• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝක විනාශය 2025 ආරම්භ වෙනවා! පිටසක්වළ ජීවීන් මේ ලෝකෙට එනවා! යුරෝපයේ විශාල යුද්ධයක් පටන්ගන්නවා! ලෝකයම හෙල්ලෙන අනාවැකි තිතට කියපු බාබා වැංගාගේ 2025 අනාවැකි මෙන්න! Sri Lanka Latest News

November 17, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ලෝක විනාශය 2025 ආරම්භ වෙනවා! පිටසක්වළ ජීවීන් මේ ලෝකෙට එනවා! යුරෝපයේ විශාල යුද්ධයක් පටන්ගන්නවා! ලෝකයම හෙල්ලෙන අනාවැකි තිතට කියපු බාබා වැංගාගේ 2025 අනාවැකි මෙන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘වෙනත් අපි ගතකළ වසරවලට වඩා 2025 වසර කියන්නේ ඉතා විශේෂ වසරක්. මේ වසර තුළදී අපි මුහුණ දෙන සිදුවීම් ඉතා සුවිශේෂ තීරණාත්මක ඒවායි. මේවා මොනවාදැයි අපි වෙන වෙනම ගෙනහැර බලමු…’ (Sri Lanka Latest News)

● 2025 වසර තුළදී යුරෝපය තුළ විශාල යුද්ධයක් ඇතිවීමට ඉඩ ඇත. මෙහිදී රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් තමන්ගේ ආධිපත්‍යය දරන අතර, බොහෝ අර්බුදවලින් ඔහුගේ ජයග්‍රහණය තහවුරු වනු ඇත.
● සැබෑ ලෝක විනාශය 2025 වසරේදී ආරම්භ වීමට මාර්ගය සැකසෙනු ඇත. එනම් එම වසරේදී ඇරැඹෙන පෙරගමන 5079 වසර දක්වා ගතවන අතර, එතැනදී ලෝක විනාශය සම්පූර්ණයෙන්ම සිදුවනු ඇත. මනුෂ්‍යයන්ගේ පැවැත්ම මුළුමනින්ම අවසාන වනු ඇතිය.
● 2025 වසරේදී පිටසක්වළ ජීවීන්ගේ පෘථිවියේ ආගමනයක් සිදුවිය හැකිය. එසේම පෘථිවියේ ජීවීන් සමග පිටසක්වළ ජීවීන්ගේ සහසම්බන්ධයක් සිදුවීමට ඉඩ ඇත. මෙහිදී නව බලශක්ති ප්‍රභවයක් ඇතිවීමක්ද සිදුවිය හැකිය.
● ලෝකය පුරා ඉතා භයානක ජල ගැලීම්, නියඟයන් සහ ලැව්ගිනි රැසක් ඇතිවිය හැකිය. පාරිසරික විනාශයන් රැසක් සිදුවනු ඇත.
● පෘථිවියේ දියුණු රසායනාගාරවල වැඩුණු මිනිස් අවයවවල දියුණුවක් ගැන 2025 වසරේදී පුරෝකථනය කළ හැකිය. එමගින් මිනිසුන්ගේ ආයු අපේක්ෂාව ඉහළ නැංවිය හැකි අතර, මිනිස් අවයව බද්ධ කිරීමේ හිඟය පියවාගත හැකිය.
● 2025 වසරේදී ලෝකය පුරා රටවල් රැසකදී ත්‍රස්තවාදී ප්‍රහාරයන් රැසක් සිදුවනු ඇත. එහිදී ඉස්ලාමික ත්‍රස්ත බලවේග ප්‍රබල වනු ඇත.

කුමක්ද මෙලෙස ඇසෙන තිගැස්සෙන, විස්මයජනක අනාවැකි පෙළ? තව දින කිහිපයකින් ලෝකයට උදාවන 2025 වසරට අදාළව මෙසේ අනාවැකි ප්‍රකාශ කරන්නේ කවුරුන් විසින්ද? මෙම සුවිශේෂ අදහස් ප්‍රකාශ කර සිටින්නේ කාන්තාවක විසිනි. ඇය නමින් බාබා වංගා ලෙසින් හඳුන්වනු ලබයි. වත්මන් ලෝකයේ බොහෝ දෙනකු ඇය කවුදැයි හඳුනන්නේය. එසේම ඇය ගැන අසා ඇත්තේය.

