• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ඇමැති ඩී.බී. කෝටි ගාණක බඩු ගෙදරට අරගෙන’! ‘මම ගත්තෙ ලක්ෂ අටහමාරක විතරයි! ඇත්ත කියන්නේ ඇමැති ඩී.බී.ද – නාමල්ද?

October 5, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
‘ඇමැති ඩී.බී. කෝටි ගාණක බඩු ගෙදරට අරගෙන’! ‘මම ගත්තෙ ලක්ෂ අටහමාරක විතරයි! ඇත්ත කියන්නේ ඇමැති ඩී.බී.ද – නාමල්ද?
Share on WhatsAppShare on Facebook

මේ ලියන්න යන්නේ කතා දෙකක්. එකක් නාමල් කරුණාරත්නගේ කතාව. අනෙක ඩී.බී. හේරත්ගේ කතාව. නාමල් කරුණාරත්නගේ කතාවට අදාළ වෙන්නේ එක්තරා රාජ්‍ය අමාත්‍යවරයෙක් තමන්ගෙ පෞද්ගලික පරිහරණයට විශාල මුදලක් වියදම් කරලා බඩු භාණ්ඩ ටික අරගත්ත කතාව. ඩී.බී. හේරත්ගෙ කතාවට අදාළ වෙන්නේ ඒ රාජ්‍ය අමාත්‍යවරයා එහෙම ලොකු මුදලක් වියදම් කරලා බඩු භාණ්ඩ ගත්ත නැති එකේ කතාව. මේ කතා දෙකෙන් හරි කෝකද, වැරැදි කෝකද කියන එක තීරණය කිරීම ඔබ සතුයි. කතාව කියන එක තමයි මාධ්‍යවේදීන් විදියට අපේ වගකීම. ඒ නිසා අපි කතාව කයන්නම්. ඔබ මේ කතාව විශ්වාස කරන එක හෝ නොකරන එක තීරණය කරන්න. කාව විශ්වාස කරනවද, කාව අවිශ්වාස කරනවද කියන එකත් තීරණය කරන්න.

අපිට කොහොමටත් දේශපාලනයට සම්බන්ධ කවුරුත් ගැන ලොකු විශ්වාසයක් ලොකු ආදරයක් ලොකු ගෞරවයක් නෑ. කොහොමත් දේශපාලකයො බොරු කියනව කියලත් අපි දන්නවා. දේශපාලකයො අනෙක් දේශපාලකයට පහර දෙන්නට අවශ්‍ය නම් කබරගොයා තලගොයා කරගන්නවා කියලත් අපි දන්නවා. දේශපාලකයො ජනතාවගෙ මුදලින් සැප ගන්නවා කියලත් කවුරු නෑ කිව්වත්, කවුරු කොහොම කිව්වත් අපි දන්නවා. ඇත්තටම ඔය දේශපාලකයො අපේ මුදලින් සැප ගත්තා කියල අපිට ලොකු හිතේ අමාරුවකුත් නෑ. මොකද අපි දැන් හුරුවෙලා ඉවරයි.

