ට්‍රැමඩෝල් සහ තයිරොක්සීන් මිලිග්‍රෑම් 50 ඖෂධ ශ්‍රී ලංකාව තුළම නිපදවීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මේ වනවිට සියලු කටයුතු සැලසුම් කර තිබේ.
ට්‍රැමඩෝල් ඖෂධය වේදනා නාශකයක් ලෙස ලබා දෙන අතර තයිරොක්සින් ඖෂධය තයිරොයිඩ් රෝගයට ලබා දෙනු ලැබේ.
මේ හරහා විශාල විදේශ විනිමයක් ඉතිරි කරගත හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙති.
වසරකට මිලියන 9ක් ට්‍රැමඩෝල් ඖෂධය අවශ්‍ය වන අතර තයිරොක්සින් මිලිග්‍රෑම් 50 ඖෂධය වසරකට මිලියන 98ක් සහ මිලිග්‍රෑම් 100 ඖෂධය වසරකට මිලියන 32ක් අවශ්‍යය.
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ මේ හරහා ගුවන්තොටුපොළ වසා දැමුවත් ඖෂධ හිගයකින් තොරව ජනතාවට ලබා දිය හැකි බවකි.










