• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටි 10ක් ගෙවන්න වත්කමක් මට නෑ! හැබැයි ගෙවනවා! මෙන්න මෛත්‍රී පාස්කු වන්දියේ කෝටි 10 ගෙවන හැටි හෙළිකරනවා!

January 15, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ජවිපෙට වැඩේ වැරදුණාවත්ද මන්දා! රනිල්ගේ බැඳුම්කර වංචාව අල්ලපු මෛත්‍රීවත් බැඳුම්කර ගනුදෙනුවට ගාවලා! ඔන්න නිවේදනය!
Share on WhatsAppShare on Facebook

පාස්කු සිද්ධිය සම්බන්ධයෙන්  රුපියල් කෝටි 10 ක් ගෙවන්න කිව්වට මට ඒ මුදල  ගෙවන්න වත්කමක් නෑහැ. එම තීන්දුව ට හිස නමන අතර වන්දිය ගෙවීමට මුදල් හොයන්න  පිටකොටුවෙ බෝගහ ළග ටින් එකක් හොල්ල හොල්ල ඉන්නදැයි  මිතුරන්ගෙන් විමසූ බව ද වන්දිය ගෙවන්න මුදල් නොමැති බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (15) නිට්ටඹුව මහජන ක්‍රීඩාංගණයේ පැවති ශිෂත්ව ප්‍රධානය කිරීමේ උත්සවයකදී ප්‍රධාන අමුත්තා ලෙස  සහභාගී වෙමින් පැවසීය

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය .

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නිලධාරීන් යම් වැරැද්දක් කළොත් එයට ජනාධිපතිවරයා ද වගකිව යුතුයි කියා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ලියා  තිබෙනවා. පොලිස්පති , ආරක්ෂක ලේකම් පත් කරන්නේ ජනාධිපති වරයා නිසා ඒ වගකීම ඒ අයගෙන් ඉෂ්ට නොවුන එයට  මමත්  වගකිවයුත්තෙක් කියා පාස්කු ප්‍රහාරයේ  වින්දිතයින්ට   කෝටි 10ක වන්දියක් ගෙවන්න නඩු තීන්දුවේ සඳහන් වනවා.

මෙතන මාධ්‍යවේදීන් බොහෝ පිරිසක් සිටිනව. ඔවුන් බලාපොරොත්තු වෙනවා ඇති මගේ කතාවෙ දි පසුගිය නඩු තීන්දුව සම්බන්ධව මොනවද කියන්නේ කියල. මම ඒ ගැනත් මෙතනදි වචනයක් කියනව. නැත්නම් ඒ අය මාව මෙතනින් යන්ඩ හදද්දි වටකරගන්නවා ඇති.

මම මේ රටේ හිටපු ජනාධිපතිවරයෙක් ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් සහ පුරවැසියෙක් විදිහට මම නීතියට අධිකරණයට ගරු කරන කෙනෙක්. අධිකරණ තීන්දුවට මම හිස නමනව. ඒ ගැන කිසිදු ප්‍රශ්නයක් නෑ.

ඕන කෙනෙක් දන්නව පාස්කු සිද්ධිය සිදුවන අවස්ථාවේ මම හිටියේ පිටරට. මම ලංකාවට පැමිණි දවසේ සිට පාර්ලිමේන්තුවේ සහ විවිධ ස්ථානවල දී ජනාධිපති කාලයෙත් ඊට පසුවත් මම අනන්තවත් කියා සිටිය ඒ සිද්ධිය සම්බන්ධව ආරක්ෂක අංශ නිලධාරීන්ට තොරතුරු ලැබී තිබුනට ඒ කිසිදු නිලධාරියෙක් ඒ සම්බන්ධව මා දැනුවත් කර තිබුණේ නෑ කියල.

අගවිනිසුරු තුමා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරුන් හත්දෙනා දුන්න නඩු තීන්දුවේ පිටු 85ක් ලියා තිබෙනව. මෙම පිටු 85  ඇතුලත තිබෙනව නිලධාරීන්ට තොරතුරු ලැබී තිබුනට හිටපු ජනාධිපතිවරයා ඒ සම්බන්ධව කිසිදු ආකාරයකින් දැනුවත් වෙලා නෑ කියල. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව තොරතුරු ඔත්තු සේවා වලට , ආරක්ෂක අංශයට , පොලිසියේ ප්‍රධානියා ට , ආරක්ෂක ලේකම්ට ,කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය පොලිස්පති වරුන්ට , පොලිසි වල ස්ථානාධිපතිවරුන් ට මේ සියලු දෙනා දැනුවත් වී තිබෙනව.නමුත් ඒ සම්බන්ධව මා දැනුවත් වී නොතිබුණු බව මේ පසුගිය වසර හතර පුරාවටම මම කියා තිබෙනව. උසාවියේ පිටු 85 ක නඩු තීන්දුවේ පැහැදිලිව තිබෙනව ජනාධිපතිවරයාට මේ පිළිබඳව තොරතුරු ලබාදී නොතිබුණු බව.

