දේශපාලකයන්, වෘත්තිකයන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් ජනතාව ඉදිරියට පැමිණ අදහස් දැක්වීමේදී ජනතාවට ආදර්ශයක් වන අයුරින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් මුව ආවරණ පැළද සිටිය යුතු බව ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.
නිවේදයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ ඇතැමුන් එම උපදෙස් කඩකරමින් යූටියුබ් ෆේස්බුක් සමාජ වෙබ් අඩවිවල ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවකි.











