• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වතුකරය උණුසුම්! තැන්තැන්වල කම්කරුවෝ මැනේජර්ලාට පහර දීලා!

October 3, 2021
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
වතුකරය උණුසුම්! තැන්තැන්වල කම්කරුවෝ මැනේජර්ලාට පහර දීලා!
Share on WhatsAppShare on Facebook

වතු කිහිපයකම කම්කරුවන් විසින් කළමනාකරුවන්ට සහ නිලධාරීන්ට පහර දීමේ සිදුවීම් රැසක් හේතුවෙන් වතුකරය ආශ්‍රිතව මේ වනවිට උණුසුම් තත්වයක් නිර්මාණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා සඳහන් කරන්නේ වතු කම්කරුවන්ගේ මෙම හැසිරීම තමන් කිසි විටෙකත් අනුමත නොකරන බවයි.

නමුත් මෙම සිදුවීම ඇතිවීම පිළිබඳ වතු කම්කරුවන්ට දෝෂාරෝපණය එල්ල කිරීම වරදක් බව පෙන්වා දෙන මනෝ ගනේෂන් මහතා ඒ සම්බන්ධ වැඩි වගකීමක් රජයට ඇති බව ද සිහිපත් කරයි.

කම්කරුවන් විසින් වතු නිලධාරීන්ට පහර දීම හරහා පිළිබිඹු වන්නේ වතුකරය තුළ එම ජනතාව මුහුණ දෙමින් තිබෙන දැඩි පීඩනය බවද පවසන ගනේෂන් මහතා පෙන්වා දෙන්නේ ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස වතුකරයේ ජනතාව දැඩි ආර්ථික පීඩනයකින් මිරිකී සිටින බවයි.

ඉහළ යන භාණ්ඩ මිල හමුවේ ආහාරපාන පවා මිලදී ගත නොහැකි අන්ත අසරණ තැනකට ඔවුන් පත්ව ඇති බවත් මේ සම්බන්ධයෙන් රජය වගකිව යුතු බවත් ඔහු සඳහන් කරයි.

වතුකරයේ සිදුව ඇති ආර්ථික පරිහානිය මෙන්ම කෘෂි කර්මාන්තය බිඳ වැටීම හරහා වගාවන්ට සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් මෙන්ම දේශපාලනික වශයෙන් හෝ පොරොන්දු ලබාදෙමින් කම්කරුවන්ගේ වැටුප් ඉහළ නැංවීම සඳහා පියවර ගන්නා බව සඳහන් කළ මන්ත්‍රීවරයා ආණ්ඩුවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මේ වනවිට බරපතළ අවිශ්වාසයක් මතුව ඇති බව ද සඳහන් කරයි.

වතුකරයේ ජනතාව වෙනුවෙන් දියත් කරමින් තිබූ සියලු සංවර්ධන ව්‍යාපෘතීන් ද නතර කර දමා ඇති රජය ජනතාවගේ පිට වරද පටවමින් නිහඬව සිටීමේ අරමුණ කුමක්දැයි යන්න පිළිබඳ තමා පුදුමයට පත්ව ඇතැයි ද මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

වතු කම්කරුවන්ට ලබා දීමට පොරොන්දු වූ වැටුප මේ වන තෙක් නිසි පරිදි ලබා දීමට බොහෝ පාර්ශව අපොහොසත් වී ඇති බවත් එය අධිකරණයට බාර දී සියලු දෙනා නිද්‍රාශීලීව සිටින බවත් පවසන මනෝ ගනේෂන් මහතා මෙම පීඩනය වතු ජනතාවට දරාගත නොහැකි බවද සඳහන් කරයි.

පවතින පොහොර ගැටලුව ඇතුළු වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ ඇති පරිහානිය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහා මැදිහත් විය යුතු බව පවසන මනෝ ගනේෂන් මහතා අනතුරු ඇඟවීමක් ද සිදු කරයි.

ඒ මෙම ප්‍රශ්නය පාලනය කරගත නොහැකි තැනකට තල්ලු වීමෙන් ඇතිවන ගැටලු ඇති නොවන්නට පෙර වහා මැදිහත් වීමේ දැඩි අවශ්‍යතාවය ද සිහිපත් කරමිනි.

SendShareShare
Previous Post

ඉතිහාසයේ පළමු වරට රට බංකොලොත්! දැන් හැම තැනින්ම හිඟා කනවා! (VIDEO)

Next Post

ෂාරුක්ගේ පුතා කුඩුත් එක්ක මුම්බායි පොලිසියට මාට්ටු!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper