• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

චම්පික ලියයි…

January 19, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
චම්පික ලියයි…
Share on WhatsAppShare on Facebook

මා රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටි පසුගිය කාලයේදී තන්තිරිමලේ රජමහා විහාරයේ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සමඟ ඉසුරුමුණිය රජමහා විහාරයේ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඉකුත් දෙසැම්බර් 22 වැනි ඉරිදා, මා බැලීමට බන්ධනාගාරයට වැඩමකර තිබුණද, එදින ඉරිදා දිනයක් වූ බැවින් උන්වහන්සේලාට මා බැලීමට අවසර ලබාදී නොතිබිණි. දුරබැහැර සිට වැඩම කරන ලද රටේ ප්‍රමුඛ පෞරාණික පූජනීය ස්ථානවල ගරු කටයුතු ස්වාමින් වහන්සේලා අනතුරුව මාගේ නිවසට ගොස් නැවත සිය විහාරස්ථාන වෙත වැඩමකර තිබිණි. මෙම සිදුවීම පසුව දැනගත් මා හට බලවත් සංවේගයක් ඇතිවිය. එමනිසා, කෘතගුණ දැක්වීම අරමුණු කරගෙන පසුගිය දුරුතු පොහෝ දිනට පෙර දින තන්තිරිමලයට පැමිණ උන්වහන්සේ බැහැදැක අනුශාසනා ලබාගෙන, ඓතිහාසික තන්තිරිමලය පූජා භූමියද වැඳපුදා ගත්තෙමි. එම සංචාරය තුළ අසන්නට දකින්නට ලැබුණු දෑ මෙලෙස සිහිපත් කර සිටිමි.

තන්තිරිමලය, ගම්වැද්දන් හා ඒලියන් ද සිල්වා

ඓතිහාසික තන්තිරිමලය පිළිබඳව අපූර්ව විවරණයක් මා හට මුලින්ම කියාදෙනු ලැබුවේ කෘතහස්ත දේශප්‍රේමියකු වූ ඒලියන් ද සිල්වා මැතිතුමන් විසිනි. එතුමන් සිංහල භාෂාවට, සිංහලකමට අති විශාල මෙහෙවරක් ඉටුකළ විද්වතෙකි. විශේෂයෙන්ම ඉන්ජිනේරුමය වදන් සිංහලට පරිවර්තනය කිරීම පිළිබඳවද එතුමන්ට ඉතා පෘථුල දැනුමක් තිබිණි. එතුමන් වරක් මා සමඟ කියා සිටියේ ඔහු වරක් මෝටර් සයිකලයක් මිලදීගෙන රට පුරා සංචාරය කරන අතරේදී අනුරාධපුරයේ සිට තන්තිරිමලය දක්වා එදා තිබුණු ඉතා දුෂ්කර ගුරු පාරක් දිගේ ගමන්ගත් බවයි. තන්තිරිමලය ඇත්තේ අනුරාධපුරයත් මන්නාරමත් අතරය. එනම් මාන්තොට හා අනුරාධපුර අතරය. තන්තිරිමලය දක්වා ඔහු ගමන් ගනිද්දී ඔහුට හමුවී ඇත්තේ එම ප්‍රදේශවල ජීවත් වූ ගම් වැද්දන් ලෙසින් එකල හඳුන්වන ලද පිරිස්ය. මෙම ගම් වැද්දන් පිළිබඳ ප්‍රවෘත්තීන් රොබට් නොක්ස්ගේ කෘතිවලද දැකගන්නට ලැබේ. නොක්ස් ලංකාවෙන් පලායන අවස්ථාවේදී මල්වතු ඔය පසු කරද්දී ඔහුට මඟ පෙන්වන්නට ගම් වැද්දන් ඉදිරිපත් වූ බව දැක්වේ. ගම් වැද්දන් මෙරට සුවිශේෂී පිරිසක් වන අතර, ඔවුන් අතීත යක්ෂ වංශික පරම්පරාවෙන් පැවත එන්නන් බව බහුතරයකගේ විශ්වාසය වී තිබේ. මෙරට බහුතර ජනතාවගේ සහ වත්මන් වැදි ජනතාවත් අතර පුරුකක් ලෙස මෙම ගම් වැදි ජනතාව හඳුන්වයි. එදා, ඒලියන් ද සිල්වා මහතාට මාර්ගය පෙන්වා දී ඇත්තේද ගම්වැදි ජනතාවයි. තන්තිරිමලය පිළිබඳව ඒලියන් ද සිල්වා මහතා ගම්වැද්දන්ගෙන් විමසූ විට ඔවුන් පවසා ඇත්තේ “කදිමට තැනූ බුදුරුව ඇති තැන නොවැ..” යනුවෙනුයි. සිංහලකම රැඳුණු ඒලියන් ද සිල්වා මහතාගේ විශ්වාසය වී ඇත්තේ නියම සිංහලකම සුරැකී ඇත්තේ ගම්වැද්දන් තුළ බවයි. සිංහලයන්ට සංස්කෘත සහ වෙනත් ඉන්දියානු භාෂාවලින් බලපෑමක් එල්ල වී තිබුණු බව ඔහුගේ මතය වී තිබිණි. ඒ අනුව පැරණි හෙළකුරු හා හෙළ භාෂාව ගම්වැදි ජනතාව වෙතින් සිංහලයන් වෙත සංක්‍රමණය වුණු බවද ඔහු පවසයි. කෙසේ වෙතත් මෙයින් පෙනී ගියේ තන්තිරිමලේ ඉතිහාස කතාවේ තවත් පැතිකඩකි. එක් පැත්තකින් යාපනයේ සිට පැරණි වාණිජ මාර්ගයත්, අනෙක් පසින් මාන්තොට සිට පැමිණි වාණිජ මාර්ගයත් එකට එක්වූ ස්ථානයක් ලෙස අතීතයේ තන්තිරිමලය සුවිශේෂී තැනක් වී තිබිණි. සඟමිත් තෙරණිය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරගෙන පැමිණීමේදී මෙම ස්ථානයේද ගතකළ බවට වාර්තාවල දැක්වේ.

