මෙවර යල් කන්නයේ වගා කර ඇති කුඹුරුවලට රසායනික පොහොර ඉල්ලා අම්බලන්තොට රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානයේ ගොවීහු පිරිසක් අම්බලන්ගොඩ – රිදියගම මාර්ග හරස් කරමින් විරෝධතාවක නිරත වූහ.
අම්බලන්තොට රිදියගම මාර්ගයේ ගමනාගමනයට පවා බාධා වන සේ ගොවීහු සිය විරෝධය සිදු කළහ.
දැනට මාස 3 ක් වන ගොයමට නිසි වේලාවට පොහොර යෙදීමට නොහැකි වුවහොත් සම්පූර්ණ වගාව විනාශ වන බව ගොවීහු කියති. -(ලංකාදීප)










