යූ.ඇන්.පී.යට එක්වෙනවා කියමින් රනිල්ගේ මාධ්‍ය ඒකකය නිවුස් ප්ලාන්ට් කිරීම පොදුජන පෙරමුණ දෙසට හැරෙව්වේය. ප්‍රසන්න රණතුංග මත සමීක්ෂණයක් කළ බවත්, අභියෝග භාරගත් නායකයා රනිල් නිසා රනිල් එක්ක එක්වෙන බවත් ඒ නිවුස් ප්ලාන්ට්වල සඳහන් විය. මෛත්‍රීගෙන් වෙන්වූ ශ්‍රීල.නි.ප. ඇමැතිවරු රනිල්ගේ නායකත්වය යටතේ යූ.ඇන්.පී. සන්ධානයකට එක්වන බවට ප්ලාන්ට් නිවුස් පළවිය.

මැතිවරණ කොමිසම පළාත් පාලන ඡන්දය තියන්න තීරණය කළ විට ඒ නිවුස් ප්ලාන්ට් නතර වූයේ පොදුජන පෙරමුණේ හෝ ශ්‍රීල.නි.ප.යේ මෛත්‍රී විරෝධී කල්ලියේ කිසිවකු යූ.ඇන්.පී.ය සමග එක්වෙන්න සන්ධානගත වෙන්න කැමැත්ත ප්‍රකාශ නොකළ නිසාය. අන්තිමේදී ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර, බන්දුල ගුණවර්ධන පොදුජන පෙරමුණෙන් අපේක්ෂක ලැයිස්තු ඉදිරිපත් කළහ. යූ.ඇන්.පී.ය අන්ත අසරණ විය. පළාත් පාලන ඡන්දය තිබ්බොත් තමන්ට දැනට ඉන්නා පළාත් පාලන මන්ත්‍රීවරු ටිකත් නැතිවෙන බව රනිල් දැනගත්තේය. එතැන් සිට රනිල්ගේ මාධ්‍ය ඒකකයේ ප්ලාන්ට් මෙහෙයුම එල්ලවුණේ මැතිවරණ කොමිසමටය.

මේ ප්ලාන්ට්වලින් ගිය ලොකුම ප්ලාන්ට් එක මැතිවරණ කොමසාරිස්වරයා හොරෙන් සාලිය පීරිස් හමුවීමය. සාලිය පීරිස් ප්‍රකාශ කළේ තමා මැතිවරණ කොමසාරිස් හොරෙන් හමු නොවූ බවත්, මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනීසිටීම නීතිපතිවරයා ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් තුළ මැතිවරණ කොමිසම ඔහුව සිය නීතිඥයා ලෙස තෝරාගත් බවය. 2020 මහ මැතිවරණයේ ඡන්ද පෙත්සම්වලටද එවක මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය තමාව නීතිඥයා ලෙස තෝරාගත් බව ඔහු කීවේය. ඊළඟ ලොකුම ප්ලාන්ට් එක මැතිවරණ කොමිසමේ බෙදීමක් ඇති බවය. ඒ කාලයේ රනිල්ගේ යූ.ඇන්.පී. නායකත්වයට එරෙහිව කැරැලි එන විට රනිල්ගේ මාධ්‍ය ඒකකය ප්ලාන්ට් කරන්නේ කැරැලි කණ්ඩායම තුළ බෙදීමක් ඇති බවය. ඒ විදියටම මැතිවරණ කොමිසම තූළ බෙදීමක් ඇතැයි කියා පෙන්වන්න නිවුස් ප්ලාන්ට් විය. අන්තිමේදී මැතිවරණ කොමිසමම එකට වාඩිවී පුවත්පත් සාකච්ඡාවක් තියා තමන් අතර බෙදීමක් නැති බව පෙන්වූහ.

යූ.ඇන්.පී.ය පාලනය කරන්න ගහපු ප්ලාන්ට් රට පාලනය කරන්න ගැහීමෙන් දැන් රටම ව්‍යාකූල වී ඇත. රාජ්‍ය පරිපාලන ලේකම්වරයා දිසාපතිවරුන්ට නාමයෝජනා භාරගන්න එපා කියලා ගහපු ලියුම ගැන ප්ලාන්ට් එක පොලිස්පතිවරයා ඡන්දයට කලින්, කලින් ඡන්දයේ හිඟ මුදල් ඕනා කියලා මැතිවරණ කොමසාරිස්ට කිව්වා කියලා ගහපු ප්ලාන්ට් එක නිසා රාජ්‍ය පරිපාලනය සහ පොලිසිය බල්ලට ගිහින් ඇත.