නාමල් කරුණාරත්න මහත්තයා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු විදියට ඉන්නෙ. එතුමා පහුගිය දවසක ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එක්තරා ලියවිල්ලක් අරගෙන ඇවිල්ලා පෙන්වමින් කියනවා මේ රාජ්‍ය අමාත්‍යවරයා විසින් විශාල මුදලක් වියදම් කරලා තමන්ගෙ නිවෙසට අවශ්‍ය බඩු බාහිරාදිය අරගත්ත බව. මේ නිවෙස ඔහුගෙ පෞද්ගලික නිවෙසක් නෙවෙයි, ඔහුගෙ නිල නිවෙස බවත් ඔවුන් කියනවා. මේ නිල නිවෙස වුණත්, පෞද්ගලික නිවෙස වුණත් තමන්ගෙ රටේ ජනතාවගේ මුදල් වියදම් කරලා බඩු භාණ්ඩ මිලදී ගැනීම සම්බන්ධව ඇත්තටම මේ හැම කෙනකුටම වගකීමක් තියෙනවා. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. දැන් නාමල් කරුණාරත්න මහත්මයා කියන විදියට අදාළ ලියවිල්ල අනුව රාජ්‍ය ඇමැතිතුමා විශාල මුදලක් වියදම් කරන්නේ තමන්ගෙ සුඛ විහරණය සඳහා අවශ්‍ය බඩු බාහිරාදිය මිලදී ගන්නට. ඩී.බී. හේරත් මහත්මයාගෙ ලිපි ශීර්ෂය යටතේ පෞද්ගලික ලේකම්වරයකු විසින් මේ බඩු භාණ්ඩ 48කට ආසන්න ප්‍රමාණයක් මිලට ගැනීම සඳහා යවපු ලේඛනයක් බවට කියන එක්තරා ලියවිල්ලක් ඔහු සතුව තියෙනවා. එහි සඳහන් වෙන්නේ රුපියල් ලක්ෂ 20කට වැඩි මුදලක් වියදම් කරමින් ඇඳන් 6ක් මිලදී ගත්ත බව. ඒ වගේම නාමල් කරුණාරත්න මහත්මයා කියන විදියට රුපියල් විසි ලක්ෂ තිස්හතර දාහක් වියදම් කරලා ඇඳන් 06ක් මිලදීගෙන තියෙනවා. ඒ වගේම රුපියල් හාරලක්ෂ හැටපන් දාහක් වියදම් කරලා මෙට්ට හයකුත් මිලදීගෙන තියෙනවා. ඊට අමතරව නිවෙසට අවශ්‍ය කරන බඩු භාණ්ඩ, ඇඳ ඇතිරිලිවල ඉඳලා කොට්ට මෙට්ටවල ඉඳලා, ඇඳුම් මදින අයන් එක, හැඳි ගෑරුප්පු, ඩෙසර්ට් කප් මේ සියල්ල මිලදීගැනීම සඳහා විශාල මුදලක් මේ රාජ්‍ය ඇමැතිවරයා විසින් වියදම් කරලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය ඇමැතිවරයා මේ කොළඹ 07 තියෙන නිල නිවෙසට එන්නේම විශාල මුදලක් වියදම් කරලා, ඒ නිවෙස අලුත්වැඩියා කරලා. එතකොට මේ වියදම් කරලා තියෙන්නේ ජනතාවගෙ මුදල්. නාමල් කරුණාරත්න මහත්මයා පැහැදිලි කරන්නේ ඒ කාරණය. නාමල් කරුණාරත්න මහත්මයා කියන ඉතා වැදගත් කාරණයක් වෙන්නේ මේ කොවිඩ් වසංගත කාලෙ රටේ මිනිසුන් ඉන්නේ ඉතා දරුණු ව්‍යසනයක. මිනිසුන්ට සල්ලි නෑ ජීවත් වෙන්න. මිනිසුන් ඉන්නෙ මානසික ආතතියෙන්. එතකොට එහෙම ආතති තත්ත්වයක් යටතේත් මේ රාජ්‍ය අමාත්‍යවරයා විසින් තමන්ගෙ පවුලේ අයට සැප ගන්න විශාල වශයෙන් මුදල් වියදම් කරලා තියෙනවා කියලා නාමල් කරුණාරත්න මහත්මයා දරුණු විදියට චෝදනා කරනවා. ඒ චෝදනාවෙදි කියනවා යට ඇඳුම හැර හැම එකම මිලදීගෙන තියෙන්නේ ජනතාවගෙ සල්ලිවලින් කියලා. ඒ, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු විදියට කටයුතු කරන නාමල් කරුණාරත්න මහත්මයා විසින් කියන ලද කතාවේ සාරාංශය.

මේ කතාව මේ විදියට කරළියට එනවත් එක්කම වහාම ක්‍රියාත්මක වෙන ඩී.බී. හේරත් රාජ්‍ය අමාත්‍යවරයත් මාධ්‍යවේදීන් තමන්ගෙ නිල නිවෙසට කැඳවලා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියනවා. ඔහු ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවෙදි යම් යම් කාරණා කිහිපයක් පැහැදිලි කරනවා. ඩී.බී. හේරත් මහත්මයා මේ කාරණාව සම්බන්ධයෙන් විශේෂ පැහැදිලි කිරීමක් කරනවා. ඒ කරන්නේ තමන්ගෙ 110/6 ලිපිනයේ තියෙන නිල නිවෙසට මාධ්‍යවේදීන් කැඳවලා. එහෙම කැඳවලා මේ ගෘහ භාණ්ඩ ටිකත් පෙන්නුවාය කියලා කියනවා. සමහර නාලිකාවල මේ ගෘහ භාණ්ඩ සඳහන් වෙන වීඩියෝ පටත් විකාශය වුණා, ප්‍රවෘත්ති අතරතුර.

