• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘රජයේ සේවක වැටුප කොටස් දෙකකට! විශ්‍රාම වැටුප් ප්‍රමාද වෙනවා..! කඩදාසි නෑ.. උප්පැන්න අයදුම්පත් වෙනුවට මරණ අයදුම්පත් භාවිතා කරන්නැයි දැනුම් දෙයි!’ ඡන්ද කල් දාන්න ගහන අලුත්ම ගේම මෙන්න! මාධ්‍ය මෙහෙයුම දැන්ම පටන් අරන්!

January 17, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
නෑ…! නෑ…! නෑ…! ඡන්ද ගැසට් එක ගැහුවට පස්සේ එන්න යන දැවැන්ත කැම්පේන් එකක් ගැන විපක්ෂයට තොරතුරු ගලා එයි! වහාම සූම් මීටිමක් කැඳවා තීන්දු රැසක් ගනී!
Share on WhatsAppShare on Facebook

මැතිවරණ පැවැත්වීමට මුදල් නැති බවට වූ පුවත් මේ වනවිට විවිධ මාධ්‍ය ඔස්සේ බෙදාහරිමින් තිබේ.

ඒ අනුව අද දිනයේදී එක් මාධ්‍ය්‍යක් පමණක් වාර්තා කර තිබූ පුවත් මෙසේය.

රජයේ සේවක වැටුප කොටස් දෙකකට.. කැබිනට්ටුවේ තීන්දුයි.

රජයේ සේවකයන්ගේ වැටුප කොටස් දෙකක් වශයෙන් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව විධායක නොවන රාජ්‍ය සේවකයන්ගේ වැටුප නියමිත දිනට ගෙවීමටත් විධායක නිලධාරීන්ගේ මාසික වැටුප නියමිත දිනට දින කිහිපයකට පසු වීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

රටේ පවතින ආර්ථික තත්වය හේතුවෙන් මහා භාණ්ඩාගාරය විසින් සිදුකරන ලද නිර්දේශයක් මත මෙම තීරණය කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇත.

අදාල යෝජවාය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

රජයේ වියදම් උපරිම ලෙස කළමනාකරණය කිරීම සදහා ගනු ලබන පියවරයන් මත මෙම ක‍්‍රියාමාර්ගයද ගෙන ඇත.

විශ‍්‍රාම වැටුප් ප‍්‍රමාද වෙනවා.. සල්ලි හොයාගන්න බැරිවුනොත් අච්චු ගහලා හරි දෙනවා..

විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම දින කිහිපයක් ප්‍රමාද වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

එසේ ප්‍රමාද වුව ද එම ගෙවීම් සිදු කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් දුන් බවද අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා කියා සිටියේය.

‘ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම දවසක් දෙකක් පමා වුණත් නියමිත දිනට ගෙවීමට කටයුතු කරනවා එකතුවෙන මුදල් අනුව. මාණ්ඩලික නොවන රාජ්‍ය සේවකයින් ට පළමුව වැටුප් ගෙවනවා. කෙටි කාල පමාවක් සිද්ධ වෙන්න පුළුවන් මේ දුෂ්කර අවස්ථාවලදී පමණක්.

මාණ්ඩලික ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන්ට වැටුප් ගෙවීම දවස් දෙක තුනක් හෝ සතියක් හෝ එකතුවෙනකල් මේ මුදල. මුදල් එකතු වුණේ නැතත් වැටුප් ගෙවීම සඳහා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා ඒ සඳහා වෙළෙඳපොළෙන් සොයාගන්න බැරි වුණොත් අච්චු ගහලා හරි මේ ටික සකස් කර ගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට යම් කාලපරාසයක් අවශ්‍ය නිසා හරියටම රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීම සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා.

ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට තමා මෙවැනි තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ.‍ මොකද මීට ඉස්සෙලත් මේ තත්ත්වය තිබුණා. ණය ගත්තා සල්ලි අච්චු ගැහුවා ගෙව්වා. දැන් ඒ දේ කරන්න බෑ. ඒ නිසයි මේ අමිහිරි යථාර්ථයට මුහුණදෙන්න සිදුවෙලා තියෙන්නේ. කිසිවෙකුත් කිසිම සැකයක් අවිශ්වාසයක් ඇති කරගත යුතු නෑ. කෙසේ හෝ අනිවාර්යයෙන් රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, පොහොර, බෙහෙත්, සමෘද්ධි දීමනා යනාදියට මුදල් ලබාදෙනවා.

