• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මව්රට’ අපි තමයි මුලින්ම කිව්වේ ඇප තැන්පත් කරන්න එපා කියලා කැබිනට් එක තීන්දුවක් අරන් නෑ කියලා! අනුර කුමාර අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි! කැබිනට් තීන්දුවක් ගත්තේ නැති බව අගමැති දිනේෂ් පිළිගනී! අනුර ලියුම් 2ම ඉදිරිපත් කරයි! විපක්ෂනායක වහාම ඇක්ෂන් ගන්න කියයි! VIDEO

January 17, 2023
in Exclusive
Reading Time: 11 mins read
A A
‘මව්රට’ අපි තමයි මුලින්ම කිව්වේ ඇප තැන්පත් කරන්න එපා කියලා කැබිනට් එක තීන්දුවක් අරන් නෑ කියලා! අනුර කුමාර අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි! කැබිනට් තීන්දුවක් ගත්තේ නැති බව අගමැති දිනේෂ් පිළිගනී! අනුර ලියුම් 2ම ඉදිරිපත් කරයි! විපක්ෂනායක වහාම ඇක්ෂන් ගන්න කියයි! VIDEO
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් තැන්පත් අත්හිටුවන ලෙස රාජ්‍ය පරිපාලන ලේකම්වරයා නිකුත් කළ නියෝගයේ සදහන් පරිදි එවැනි තීන්දුවක් කැබිනට් මණ්ඩලය විසින් ගත්තේද යන්න ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අද දිනයේදී පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.

ඊට පිළිතුරු දෙමින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කර සිටියේ එවැනි තීන්දුවක් ගෙන ‌නොමැති බවත්, එය මාධ්‍ය විසින් වාර්තා කළ අසත්‍ය පුවතක් බවත්ය.

එහිදී විපක්ෂනායකවරයාද කියා සිටියේ කැබිනට්ටුව එවැනි තීන්දුවක් ගෙන නැතිනම් එවැන්නක් ප්‍රකාශ කළ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව පියවර ගත යුතු බවකි.

කැබිනට් ලේකම් මැතිවරණ කොමිසමට යැවූ ලිපිය!

හපුහින්න යැවූ ලිපිය!

ඇප තැන්පත් බාර නොගන්න තීන්දුවක් කැබිනට් එක අරගෙන නෑ! ඒක ජනාධිපති අරන් තියෙන තීන්දුවක්! ලියුමෙ ලිව්වෙ බොරුවක්! පුලුවන්නම් ඇමැති කෙනෙක් ඇවිල්ලා ඒක නෑ කියන්න! ඡන්ද කල් දැමීමේ කැබිනට් සැලැස්ම පටන් ගත් විදිහ හෙළිවෙයි! (VIDEO)

ජී.එල්. කළ හෙළිදරව්ව!

හපුහින්නගේ ලියුමෙ හුටපටේ තවම ඉවර නෑ! කැබිනට් මණ්ඩලය ගත්තා නම් ඒ තීන්දුව නීති විරෝධීයි! හපුහින්න කළේ බරපතළ වරදක්! නිකම් සමාව ඉල්ලලා හරියන්නේ නෑ! නීතිපති අධිකරණයට යන්න ඕනේ! ගියෙ නැත්නම් අපි උසාවි යනවා! ඡන්දය කල්දාන්න නිලධාරීන් උත්සාහ කළොත් පෞද්ගලිකවම වගකියන්න වේවි! වැරදිකරු වුණොත් අවුරුදු 3ක් හිරේ! ව්‍යවස්ථා විශාරද මහාචාර්ය ජී.එල්.ඊළග අඩිය තියයි! VIDEO

කෙසේවෙතත් මෙවැනි කැබිනට් තීන්දුවක් ගත්තේද යන්න පිළිබදව අප පුවත්පතද පසුගිය සතියේදී මුල් පුවත මගින්ම ප්‍රශ්න කර සිටියේ මෙසේය.

පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන පක්ෂවලින් සිදුකරනු ලබන ඇප තැන්පත් කිරීම් අත්හිටුවන ලෙසට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට යවා තිබූ ලිපියක් හේතුවෙන් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල අර්බුදයක් මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

ඒ සඳහා හේතුවී ඇත්තේ හපුහින්න මහතා සිය ලිපිය මගින් මෙම තීන්දුව කැබිනට් මණ්ඩලය විසින් ගෙන තමන්ට දැන්වූ බවට කර ඇති ප්‍රකාශයය.

ඒ බව දැක්වෙන ලිපියක් කැබිනට් මණ්ඩල ලේකම්වරයා විසින් හපුහින්න මහතා වෙත යොමුකරනු ලැබ තිබුණද මේ වන විට දැනගන්නට ඇති නිල නොවන තොරතුරුවලින් කියැවෙන්නේ එවැනි සාකච්ඡාවක් පසුගිය සඳුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම තුළ සිදුව නොමැති බවකි.

එමෙන්ම ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් හෝ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර නැති බවක්ද විවිධ ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් කැබිනට් ඇමැතිවරුන්ගෙන් යම් යම් පාර්ශ්ව විසින් කර ඇති විමසීම්වලදී ඔවුන්ද ප්‍රකාශ කොට ඇතැයි කියැවෙන්නේ එවැනි කිසිදු කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්ව නොමැති බවකි.

මීට අමතරව ඇප මුදල් භාරගැනීම අත්හිටුවන ලෙසට වූ ව්‍යවස්ථා විරෝධී තීන්දුව කැබිනට් මණ්ඩලය විසින් ගත්තාද යන්න පිළිබඳ ප්‍රකාශයක් කළ යුතුව ඇතැයි පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී අනුර කුමාර දිසානායක මහතා ද කියා සිටියේය.

කෙසේ වෙතත් තවමත් ආණ්ඩුවේ කිසිදු අමාත්‍යවරයකු මෙවැනි යෝජනාවක් කැබිනට් මණ්ඩලයේදී සම්මත වූ බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු නොකර තිබීමද විශේෂ සිදුවීමකි.

ඒ අනුව කැබිනට් ලේකම්වරයා සහ හපුහින්න මහතා නිකුත් කර ඇති ලිපි මුල්කරගෙන මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයක් ඇතිව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

SendShareShare
Previous Post

වහාම මුදලිගේ එළියට දාන්න! ලෝකයේ ප්‍රබලම මානව හිමිකම් සංවිධාන 7 ලංකාවේ ආණ්ඩුවට දැනුම් දෙයි!

Next Post

‘රජයේ සේවක වැටුප කොටස් දෙකකට! විශ්‍රාම වැටුප් ප්‍රමාද වෙනවා..! කඩදාසි නෑ.. උප්පැන්න අයදුම්පත් වෙනුවට මරණ අයදුම්පත් භාවිතා කරන්නැයි දැනුම් දෙයි!’ ඡන්ද කල් දාන්න ගහන අලුත්ම ගේම මෙන්න! මාධ්‍ය මෙහෙයුම දැන්ම පටන් අරන්!

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.