• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාමල් ගාල්ලෙන් ඩිජිටල් වැඩ පෙන්වන්න පටන් ගනී

June 14, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
නාමල් ගාල්ලෙන් ඩිජිටල් වැඩ පෙන්වන්න පටන් ගනී
Share on WhatsAppShare on Facebook

තරුණ තරුණියන්ගේ තාක්ෂණික දැනුම, නිපුණත්වය වර්ධනය කර, ඔවුන් අනාගත ලෝකය වෙනුවෙන් බලගන්වමින් මෙරට තාක්ෂණික කේෂ්ත්‍රයේ නව පිබිදීමක් ඇති කිරීම අරමුණු කරගනිමින් මෙරට ඉඳිවන ප්‍රථම නව තාක්ෂණික උද්‍යානය පිහිටුවීම පසුගියදා ගාල්ලේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ලංකාව පුරා තාක්ෂණික උද්‍යාන 05ක් ඉදි වේ.

අපේ රටේ තරුණයාගේ අනාගතය නූතනත්වය සමගින් තාක්ෂණික හා ඩිජිටල් ලෝකය වෙත විවර කර ඒ තුළ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම මෙම නව තාක්ෂණික උද්‍යාන ස්ථාපිත කිරීමේ අරමුණ වෙයි.

ඒ අනුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහය ඇතිව ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් මෙරට බිහිවන පළමු වන තාක්ෂණික උද්‍යානයේ කටයුතු ඊයේ දින ඇරඹිණි.

එහි භූමිය සකස් කිරිමේ කටයුතු කඩිනමින් නිම කර අදියරෙන් අදියර ගොඩනැගිලි ඉඳිකිරීමේ අවසන් කර මාස 03ක් ඇතුළත මෙම නව තාක්ෂණික උද්‍යානය ස්ථාපිත කිරීමට නියමිතව ඇත.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.
අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව තාක්ෂණ උද්‍යාන 05ක් අපේ රටේ ස්ථාපිත කරනවා.
ඒ තුළ ඉදිරියට මේ රටේ ආර්ථිකය ශක්තිමත් කර රැකියා උත්පාදනය මගින් විදේශ විනිමය ලංකාවට ගෙනඒමේ සැලැස්ම අපි හදලා තිබෙනවා.
අපි නිරන්තරයෙන් කතා කරන්නේ අප ලෝකයා සමග ගනුදෙනු කළ යුතු බවයි.
ඊළග පරම්පරාවට සරිලන ආකාරයේ සංවර්ධනයක් අපේ රටේ ඇති කළ යුතුයි.
මෙම තාක්ෂණ ගම්මාන 05 තුළ අපේ රටේ තරුණයාගේ අනාගතය නිවැරදි මාවතට යොමු කරනවා වගේම නූතනත්වය වෙත ගමන් කිරීමට ද ඔහුට හැකියාව ලැබෙන බව අපි විශ්වාස කරනවා.
ඉදිරි මාස කිහිපය ඇතුළත කුරුණෑගල, මහනුවර, සහ අතිගරු ජනාධිපතිතුමන් සමග සාකච්ඡා කොට උතුරු නැගෙනහිරත් මෙම නව තාක්ෂණික උද්‍යාන ස්ථාපිත කිරීමට අප කටයුතු කරනවා.

තරුණයා අපේක්ෂා කරන තාක්ෂණික හා ඩිජිටල් ලෝකය වෙත ගමන් කිරීමට ඔහුට මේ තුළ නව ආරම්භයක් සැකසෙනවා.
මෙම නව තාක්ෂණික ගම්මාන තුළ දේශීය තාක්ෂණයට හා දේශීය නව නිපැයුම්වලට ප්‍රමුඛතාවය හිමිවන අතර ජාතික හා ජාත්‍යන්තර වෙළඳපොළට ඉඩ හදන කේන්ද්‍රස්ථාන බවට මෙම නව තාක්ෂණික උද්‍යාන පත්වනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාස කරන බව ද පැවසීය.

මෙම අවස්ථාවට වැවිලි කර්මාන්‍ත අමාත්‍ය රමේෂ් පතිරණ, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක, ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල, ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමා, පළාත් ප්‍රධාන ලේකම්තුමා ඇතුළු නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වූහ.

SendShareShare
Previous Post

තෙල් මිල ඉහළ දැම්මාට සජබෙන් විශ්වාසභංගයක්!

Next Post

මාස තුනේ ගොයමට පොහොර ඉල්ලා ගොවීන් අම්බලන්ගොඩ පාර වහයි

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.