මේ වනවිට වගා කරගෙන කන ආර්ථිකයක් නොව රට විකුණගෙන කන ආර්ථිකයක් අද බිහිවෙමින් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.
අද ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ඉන්දියාවටත්, විදුලි බලාගාර අමෙරිකාවටත්, බටහිර ජැටිය අදානි සමාගමටත් දී ඇති බව කී මන්ත්‍රීවරිය මව්බිමේ පංචායුධය හෝ බුදු බණට හීලෑ වුණු යක්කු අද සොයාගැනීමටවත් නොහැකි වී ඇති බව කියා සිටියාය.