මේ අවස්ථාවේ දී ණය ලබාගන්න බැහැ. මක්නිසා ද යත් අපි විදේශ ණය ගෙවන්න නොහැකි බවත් ඒ ණය නැවත සකස් කරලා දෙන ලෙසත් ලෝකයට බොහෝම පැහැදිලිව කියලා තියෙනවා. ඒ නිසා තවදුරටත් ණය ගන්න බැහැ. සල්ලි අච්චු ගහන්න බෑ. අච්චු ගහන්න ගියොත් ඉදිරියට ණය ගන්න බැරි වෙනවා. නොකරන ගෙවීමක් සඳහා තමා දැනට මුදල් අච්චු ගැසීම රජය ප්‍රතිපත්තියක් ලෙස නවතා තිබෙනවා. එනිසා එදිනෙදා වියදම් දරාගැනීමට නොහැකිව විශාල අර්බුදයකට මුහුණදෙනවා. මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් ඉල්ලීමක් කළා දෙසැම්බර් මාසයේ කොහොමද වියදම් දැරුවේ කියලා සංඛ්‍යා දත්ත දෙන්න කියලා. ඒ අනුව ලංකාවට බදු හා බදු නොවන ආකාරවලින් භාණ්ඩාගාරයට ලැබිලා තියෙන්නේ බිලියන 141ක්. එයින් වැටුප් ගෙවන්න වියදම් කරලා තියෙනවා බිලියන 88ක්. විශ්‍රාම වැටුප් සහ සමෘද්ධිලාභින්ට ගෙවන්න බිලියන 30ක්. පොහොර ලබාගැනීමට බිලියන 6.5යි. සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය බෙහෙත් සඳහා බිලියන 8.7යි. වෙනත් එදිනෙදා ගමන් වියදම් වැනි පරිපාලන වියදම් බිලියන 154යි. ඉතින් 141කින් 154ක් දරන්නේ කෙසේ ද? විකල්ප ක්‍රමයක් සොයා ගන්න බෑ. කළමනාකරණය කිරීම කරන්න බැරි තත්ත්වයට පත්වෙලා’

කඩදාසි නෑ.. උප්පැන්න අයදුම්පත් වෙනුවට මරණ අයදුම්පත් භාවිතා කරන්නැයි දැනුම් දෙයි

උප්පැන්න සහතික අයදුම්පත අවසන් වී ඇති නිසා ඒ වෙනුවට මරණ සහතික අයදුම්පත් භාවිතා කරන ලෙස ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක් විසින් මහජනතාවට දැනුම් දී ඇත.

මරණ සහතික අයදුම්පත්වල උප්පැන්න සහතික ලෙස සඳහන් කොට අවශ්‍ය තොරතුරු පුරවන ලෙස දැනුම් දී තිබේ

රට තුළ පවතින කඩදාසි හිගය මත මෙම අයදුම්පත් අවසන් වී ඇති අතර මෙතෙක් නව තොග ලැබී නැති බවද වාර්තා වේ.

SendShareShare
Previous Post

‘මව්රට’ අපි තමයි මුලින්ම කිව්වේ ඇප තැන්පත් කරන්න එපා කියලා කැබිනට් එක තීන්දුවක් අරන් නෑ කියලා! අනුර කුමාර අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි! කැබිනට් තීන්දුවක් ගත්තේ නැති බව අගමැති දිනේෂ් පිළිගනී! අනුර ලියුම් 2ම ඉදිරිපත් කරයි! විපක්ෂනායක වහාම ඇක්ෂන් ගන්න කියයි! VIDEO

Next Post

කිසිම දේශපාලඥයෙක්ට ගුණකථන නෑ! රෙජිනෝල්ඩ් ලියලා රෙජිනෝල්ඩ්ම කියපු සිංදුවක් අහගෙනම රෙජිනෝල්ඩ් අවසන් ගමන් යයි! VIDEO

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.