‘නිවුස් ප්ලාන්ට් කරලා රටක් පාලනය කරන්න පුළුවන්ද…?’

නායකත්වයට සුවච කීකරු කෘත්‍යාධිකාරී මණ්ඩලයක් ඉන්නා පක්ෂයක් නිවුස් ප්ලාන්ට්වලින් පාලනය කළ හැකිය. හැබැයි රටක් කියන්නේ පක්ෂයක් නොවේ. නිවුස් ප්ලාන්ට් කරලා රටක් පාලනය කරන්න බැරිය. නිවුස් ප්ලාන්ට් කරලා පොලිසිය, මැතිවරණ කොමිසම පාලනය කරන්න බැරිය. නිවුස් ප්ලාන්ට් කරලා පාලනය කරන්න ගිහින් ඡන්ද ලක්ෂ 50කට වැඩිය තිබුණු පක්ෂයක් ලක්ෂ දෙකට බස්සලා බංකොලොත් විය.

‘දැනටමත් බංකොලොත් ලංකාවටත් මේ සන්තෑසියම වෙයිද…?’

පළාත් පාලන ඡන්දය ඕනෑ යැයි රටම කියන්නේ ඒ සන්තෑසිය වෙන්න කලින්ය. රටේ ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය බෙදා වෙන්කොට ඇත. ව්‍යවස්ථාදායකය සිටින්නේ විධායක ජනාධිපති කැබිනට් මණ්ඩලය තුළ ගන්නා තීරණ සම්මත කිරීමටය. ඒ වැඩේ භාරදී ඇත්තේ අගමැතිටය. අණ පනත් සම්මත කිරීම ඒවා විවාදයට ගැනීම තීරණය කරන්නේ අගමැති, සභානායක, කතානායක සහ විපක්ෂ නායක ඇතුළු පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ය. දැන් රනිල් ජනාධිපති ලෙස පාර්ලිමේන්තුවට පැමිණ අගමැතිගේ බලය පවරාගෙන අණ පනත් පාර්ලිමේන්තුවට ගේනවාද නැද්ද යන්න තීරණය කරයි. මෙය ව්‍යවස්ථාවට අනුව විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර බලය බෙදීම විකෘති කිරීමකි.

රනිල් ජනාධිපති ලෙස තේරීපත් වූ විගස පාර්ලිමේන්තුව අමතමින් මෙසේ කීවේය.

‘මම අවුරුදු 45ක් මේ පාර්ලිමේන්තුවේ ගතකරලා තියෙනවා. මගේ ජීවිතය තිබුණේ මේ පාර්ලිමේන්තුවේ. මට පාර්ලිමේන්තුවෙන් මේ ගෞරවය ලබාදීම ගැනත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා…’

පාර්ලිමේන්තුවෙන් ජනාධිපති ලෙස තේරීපත් වී මෙහෙම කිව්ව රනිල් පාර්ලිමේන්තුවේ අණ පනත් සම්මත කරගන්න පාර්ලිමේන්තුවට ඇවිත් විධායක බලය පාවිච්චි කරයි කියා කවුරුත් හිතන්නේ නැතුව ඇත.

රනිල් 1995 විපක්ෂ නායක ධුරයට පත්වූ පසු පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කරන්න පෙනීසිටි අයෙකි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා 2001 පාර්ලිමේන්තුව කල්දමා ජනමත විචාරණයක් ප්‍රකාශයට පත්කළ අවස්ථාවේත් 2001දී චන්ද්‍රිකා විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංගය වළක්වන්න ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රම අනුගමනය කළ අවස්ථාවේත් 2004 චන්ද්‍රිකා විධායක බලය පාවිච්චි කොට රනිල්ගේ ආණ්ඩුව විසුරුවා හැරිය අවස්ථාවේත් 2001 හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාට එරෙහි දෝෂාභියෝගය වළක්වන්න චන්ද්‍රිකා විධායක බලය යෙදූ අවස්ථාවේත්, 2018 ජනාධිපති මෛත්‍රිපාල ව්‍යවස්ථා විරෝධී ලෙස රනිල්ව අගමැති ධුරයෙන් ඉවත් කොට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ගිය අවස්ථාවේත් ඔහු විධායකයට ව්‍යවස්ථාදායකයට අත තියන්න බැහැ කියමින් පොදුරාජ්‍ය මණ්ඩලයීය අගයන්, වෙස්ට් මිනිස්ටර් ක්‍රමය ගැන දේශනා පැවැත්වීය.

