තමන්ගේ සියලුම වැටුප ණය සදහා කැපී යන බවත්, ලක්ෂ 300ක ණය මුදලක් තමන් ගෙන ඇති බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා කීය.
අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේ තමන්ද ජීවත් වන්නේ බිරිදගේ වැටුපෙන් බවකි.
මෙහිදී මාධවේදීන් සීනි මිල සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී අදාළ අමාත්‍යවරුන්ගෙන් ඒ පිළිබද විමසන ලෙස පිළිතුරු දුන් ආකාරයක් දැකගත හැකි විය.