මාන්තොට මුතු වෙළෙඳාම හා බලගතු රැජින කුවේණියද?

තන්තිරිමලය නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සහ මා පසුව මාන්තොට විහාරයට පැමිණියෙමු. පැරණි මාන්තොට වරාය අසලම විහාරය පිහිටා තිබේ. මිහිඳු මහ රහතන් වහන්සේ එම ස්ථානයට වැඩමකළ බවත්, අනුරාධපුරයට යෑමට පෙර මෙහි ගතකළ බවත් පුරාවිද්‍යාත්මක පැතිකඩකින්ද තොරතුරු දැක්වේ. පසුකාලීනව මෙම විහාරයට නුදුරින් කතෝලික පල්ලියක් ඉදිරිකිරීමට යෑමේදී සිදුකළ කැණීම්වලදී මතුවූ පුරාවිද්‍යාත්මක සාක්ෂි තුළින් මෙය මාන්තොට පුරාණ විහාරය බවට සාධක තවත් තහවුරු වූ බව පුරාවිද්‍යා විශේෂ උපාධියක් ලැබ සිටින තන්තිරිමලේ චන්දරතන හිමියන් පවසා සිටියේය. ඉන් අනතුරුව අප ගියේ නටබුන්ව ඇති ඩොරික් බංගලාව බැලීමටය. කුසුමාසන දේවිය කලක් මෙහි රඳවාගෙන සිටි බවද අසන්නට ලැබුණි. අතීතයේ මෙම ප්‍රදේශය මුතුවලට ප්‍රසිද්ධියක් ඉසිලූ බවත් විදේශිකයන් දහස් ගණනක් මුතු වාරයේදී මන්නාරම වෙත පැමිණි බවට අතීත ඉංග්‍රීසි වාර්තාවල (ලෙනාඞ් වුල්ෆ්) දැක්වේ. අතීතයේ එක්තරා කාලයක මෙම කලාපයේ බලගතු රැජිනක් ජීවත් වූ බවත්, ඇයගේ නමින් දේවාල කිහිපයක් තිබුණු බවත්, පසුකාලීනව ඒවා කුවේණියගේ හා පත්තිනි මෑණියන්ගේ දේවාල ලෙස සැලකූ බවත් එහිදී අසන්නට ලැබුණි. විශේෂයෙන්ම කිරි අම්මාවරුන්ගේ ආශීර්වාදය මුල්කොටගෙන එම දේවාල පැවතුණු බවත් දැනගන්නට ලැබුණි. මාන්තෙයිහි තිබුණු කතෝලික දෙව් මැඳුර සංකිලි විසින් විනාශ කිරීමෙන් පසු එම ස්ථානයට මඩු මාතා වන්දනාව ඇරඹුණු බවත් මඩු දේවස්ථානයේ පූජකතුමා අප වෙත පවසා සිටියේය. තවත් මතයක් වන්නේ මඩු ප්‍රදේශයේ පැරණි පත්තිනි දේවාලයක් පැවතුණ බවත් එම දේවාලය පසුව කිතුනු පල්ලියක් බවට පරිවර්තනය වූ බවත්ය. මේවායෙහි සත්‍ය අසත්‍යය තාවය පිරික්සීම අනාගත පුරාවිද්‍යාඥයන්ට බාර කළ යුතුය. කෙසේ වෙතත් අද වනවිට මඩු දේවස්ථානය ප්‍රධාන කිතුනු දේවස්ථානයක් බවට පත්ව තිබේ.