මේ මිල ගණන් සම්බන්ධව රාජ්‍ය ඇමැතිතුමා පැහැදිලි කරන්නේ ඔහු ඇඳකට වියදම් කරපු මුදල රුපියල් 33,000ක් කියලා. රුපිය්ල 33,000ක් වියදම් කරලා මේ ඇඳන් මිලදී ගත්තේ රාජ්‍ය දැව සංස්ථාවෙන් බවත් එතුමා කියනවා. ඒ විදියට ගත්තාම මේ සියලු ඇඳන් සඳහා වියදම් කරපු මුදල විදියට එතුමා කියන්නේ රුපියල් 2,36,520යි. ඒක අවසාන වශයෙන් මේ ඇඳන් සහ සියලු බඩු බාහිරාදියට වියදම් කරපු මුදල විදියට ඔහු දක්වන්නේ රුපියල් 8,63,526ක මුදලක්. මේ 8,63,526ක මුදලක් වියදම් කරලා ගත්ත බඩු භාණ්ඩ සම්බන්ධවත් රාජ්‍ය ඇමැතිතුමා තවත් පැහැදිලිකිරීමක් කරනවා. ඔහු කියන්නේ මේ කිසි දෙයක් මට අයිති නෑ. මේ සියල්ලම රාජ්‍ය දේපළ, මේ බඩු බාහිරාදිය සියල්ලම මම මේ ඇමැතිකමෙන් යනකොට අතහැර දාලා යනවා. ඉන්වෙන්ටි්‍රයට අනුව ඒවා භාරදිය යුතුයි කියලා.

ඒ වගේම රාජ්‍ය ඇමැතිවරයා තවත් කාරණාවක් මෙහිදී පැහැදිලි කරනවා. මේ නිල නිවෙසේ මගේ පවුලේ කිසිවෙක් මෙතෙක් පැහැදිලිව පදිංචියට අවිල්ලා නෑ කියන කියන එක. එතකොට එතුමාට අනුව ඇත්තටම මේ කියන තරම් දෙයක් සිදුවෙලත් නෑ. එහෙම නම් කවුද හරි, කවුද වැරැදි කියන එක අපි දන්නෙ නෑ.

අවසාන වශයෙන් නාමල් කරුණාරත්න මහත්මයා කියන කතාව සහ ඩී.බී. හේරත් මහත්මයා කියන කතාව අතර විශාල පරස්පරයක් තියෙනවා. මේ පරස්පරය කොච්චර විශාලද කියනවා නම් ඇඳන්වල මිල දහ ගුණයකින් වැඩි වෙලයි නාමල් කරුණාරත්න මහත්මයගෙ ලේඛනයෙ තියෙන්නේ. රාජ්‍ය ඇමැතිතුමාගේ පැහැදිලි කිරීමේ තියෙන්නේ දහගුණයකින් අඩු වෙලා. දහයට එකක අනුපාතයක් තමයි මේ දෙක අතර තියෙන පරතරය. පරතරය එහෙට මෙහෙට කරන එක සම්බන්ධව ඇමැතිතුමා, දේශපාලකයො දන්නවා කියලත් අපි දන්නවා. හැබැයි මේ ඇඳන් සහ සියලු බඩුබාහිරාදිය සම්බන්ධව නාමල් කරුණාරත්නගේ අභියෝගයට පිළිතුරක් වශයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවෙදි රාජ්‍ය දැව සංස්ථාවෙන් භාණ්ඩ මිලදීගත්ත බවට එක්තරා බිලකුත් මේ රාජ්‍ය ඇමැතිතුමා ඉදිරිපත් කරනවා.

ඒ විදියට ගත්තම කවුද, කවුද වැරැදි කියන එක ගැන අපි දන්නෙ නෑ. කොහොම නමුත් ටෝර්ච් එකේ ඉඳලා කුඩේ ඉඳලා ජනතාවගෙ සල්ලිවලින් මිලට ගත්තු රාජ්‍ය ඇමැතිතුමියක් ගැනත් අපි ඉස්සර අහපු නිසා, අපට දැන් කවුරුත් ගැන විශ්වාස තියන්න බෑ. කොහොම නමුත් අපට අවසාන වශයෙන් ඉල්ලන්න තියෙන්නේ අද කළා හෝ නොකළා ඇමැතිතුමනි, මන්ත්‍රීතුමනි, අනේ අපේ තුට්ටු දෙක ඔබතුමාලගෙ ආතල් එකට වියදම් කරන්න එපා. මොකද අපි හරි අමාරුවෙන් තමයි කාලා ඇඳලා ජීවත් වෙන්නේ. අපි කන හැටි ළිපා දනී කියලා කියනව වගේ ඡන්දයක් ආවට පස්සේ විතරක් මතු වෙන ඔය ආදරේ පුළුවන් නම් මේ ටික කාලෙත් පරිස්සම් කරන්න. මොකද මේ කොවිඩ් අස්සේ අපි කොච්චර කල් ඉඳීද කියලා අපිවත් දන්නෙ නෑ. ඔබතුමාලා වගේ නෙවෙයි අපිට හරියට ප්‍රශ්න.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රනිල්ට දෙවන පාරටත් උසාවියෙන් තහනමක්!

Next Post

රෝහිණී මන්ත්‍රීවරිය මව්බිමේ පංචායුධයයි-බුදු බණට හීලෑ වුණු යක්කුන්වයි ‌හොයයි! (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.