එහෙව් රනිල්ම අද විධායක බලය යොදවා ඡන්දය කල් දමාගන්න පාර්ලිමේන්තුව පාලනය කරන්න පටන්ගෙන ඇත. ජේ.ආර්.වත්, ප්‍රේමදාසවත්, චන්ද්‍රිකාවත්, මහින්දවත්, මෛත්‍රිපාලවත් පාර්ලිමේන්තුවට පැමිණ අණ පනත් සම්මත කරගන්න විධායක බලය පාවිච්චි කළේ නැත.

මාධ්‍ය නිදහස ආරක්ෂා කරනවා කියා ප්‍රතිඥා දී ජනාධිපති වූ චන්ද්‍රිකා වැඩියෙන්ම ගැහුවේ මාධ්‍යයන්ටය.

මානව හිමිකම් වෙනුවෙන් පෙනීසිට පළමු වරට මානව හිමිකම් වෙනුවෙන් ජිනීවා ගිය මහින්ද ජනාධිපති වී වැඩියෙන්ම උල්ලංඝනය කළේ මානව හිමිකම්ය. ඔහුත් වැඩියෙන්ම ගැහුවේ මානව හිමිකම් වෙනුවෙන් ජිනීවා යන අයටය.

පාර්ලිමේන්තු ක්‍රමය වෙනුවෙන් පෙනීසිටි රනිල් අද ජනාධිපති වී වැඩියෙන්ම හෑල්ලුවට ලක්කරන්නේ පාර්ලිමේන්තුවය. යූ.ඇන්.පී.යේ පනස් වැනි සංවත්සරයේදී රනිල් අපූරු කතාවක් කීවේය.

‘1946 සැප්තැම්බර් 06 වැනිදා පාම්කෝට් මන්දිරයේ රැස්වෙලා එදා එ.ජා.ප.ය ආරම්භ කළා. ඒ අවුරුදු 50 තුළ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය හැටියට විරුද්ධ පක්ෂය හැටියට ජනතාවට නායකත්වය දෙමින් පළාත් සභා තුළින් ප්‍රාදේශීය සභා තුළින් ගම්සභා තුළින් නගර සභා තුළින් පනස් වසරක් නායකත්වය දීලා ඒ ස්ථිරසාර දේශපාලන පක්ෂයේ පනස් වසර සමරන්න අපි අද මෙතැන රැස්වෙලා ඉන්නවා. ඒ නිසා තමයි ඩී.ඇස්. සේනානායක මහතා පාම්කෝට් මන්දිරයේදී සඳහන් කළේ මේ රටේ පාර්ලිමේන්තු ක්‍රම ව්‍යවස්ථාවට පමණයි එක්සත් ජාතික පක්ෂයේ ආරම්භය දෙවැනි වන්නේ කියා. ඒ ක්‍රමය ආරක්ෂා කරන්නයි එක්සත් ජාතික පක්ෂය ඇතිකළේ…’

රනිල් වික්‍රමසිංහ
07.12.1996

එහෙව් පක්ෂය පුංචි ඡන්දයට බයේ පාර්ලිමේන්තු ක්‍රමයම කුඩුපට්ටම් කරන්න දඟලන දැඟලිල්ල දැකලා වළේ ඉන්න ඩී.ඇස්. මොනවා හිතනවාද දන්නේ නැත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රනිල්-බැසිල් හමුවේදී ඇමැතිකම් බෙදාගනී! පොහොට්ටුවේ 7යි ජනාධිපතිගේ 5යි! ජොනීට ‌මහින්දානන්දට රෝහිතට එස්.එම්.ට ඇමැතිකම්! එකපාර දුන්නොත් මිනිස්සු ඇවිස්සෙන නිසා කඩින්කඩ දෙන්න තීන්දුයි!

Next Post

මහබැංකු හොරකම ආරක්ෂා කරන්නෙත් නෑ! පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නම් ඒ අය ආරක්ෂා කරන්නෙත් නෑ! ඒ වුණාට ජනාධිපතිකමේ ඉන්න රනිල් වික්‍රමසිංහට අපි උදව් කරනවා! පොහොට්ටුව! VIDEO

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.