ඉස්ලාම් රාජ්‍යය සංකල්පය කඩාවැටීමත් සමග දූෂිත අයි.එස්.අයි.එස්. ක්‍රියාකාරීන් දුසිම් ගණනක් යළි ලංකාවට පැමිණ ඇති බව බ්‍රිතාන්‍යයේ ‘ද සන්’ පුවත්පත වාර්තා කර ඇත.
ශ්‍රී ලංකාවද මෙම තත්ත්වය පිළිබද අවබෝධයෙන් පසුවන බව එම පුවත්පත අනාවරණය කොට ඇත.
එමෙන්ම එම ත්‍රස්ත සංවිධානයේ නවතම සිතියම ‘ද සන්’ පුවත්පත විසින් අනාවරණය කර තිබුණු අතර ඊට අනුව ලංකාවද තවමත් ඇත්තේ එම සංවිධානයේ ක්‍රියාකාරී රටක් ලෙසටය.
පුද්ගලයින් 321 දෙනෙකු ඝාතනය වූ පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස්. සංවිධානය විසින් බාරගෙන තිබිණ.










