ආණ්ඩුවට ජන්දය දුන් ජනතාවම ආණ්ඩුවේ මැතිඇමැතිවරූන්ට හූ කියන තරමට අද ආණ්ඩුව පිරිහී ඇති බවත්, කනගාටුවට කරුණ වන්නේ ආණ්ඩුව සමග රටම පිරිහීම බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙම පිරිහීමෙන් රටත්, ජනතාවත් බේරාගැනීම සදහා සියල් කැපකිරීම් සිදු කිරීමට තමන් ඇතුලු සමගි ජන බලවේගය සූදානම් බවකි.