ඉසුරුමුණිය හා රන්මසු උයනේ වාරි ඉන්ජිනේරු විස්මය

ඉසුරුමුණිය වැඳ පුදා ගැනීමට ගිය මොහොතේදී මාගේ මතකය දිවගියේ මා පරිසර අමාත්‍යවරයාව සිටි අවධියේදී රාජ්‍ය දැව සංස්ථාව හරහා ඉසුරුමුණිය අවට භූමිය සංරක්ෂණයට ගත් පියවර පිළිබඳවය. විශේෂයෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා එක්ව රන්මසු උයනේ සිදුකළ ප්‍රතිසංස්කරණවලදී දැකගත හැකිවූ සුවිශේෂී කරුණක් වූයේ රන්මසු උයනේ ජල ප්‍රවාහන පද්ධතිය වසර දහස් ගණනක් තිස්සේ පැමිණ අදත් ඉතා සක්‍රීය මට්ටමින් පවතින බවයි. අසල ඇති තිසා වැවෙන් ශෛලමය ජල නළ ඔස්සේ පැමිණෙන ජලය තවමත් රන්මසු උයනේ ජල තටාක පුරවාලීමට සමත් බවයි. විවිධ අපද්‍රව්‍ය නිසා අවහිර වී තිබුණු ජල නළ පද්ධතිය ශුද්ධ පවිත්‍ර කර සැලකිය යුතු මට්ටමකින් ප්‍රකෘති තත්වයකට ගෙන ඒමට එකල අපට හැකිවිය. වසර දහස් ගණනකට පසුව වුව එදා සිදුකළ ඒ වාරි තාක්ෂණයේ ඉන්ජිනේරුමය විස්මය අද අප සැම මවිත කිරීමට සමත් විය. ඉසුරුමුණිය විහාරය කෙමෙන් දිරාපත් වෙමින් පැවති නිසා එදා ඒ වෙනුවෙන් අප අමාත්‍යාංශය හරහා ගත් ප්‍රතිසංස්කරණ පියවර මේ වනවිට ක්‍රමයෙන් අවසන් වෙමින් පවතිනු දැකීම සිතට ඉමහත් සතුටක් දනවන්නක් විය. ඒ වෙනුවෙන් ඉසුරුමුණිය විහාරාධිපති හිමියන්ගෙන් ලැබුණේ ඉමහත් ශක්තියක් බව මෙහිදී සිහිකළ යුතුය.

අනුරපුර ශුද්ධ නගරය හා මාගේ අධිෂ්ඨානය

අනුරාධපුර ශුද්ධ නගරය විධිමත්ව සකස් කිරීම පිණිස මා, මහානගර අමාත්‍යවරයාව සිටි සමයේ ගත් උත්සාහයන් මේ වනවිට කෙමෙන් මල්ඵල ගැන්වෙමින් තිබෙනු දැකීමද සිතට ඉමහත් අස්වැසිල්ලකි. ශුද්ධ නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග හයක් වෙනුවෙන් දැවැන්ත ද්වාර හයක් ඉදිකිරීම, සිංහ කණුවේ සිට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත මාර්ගය දෙපස විධිමත් පෙත්මං ඇතිකිරීම ව්‍යාපෘතියේ අඩක් දැනට අවසන් වී තිබේ. දැනට තිබෙන රථවාහන ගාල ප්‍රතිසංස්කරණයත්, තවත් එවැනි රථගාල් අටක් ඉදිකිරීමත්, ශුද්ධ නගරයේ ජල කළමනාකරණයත්, අනුරපුර බස් නැවතුම හා දුම්රිය ස්ථානය ඒකාබද්ධ කර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීමත් ක්‍රමවත්ව සැලසුම් කර තිබෙන අතර, ඒවා ගොඩනැඟීම දැන් වත්මන් ජයට භාරවී තිබේ. අනුරාධපුරය ශුද්ධ නගරය අපගේ විශිෂ්ටතම උරුමයක් වන හෙයින් එහි ශ්‍රී විභූතිය යළි ගොඩනැංවීමෙහිලා කැපවීමට මාගේ බලවත් කැමැත්තක් වී තිබේ. අනාගතයේ යම් දිනෙක මා විශ්‍රාම දිවියක් ගෙවන මොහොතකදී පවා මෙරට පුරාවිද්‍යා ක්ෂේත්‍රය වෙනුවෙන් මා හට දිය හැකි උපරිම දායකත්වය, සහයෝගය හා කැපවීම ලබාදීමට මාගේ දැඩි අධිෂ්ඨානයක් ඇති බවද මෙහිලා සිහිපත් කරනුයේ හද පිරි භක්තියකිනි.

පාඨලී චම්පික රණවක

SendShareShare
Previous Post

සජිත් බලය අල්ලයි: රනිල් කල් ඉල්ලයි: ‌ගෝඨා රහස් හමුවක (රාජ්‍ය රහස්)

Next Post

ප්‍රභාකරන් මරා වසර 10කට පසු ‘ටැමිල් ඊළාම්’ යළි උපදී

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.