උපතින් වැන්ජලියා ගුෂ්ටෙරෝවා ලෙසින් හැඳින්වූ ඇය, පසු කාලයකදී බාබා වංගා යන නාමයෙන් ලොව පුරා ප්‍රසිද්ධත්වයට පත්වූවාය. බල්ගේරියානු ජාතිකයකු වන මෙම කාන්තාව ලොව පුරා මහත් ප්‍රසිද්ධියට පත්වූයේ ගුප්ත විද්‍යාඥයෙක් සහ අනාවැකි ප්‍රකාශ කරන්නියක් ලෙසිනි. යම් ගුප්ත බලවේගයක් සහ ශක්තියක් හරහා ඇය මෙම කාරිය ඉටුකළාය. මේ හෙයින්ම බාබා වංගා 1970 ගණන්වල සහ 1980 ගණන්වල අගභාගයේදී සත්‍ය වූ අනාවැකි ගණනාවක් ප්‍රකාශ කරමින් නැගෙනහිර යුරෝපයේ පුළුල් ලෙස ප්‍රසිද්ධියට පත්වූවාය. එතැනින් ඇය මුළුමහත් ලෝකය පුරාද ප්‍රසිද්ධියට පත්වන්නට වූවාය. 1911 වසරේදී උපත ලද ඇය 1996 වසරේදී මියගියාය. ඇය මියයන විට 84 වැනි වියෙහි පසුවූවාය. තමන්ට වයස අවුරුදු 12ක් වැනි කුඩා වයසකදී ඇයගේ දෙනෙත් අන්ධභාවයට පත්වී ඇත. ඉන් පසුව ඇය මියයන තෙක්ම අන්ධ කාන්තාවක ලෙස වාසය කළාය. එලෙස කාලය ගතවත්ම බාබා වංගා තමන්ගේ මැදිවියේ සිටම යම් ගුප්ත බලවේගයක බලයෙන් පුදුමාකාර අනාවැකි ප්‍රකාශ කරන්නට වූවාය. මෙම අනාවැකි සියල්ලක්ම පොදුවේ මුළුමහත් ලෝකයටම බලපාන ආකාරයේ ඒවා විය. එසේම මෙම පුදුමාකාර අනාවැකි රැසක්ම සත්‍යයක් බවට පත්වන්නටද විය. ඇය තම අනාවැකි බොහෝ විට වසරින් වසරට අදාළව වෙන වෙනම ප්‍රකාශ කළාය. එහිදී ඇය ඉදිරි 2025 වසරටද අදාළව ඉහත දැක්වූ අනාවැකි 7ක් ප්‍රකාශ කර ඇත.
මෙලෙස 2025ට අදාළව ප්‍රකාශ කර ඇති ප්‍රධානතම අනාවැකි 7 මේ වනවිට ලෝකය පුරා මහත් ආන්දෝලනයක් ඇතිකර ඇත. මෙහිදී එක් අනාවැකියකින් ඇය ප්‍රකාශ කර සිටින්නේ රුසියාවේ වත්මන් ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් 2025 වසර තුළදී යුරෝපය තුළ තම ආධිපත්‍යය පතුරුවා ගන්නා බලගතු තත්ත්වයකට පත්වන බවය. මෙම අනාවැකිය මේ වනවිට විවිධ දේශපාලනික පාර්ශ්ව අතරෙහි මහත් කතාබහට ලක්ව ඇත්තේ එක්තරා විශේෂිත කරුණක් හේතුවෙනි. එනම් මෙයට දින කිහිපයකට පෙරදී ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වීම හේතුවෙනි. ඔහු ජනාධිපති ධුරයේ වැඩ භාරගන්නේ 2025 ජනවාරි 20 වැනිදාය. මෙහිදී වත්මන් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට වඩා හාත්පසින් වෙනස් ප්‍රතිපත්තියක් ඩොනල්ඩ් ට්‍රම්ප් අනුගමනය කරන බව බොහෝ දෙනෙක් දනිති. ඔහු ජනාධිපතිවරණයට පෙර සහ නව ජනාධිපති ලෙස පත්වීමෙන් පසුවද ලබාදුන් ප්‍රධානතම පොරොන්දුවක් වන්නේ දැනට වසර 3ක් පුරා සිදුකෙරෙන රුසියානු-යුක්රේන යුද්ධය නතර කිරීමය. මෙය අතිශයින්ම අභියෝගාත්මක පොරොන්දුවකි. එසේ වන්නේ මෙම යුද්ධයට ප්‍රධාන වශයෙන්ම පැටලී සිටින පාලකයා වන්නේ ව්ලැඩ්මීර් පුටින් වන හෙයිනි. ඔහුට එරෙහිව වත්මන් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අනෙක් පසින් පැටලී සිටින්නේ යුක්රේනයට සහාය දැක්වීමෙනි. මෙය අතිශයින්ම අර්බුදකාරී තත්ත්වයකි. එහෙත් නව ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම යුද්ධය තදබල ලෙස ප්‍රතික්ෂේප කරන අතර, මෙයට පැය කිහිපයකට පෙර ආරංචි වූයේ ඔහු රුසියානු ජනාධිපතිවරයාට දුරකතනයෙන් කතාකර මෙම අර්බුදය ගැන අදහස් හුවමාරු කරගත් බවයි. ජනාධිපතිවරුන් දෙදෙනාම මෙහිදී සුහදව අදහස් හුවමාරු කරගෙන ඇත.

