2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය සඳහා වෙන් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා තෝරාගන්නා ලද නම්, එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා විසින් මැතිවරණ කොමසාරිස් සමත් ශ්‍රී රත්නායක මහතා වෙත යොමුකර තිබේ. Sri Lanka Latest News
මෙවර මැතිවරණ ප්‍රතිඵල අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 18ක් හිමිවිය.
ජාතික ජන බලවේගය නම්කළ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු
බිමල් රත්නායක
ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික,
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
ආචාර්ය අනුර කරුණාතිලක
කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
මහාචාර්ය උපාලි පන්නිලගේ
රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ හිටපු පිඨාධිපති
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
එරංග උදේශ් වීරරත්න
සමාගම් ප්‍රධාන විධායක නිලධාරී, තොරතුරු තාක්ෂණ ඉංජිනේරු,
තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
අරුණ ජයසේකර
විශ්‍රාමික මේජර් ජනරාල්, ජාතික ජන බලවේගයේ විශ්‍රාමික හමුදා සාමූහිකයේ ප්‍රධානී
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම
සමාගම් අධ්‍යක්ෂ, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික
ජනිත රුවන් කොඩිතුවක්කු
නාවුක සහකාර ඉංජිනේරු,
ජාතික ජන බලවේගයේ ඉංජිනේරු සංසදයේ මෙහෙයුම් කමිටු සාමාජික
පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි
ඉංජිනේරු, ව්‍යාපෘති කළමානාකාර, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික
රාමලිංගම් චන්ද්‍රසේකර්
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ යාපනය දිස්ත්‍රික් සංවිධායක
වෛද්‍ය නජිත් ඉන්දික
සමාජ ක්‍රියාකාරී, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු
සුගත් තිලකරත්න – ඔලිම්පික් ක්‍රීඩක
නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර
ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් විධායක සභික
සුනිල් කුමාර ගමගේ
වරලත් ගණකාධිකාරී, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී,
ආර්ථික කවුන්සිල සාමාජික, ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපති
ගාමිණී රත්නායක
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වෙළඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු
මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති,
ඌව පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති
සුගත් වසන්ත ද සිල්වා
සමාජ සේවා නිලධාරී (විශ්‍රාමික), ශ්‍රී ලංකා දෘෂ්්‍යාභාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති
අබුබකර් ආදම්බාවා
දිගාමඩුල්ල මැතිවරණ කොට්ඨාශයේ අපේක්ෂක – රුහුණු විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබද විද්‍යාවේදී උපාධිධාරි, අධ්‍යාපනවේදී පශ්චාත් උපාධිදාරි, ලංකා ගුරු සේවා සංගමයේ උප ලේකම්)