දැන් ඔබ සිතනවා ඇති මානව හිමිකම් කඩවීමක් සම්බන්ධව මට කොහොමද කෝටි දහයක් ගෙවන්න තීන්දු කළේ කියල.

කෝටි 10ක වන්දියක් ගෙවන්න තරම් ආර්ථිකයක් මට කොහෙත්ම නෑ. මම ඒ සම්බන්ධව කරුණු කියන්නේ නෑ. මම සහ මගේ හිතවතුන් මේ සම්බන්ධව තීරණය කර තිබෙන්නේ අපි අපට හිතවත් අයගෙන් අප සල්ලි එකතු කරමු කියල. නමුත් මම එතැනදි ඇහුව කොළඹ කොටුවේ බෝගහ යට මම ටින් එකක් හොලව හොලව ඉන්නද කියල. නමුත් මගේ හිතවත් මිත්‍රයින් රාශියක්  මට කියපු දේ තමා ඔබතුමාට කිසිදු ආදායම් මාර්ග නෑ ඒ නිසා ඔබතුමාගේ ආර්ථිකය කොහොමද කියා අප දන්නව කියල.

මගේ වත්කම් ප්‍රකාශනය මම සෑම වසරකම පාර්ලිමේන්තුවට ලබාදී තිබෙනව. බොහෝ ජනාධිපතිවරු ජනාධිපති වූ පසුව තමන්ගේ නිල කාලය තුළ වත්කම් ප්‍රකාශය ලබාදී නෑ. ඒ ඔවුන් ජනාධිපතිවරුන් නිසා. මම ජනාධිපති වෙලා සිටි වසර පහ තුළ දීත් මම සෑම වසරකම මගේ වත්කම් ප්‍රකාශය ලබා දී තිබෙනව. මගේ වත්කම් ප්‍රකාශනය ඕනෑම අයකුට බලන්න හැකියාව තිබෙනව.තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා නම් ඕන කෙනෙක් මගේ වත්කම් ප්‍රකාශනය අරගෙන බලන්න.

ඒ නිසා මගේ මිත්‍රයින් තීරණය කර තිබෙන ආකාරයට මා බලාපොරොත්තු වන්නේ මගේ හිතවතුන්ගෙන් මේ සඳහා අවශ්‍ය සහයෝගය ගන්න.

ඔබ දන්නවා අෂ්ඨ ලෝක ධර්මය.” ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රසංසා සුඛංච දුක්ඛං “කියන ගාථාව ඔබ කවුරුත් දන්නවා ඒ නිසා ඕනෑම කෙනකුට රජෙක් වන්නට පුළුවන්. ඒ වගේම යාචකයෙක් වෙන්න පුළුවන්. ඒ ඕනෑම කෙනෙකුට ලාභය අලාභය අයස යස ස ඒ වගේම නින්දාව ප්‍රසංසාව තමාගේ ජීවිත කාලය තුළ තමන්ට ලැබෙනව. ඒ අනුව අපත් මනුෂ්‍යත්වය තුළ ජීවත් වෙමින් අපේ රටේ දරුවන්ට යහපත් විනයගරුක සමාජයක් හදන්නට අපට කළ හැකි උපරිම සේවාව මා ඉෂ්ට කරන බව ප්‍රකාශ කරනව.

SendShareShare
Previous Post

මිලියන 800කට වඩා වියදම් කොට අලුත් කරපු විජේරාම ගෙදර පදිංචියට මහින්ද යළි එයි! ගෝඨා බෞද්ධාලෝක මාවතේ ගෙදර අතහැර මහින්ද හිටපු ගෙදරට යයි!

Next Post

තෛපොංගල් සමරන්න යාපනේ ගිය රනිල්ට විරෝධතා! අම්මලා තාත්තලා පාරට බසී! තත්ත්වය සන්සුන් කරන්න පොලිසියෙන් ජල ප්‍රහාර! VIDEO

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන් නමින් දැන්වීම් පළකරමින් මහාපරිමාණයෙන් නීති විරෝධීව මුදල් එකතු කර ඇති සමාගම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති...

Read more
කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.