මෙය ලෝක දේශපාලනයේ අතිශය සුවිශේෂ සිදුවීමක් වන අතර, ඇමෙරිකාව සහ රුසියාව යනු ප්‍රධානතම ලෝක බලවතුන් දෙදෙනකුද වෙයි. එසේම අනෙක් පසින් විරුද්ධවාදී අදහස් දරන රටවල් දෙකක් වෙයි. මෙවැනි වටපිටාවකදී මෙම ලිපියේ ඉහතින් සඳහන් කළ ලෝක ප්‍රකට අනාවැකිකාරිය වන බාබා වංගාගේ අනාවැකියට රුසියානු ජනාධිපතිවරයා යුරෝපයේ ආධිපත්‍යය පතුරුවා ගන්නේය යන ප්‍රකාශය අපගේ දෙනෙත් විවර කරවන පුවතකි. කෙසේ වෙතත් පසුගිය වසර තුනක පමණ සිට රුසියානු ජනාධිපතිවරයා ලොව පුරා කතාබහට ලක්ව සිටින්නේ කුරිරු යුක්රේන යුද්ධය හෙයිනි. ඒ අතරම ඔහු තවත් රටවල් කිහිපයක යුද්ධයන් සඳහාද ආධාර අනුබල ලබාදෙයි. එහෙත් මේ වනවිට ඔහුගේ පූර්ණ යුරෝපීය ආධිපත්‍යයක් දක්නට නැත. එහෙත් බාබා වංගා අනාවැකි කියන අයුරින් එය වෙනසකට පත්වන්නේද? එසේම එලෙස සිදුවුවහොත් නව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කුමක් සිදුකරයිද? දැන් මේ ලිපිය ලියන අතරතුරේදී ආරංචි වූයේ තවත් නවතම පුවතකි. එනම් මෙලෙස සුබවාදී බලාපොරොත්තු තිබෙන අතරවාරයේදී රුසියාව නැවත යුක්රේනයට පහර දීමය. මෙය මුලින්ම සිදුව අත්තේ යුක්රේනය විසින් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර 80ක් පමණ එල්ල කිරීම හේතුවෙනි. එයට ප්‍රතිප්‍රහාරයක් ලෙස රුසියාව ඩ්‍රෝන ප්‍රහාර 150කින් යුක්රේනයට පහර දුන්නේය. නව ඇමෙරිකානු ජනාධිපතිවරයා පත්ව දින දෙක තුනක් ඇතුළත මෙම යුද ගැටුම් නැවත උත්සන්න වී ඇත. කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලන බලය මෙතෙක් ආරම්භ වී නැති අතර, 2025 ජනවාරි 20 දක්වා පවතින්නේ ජනාධිපති ජෝ බයිඩන්ගේ බලයයි.
මෙලෙස 2025 වසරට අදාළව බොහෝ ආන්දෝලනාත්මක අනාවැකි ගණනාවක් ප්‍රකාශ කර ඇති බල්ගේරියානු ජාතික බාබා වංගා පසුගිය දශක කිහිපයක් තුළද ප්‍රකාශ කළ අනාවැකි ගණනාවක්ම සත්‍ය සිදුවීම් බවට පරිවර්තනය විය. ඒවා ඉතා සජීවී ආකාරයෙන් ලෝකය පුරා සිදුවූ ආකාරයට අපට දක්නට හැකි විය. එම අනාවැකි කිහිපයක් මෙසේය.

● දෙවැනි ලෝක මහා යුද්ධය පුරෝකථනය කිරීම සහ එමගින් සිදුවූ ජීවිත සහ දේපළ හානි ගැන සත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම.
● 1991ට පෙර සෝවියට් සංගමය බිඳවැටීම පුරෝකථනය කිරීම සහ ඒ හරහා සෝවියට් සංගමය විසුරුවා හැරීම සිදුකිරීම.
● 1986 දී රුසියාවේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීම ගැන අනාවැකි පැවැසීම. මෙය ඉතිහාසයේ දරුණුතම න්‍යෂ්ටික ව්‍යසනයයි.
● 2001 සැප්තැම්බර් 11 දින ගුවන් යානා භාවිත කරමින් ඇමෙරිකාවේ සිදුකළ මහා ත්‍රස්ත ප්‍රහාරය. විශාල යකඩ කුරුල්ලන් දෙදෙනකු ඇමෙරිකාවට පහර දෙන බව බාබා වංගා අනාවැකි ප්‍රකාශ කළාය.
● 2004 ඉන්දියන් සාගරයේ සිදුවූ විනාශකාරී සුනාමිය ගැන පුරෝකථනය කිරීම සහ එම අනාවැකිය සත්‍යයක් බවට පත්වීම.

මේ ආකාරයට මුළුමහත් ලෝකයම විස්මයට පත්කළ බාබා වංගා නමැති ගුපත් විශේෂඥවරියගේ ඉදිරි 2025 වසරේ අනාවැකි ගැන අපි දෙනෙත් හැර බලා සිටිමු.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මැරෙන්න මොහොතක් තියා මේජර් සරත් මුණසිංහගේ අත අල්ලාගෙන විජේවීර කියපු රහස් පහ! මගේ පණිවුඩය කරුණාකරලා බිරිඳට දෙන්න! Sri Lanka Latest News

Next Post

මාලිමාවෙන් පාර්ලිමේන්තු එන ලයිස්තු මන්ත්‍රීවරු 18 දෙනා මෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.