මහබැංකු බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් ලබා දීම සම්බන්ධයෙන් අද දිනයේ පාර්ලිමේන්තුවේදී මතභේදාත්මක තත්ත්වයක් මතු විය.
එහිදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ තමන් විවාදයක් ඉල්ලා සිටි බවත්, පක්ෂ නායක රැස්වීමේදී එම විවාදය හෙට දිනයේ ලබා දෙන බව තහවුරු කොට ඇති බවත්ය.
නමුත් දැන් ආණ්ඩුවේ වෙනත් මන්ත්‍රීවරයකුගේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව දිසානායක මහතා පෙන්වා දුන්නේය.
ඒ පිළිබද වාදයක් මතුවද්දී අනුර දිසානායක වෙනුවෙන් පෙනී සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පෙන්වා දුන්නේ දිසානායක මහතා කියන කතාව සත්‍යයක් බවත්, එම අවස්ථාවේ තමන්ද එම ස්ථානයේ සිටි බවත්ය.