සංචාරකයින්ට විනෝදාස්වාදය සඳහා අනුරාධපුර හා මිහින්තලය අතර පීලී මත දුවන පැටෙල් ට්‍රොලි (Patel Trolley) හදුන්වා දීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.Sri Lanka Latest News
මෙම ව්‍යාපෘතිය ලබන මස සිටම ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි ඇතැයි දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසන්නේ.
මේ සදහා අනුරාධපුර මිහින්තලය අතර දුම්රිය මාර්ගය යොදාගැනීමට තීරණය කළේ, එම මගෙහි දුම්රිය ධාවනය කෙරෙන්නේ පොසොන් උත්සව සමයට පමණක් බැවින් යැයි හෙතෙම සදහන් කළේ ය.
පැටෙල් ට්‍රොලියක ගමන් කිරීමට මුදලක් අයකෙරන බවත් එමගින් දුම්රිය දෙපාර්තමේන්තුවට අමතර ආදායමක් ලැබෙනු ඇතැයි ද දුම්රිය සාමාන්‍යධිකාරීවරයා සඳහන් කළා.
ලොව වෙනත් රටවල ක්‍රියාත්මක මෙම ට්‍රොලි සේවය සංචාරකයන් අතර ඉමහත් සේ ජනප්‍රියයි.











